කොටි නායක ප්‍රභාකරන් තමන්ගේ පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බවත් ඔහුගේ බිරිඳ හා දියණිය ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය බවත් හිටපු කොටි නායකයකු හා නියෝජ්‍ය ඇමැතිවරයකුවූ කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් ඉන්දීය රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
‘පුදියතලමුරෙයි‘ රූපවාහිනී නාලිකාව සමග ඔහු මෙසේ අදහස් ප්‍රකාශ කළේය.
‘කොටි සංවිධානයේ හමුදාව භාර සේනාධිපති හැටියට මා කටයුතු කළා. නෝර්වේ සාම සාකච්ඡාවලදී ෆෙඩරල් ක්‍රමයට යෑම ගැන මම අවධාරණය කළා. ඇන්ටන් බාලසිංගම් ඒකට පොඩි බියක් දැක්වූවා. ශ්‍රී ලංකාවේ පැවැති අවසාන යුද්ධයේදී ඉන්දියාව ශ්‍රී ලංකා රජයට උදව් කළා. මා කිසි දිනක එල්ටීටීඊ සංවිධානය පාවා දුන්නේ නෑ. අවසන් යුද්ධයේදී ඔවුන් අනුගමනය කළ යුද්ධ ක්‍රමය නිසයි පරාජයට පත්වුණේ. ඔවුන් සටන්කාමීන් සියලු දෙනා එක් ස්ථානයක සටන් වැදීමට නොයොදවා ගරිල්ලා ක්‍රමය අනුගමනය කළා නම් ජයග්‍රහණය අත් කරගන්නවා පමණක් නෙමෙයි ජනතාවත් බේරා ගැනීමට හැකි වෙනවා. කොටි නායකයින් වන පුලිදේවන්, නඩේසන් යන අයට වෙඩි වැදී මැරුණා. ප්‍රභාකරන් සමග බාල පුතා බාලචන්ද්‍රන් පැන යද්දී බාලචන්ද්‍රන් අත් අඩංගුවට ගැනුණා. ප්‍රභාකරන් එවිට පිස්තෝලයෙන් ඔහුටම වෙඩි තබාගත්තා. ඇත්තටම ප්‍රභාකරන් පණ පිටින් හමුදාවට අහුවෙන්න කැමැති නෑ. ඔහු පිළිබඳව මම හොඳින් දන්නවා. මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන්වූ විගස මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව සොයා බලා ඔහුගේ පාලන සමයේ පියවර ගැනීම කළ යුතුව තිබුණා. ඔහුට එය කරගන්න බැරිවුණා. මා ඇත්ත වශයෙන්ම ගරු කරන නායකයෙක් තමයි ප්‍රභාකරන්. ඔහු විනය ගරුක අවංක පුද්ගලයෙක්. මෙය සියලු දෙනා පිළිගත යුතුයි. ප්‍රභාකරන් මිය ගිය බව සත්‍යයක් මෙය අප පිළිගත යුතුයි. මෙය හෑල්ලුවට ලක්වන පරිදි ප්‍රභාකරන් අත් අඩංගුවට ගනු ලැබුවා, පසුව මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියට ගෙන ගියා. වධහිංසා පැමිණුවා, ඉන්පසු ශ්‍රී ලංකා හමුදාව වෙඩි තබා ඝාතනය කළා කියන දේවල් සියල්ල ඔහුගේ කැපවීමට කැළලක්‘
ප්‍රභාකරන්ගේ සිරුරේ තිබූ කිසිකෙනකු නොහඳුනන සලකුණක් තමා දැන සිටි බවත් ඒ අනුව මළ සිරුර හඳුනාගත් බවත් කරුණා අම්මාන් එහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙයා ඔය කතාව කියන්න මෙච්චර කල් ගියේ?. අපි ඔයාලටද මෙච්චර කල් කොටි කිව්වේ?. (බ)
