
( කුෂාන් ජයවර්ධන)
පාරිභෝගිකයකුට පහරදී තුවාල සිදු කලේ යැයි කියන සිද්දියක් සම්බන්ධයෙන් කැකිරාව නගරයේ හෝටල් කළමනාකරුවෙකු ඇතුලු තිදෙනෙකු කැකිරාව පොලිස් ස්ථානය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
කැකිරාව මහ වීදියේ පිහිටි හෝටලයක් තුළදී ඊයේ (24) සවස මෙම පහරදීම සිදුව තිබේ.
ආපන ශාලවට පැමිණි පාරිභෝගිකයකු හා එම හෝටල් කළමනාකරවරයා අතර ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පසු හෝටල් කළමනාකරු ඇතුලු සේවකයින් තිදෙනෙකු විසින් අදාළ පාරිභෝගිකයාට මෙලෙස පහර දී තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි.
පහරදීමෙන් තුවාල ලැබ සිටි පුද්ගලයා කැකිරාව පොලිසියේ නිලධාරීන් මැදිහත්ව ප්‍රතිකාර සඳහා කඩිනමින් දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.
මෙලෙස පහර කෑමෙන් තුවාල ලබා ඇත්තේ කැකිරාව තිබ්බටුවැව ප්‍රෙද්ශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාරිභෝගිකයාට පහරදුන් හොටල් කලමණාකරු ඇතුලු 3ක් අත්අඩංගුවට