ප්‍රීමා හා සෙරන්ඩිබ් සමාගම් තිරිගු පිටි කිලෝවක් වෙළෙදපොළේ රුපියල් 89කට අලෙවි කළ ද එහි උපරිම සිල්ලර මිල රුපියල් 87ක් බව පාරිභෝගික සේවා අධිකරියේ සභාපති හසිත තිලකරත්න මහතා කියයි.
ප්‍රීමා හා සෙරන්ඩිබ් ආයතනවල පිටි මිල වැඩි කළ බව දැනගන්නට ලැබුණු බවත්, ඔවුන් පිටි අලෙවි කරන මිල ගණන් විමසා ලිපි යැවූ බවත් පාරිභෝගික සේවා අධිකාරියේ ආරංචි මාර්ග සදහන් කරයි.
සමාගම් ප්‍රකාශකයන් කියනුයේ පසුගිය අයවැයෙන් පැනවූ ජාතිය ගොඩ නැගීමේ බද්ද නිසා මේ පියවර ගත් බවයි. රුපියල් 89ක් දක්වා මිල වැඩි කිරීමට හැකියාව ඇතැයි ද ඔවුහු කියති.
නමුත් පාරිභෝගික සේවා අධිකාරිය කියනුයේ 2015 මාර්තු 19 දිනැති 1906/47 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව තිරිගුපිටි කිලෝවක උපරිම මිල රුපියල් 87ක් විය යුතු බවයි.
පාරිභෝගික සේවා අධිකාරියේ අවසරයකින් තොරව රුපියල් 87ට වඩා වැඩි මිලට තිරිගු පිටි අලෙවි කළ නොහැකි බවත්, ඊට වැඩියෙන් අලෙවි කරන්නන් අත්අඩංගුවට ගන්නා බවත් එම අධිකාරිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරිභෝගික සේවා අධිකාරියට බලතල තිබේද මේ මහාපරිමාණ සමාගම් හට එරෙහිව පියවර ගන්නට..? පෙනෙන හැටියට නම් මේ කෙඳිරි ගාන්නේ මේවාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාණවත් බලතල පාරිභෝගික සේවා අධිකාරියට නැතිබව කීමට නොවේද? තවමත් පසුගිය (2015)වසරේ පාලන මිලක් ගැසට් කළ සාමාන්‍ය තේ 10/= කිරි තේ 25/= මිලටවත් දෙන්නේ නැහැ, බහුතර සාමාන්‍ය හෝටල්, ආපන ශාලාකරුවන්...! මහජනතාවද මේ පිළිබඳ එතරම් දැනුවත් නැහැ. (නි)