මෙතැනදී කරුණට අවශ්‍ය ප්‍රභාකරන් වීරයෙක් කරන්නද නැතිනම් හිටපු ලොක්කා ආරක්ෂා කරන්නද? (බ)
මෙම කතාවෙන් ලොක්කත් ආරක්ෂා වෙනවා ප්‍රභාකරනුත් වීරයෙක් කරලා තියෙනවා. ඔහු කියල තියෙන්නේ ගරු කරන නායකයෙක් සහ විනය ගරුක අවංක පුද්ගලයෙක් කියල. අනේ මන්ද එය අවංක කොටින්ට විතරයි (නදී)
මේ කියන්නේ බොරු (නදී)
කරුණට ඕන ප්‍රභාකරන් වීරයෙක් කරලා මහින්දවත් බේරන්න.දැන් තමයී සත්‍ය වැටහෙන්නේ .(ම)
හා හා හා කට බොරු කිව්ව්වත් දිව බොරු කියන්නේ නැහැ ....ප්‍රබා ගේ ඇඟේ කිසිවෙකු නොදන්නා සලකුණක් මෙයා දන්නවලු...හරි හරි හිතා ගන්ඩ පුළුවන් ...කැලෑවල් වල ජීවත් වෙනකොට ඔහොම වෙනවා...දුක දැනෙන එක අහන්ඩත් දෙයක්ද. (බ)
සිය දිවි නසා ගැනීම ප්‍රබාකරන් ට සුළු දෙයකි (අ)
කිසිම කොටි ත්‍රස්තවාදියෙක් විශ්වාස කල නොහැකියි. මොහු නොයෙක් අවස්ථාවට පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ කරන්නේ දඩුවම් වලින් බෙරිමටයි. කරුණා යනු මිලේච්ච ත්‍රස්තවාදියෙක්. අපේ සිංහල පවුල්, අත දරුවන්, බඩදරු අම්මල, සංඝයාවහන්සේලා, බාරවුණු පොලිස් නිලධාරීන් අමු අමුවේ කපා කොටා මරපු මිනිමරුවෙක්. මොහුව වහාම අත්අඩංගුවට රැගෙන මරණිය දඬුවම දිය යුතයි . (අ)
මේ කතා කරන්නේ මහින්ද මහත්තය තුරුල්ලට ගත්තු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිතුමා බව අමතක කරන්න පුලුවන්ද? තවම කේ පී කට අරින්න පටන් ගත්තේ නැහැ.එහෙම වුණ දාට හොඳ හොඳ දේවල් කියාවි. (අ)
කොටි සිංහයෝ අතර හන්ගිලත් හිටිය, අනේ විමල් දන්නා දේශපාලනය, තමන්ගේ ව්‍යාපාරයේ පැවැත්ම සඳහා ඒ ගොල්ලෝ එක්කෙනෙක් පරෙස්සමට තියල වගේ .පැවති ආණ්ඩුවේ ජාතික ආරක්ෂාව කොච්චරද කියනවා නම් කේ පී හා කරුණ අඳුර ගන්න බැරි වුණා නේ? 9අ)
යුද්දේ ඉවර වෙලා අවුරුදු කීයද?මේ වෙනකන් මේක මළාද? (ම)
කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන්නේ නැනේ, ඇමති කම් කලත් මෙයා තවම ඒ පැත්තේ (ම)
මේ මොන කතාවක්ද? ප්‍රභාකරන් කොහෙද වීරයෙක් වෙන්නේ? අහිංසක මිනිසුන්ගේ ජීවිත නැතිකළ මිනීමරුවෙක්. හිතුවේ නැතුව ඇති මෙහෙම වෙයි කියලා (නි)
නෑ එයා කියන දේ හරි. එහෙම නොවුණානම් අපේ රජාටයි නරක් වෙන්නේ (බ)
මට නම් තාම තේරෙන්නේ නැහැ කවුද කොටිය කියල . මැරුව , වධ දීල මැරුව, වෙඩිතියාගෙන මරුන හතර බීරි කතාවක් මේක (බ)