කුවේටයේ පවිත්‍රතා කටයුතුවල නියැලෙන ආයතනයක සේවකයන් පිරිසක් එම සමාගමට අයත් බව කියන බසයක කොටි කොඩි ගසා ගෙන කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව ප්‍රදර්ශනය කරමින් කුවේටයේ අගනුවර පුරා සැරිසැරූ බව එරට ශ්‍රී ලාංකිකයෙක් දුරකතනයෙන් එසැණට දැන්වීය.
එම බසයේ ඉදිරිපස ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් ද, පිටුපස කොටි ලාංඡනය ද දක්නට ලැබුණු බව ඔහු පවසයි.
ඒ ගැන කුවේට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට දැන්වූ විට එය පොලිසියට දැනුම් දෙන්නැයි එහි නිලධාරියකු පැවසූ බවත්, ශ්‍රී ලංකාවේ පොලිස් මූලස්ථානයට දැන්වූ විට ඒ බව ජාත්‍යන්තර පොලිසියට දන්වන ලෙස පැවසූ බවත් එම ලාංකිකයා කීවේය.
තම ජංගම දුරකතනයේ මුදලුත් අවසන් වන තුරු එහාට මෙහාට කතා කළත් වැඩක් නොවුණු බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහේ තානාපතිකම් වලට සුදුසු ආමි එකේ හිටපු නිලධාරීන් කියලයි අපි නම් කියන්නේ (නි)
මේ අය ලංකාවේ උන් නම් පුරවැසි භාවය නැති කරන්න ඕනේ මින් මතුවට ලංකාවට කකුල තියන්න බැරි වෙන්න (නදී)
මෙන්ඩිස් ඔබ හරි. (නදී)
කලබල වෙලා එහෙට මෙහෙට කෝල් කරලා වැඩක් නැහැ. පුළුවන් නම් ඕව කරන අයගේ ෆොටෝස් ටිකක් සාක්ෂි එක්කම අරගෙන ආරක්ෂක ලේකම් තුමාට එවන්න. ඔවුන් ලංකාවේ අය නම් අපහු එන දවසක රටට ඇතුල් වෙන්න කලින්ම ආපහු හරවලා යවන්න පුළුවන් වෙයි. කුවේටයේම ඊලම හදාගන්න. (නදී)
පේනවනේ ලංකාවේ උන්දලාගේ තත්වය. (ස)
ඔය වැඩේ කරපු එවුන්ගේ පින්තුරය අරන් එවන්ඩ. ආපු දෙන්කෝ ලංකාවට මෝඩයෝ ටික. (ස)
ඔබ තුමා අතිජාත අභිමානවත් පුතෙක්. (නදී)
ගණන් ගන්න එපා.දැන් ප්‍රභා කුණු කුඩේ. (ස)
සාමාන්‍ය ජනතාවට රට ගැන ඇති ආදරය හා කැක්කුම ඉහල නිලධාරීන්ට හා දේශපාලකයින්ට නොමැත. ඔවුන්ට ඇත්තේ තමන්ගේ හා පවුලේ ඉදිරි පරම්පරා වල සුඛ විහරණය පිලිබඳ වූ "පර්සනල් ටාගට්" පමණි. (ස)
කොටි සංවිධානය ලංකාවේ තහනම් සංවිධානයක් වගේම ත්‍රස්තවාදී සංවිධානයක්.එය විමුක්ති සංවිධානයක් නොවේ. මේ අයව ලංකාවට නැවත පැමිණෙන විට අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබාගෙන කටයුතු කරන්න බලධාරීන්ගේ ඇස් ඇරේවා. (ස)
කුවේටයේ නීති කඩ කරලා නම් විතරයි ප්‍රශ්නය. (ස)
නෝනිස් මහත්තයා මුළු ජීවිතේටම කොටි ගැන එක කතාවක් කරලා කලින් ඔතන ඉඳන් බිස්නස් කරපු වෙන රටවල හොරෙන් රැකියා කළ තානාපති වරුනුත් බේරාගත්තා. අනුල මොනවාද ලෝකයේ වෙන දේවල් ගැන දන්නේ? (නදී)
මෙන්ඩිස් ඔබගේ කතාව හරියටම හරි...... (ස)
එංගලන්තයේ ඉන්න ලංකාවේ තානාපතිලා වගේ අය තමයි අපට ඉන්න ඕන. හොද දක්ෂ ජනතාවට රට ගැන ඇති ආදරය හා කැක්කුම ඇති අය දාන්න ඕන. (ස)
ලංකාවේ ගඳ ගහන ප්‍රශ්නවලට අත දාල නිකන් කාලය කන්න ඒ රටවල මිනිස්සුන්ට පුරුදු නෑ. ඒකනේ එයාල එතන ඉන්නේ අපි තාමත් මෙතැන පල්වෙන්නේ. (නදී)
වේදමහත්තයෝ,එක නම් ඇත්ත ,ඒ අයගෙන් රට වෙනුවෙන් යමක් වෙනවා නම් බොහෝ අල්පයි. රටක් ගැන කැක්කුමක් නැති සුද්දන්ට ගැතිකම් කර ලංකාවේ පුරවැසි බාවය ලබාගත් කොටසක් තමා බොහෝ මැද පෙරදිග රටවල් වලට පත්කර සිටින්නේ .(නදී)
එංගලන්තයේ අගමැති අපිට හොඳට කියල ගියේ තානාපතිගේ ඇති විශිෂ්ට බව නිසා වෙන්න ඇති. මොලේ තියෙන, කැපවීමෙන් වැඩ කරන, පලපුරුදු අය මේවට දාන්න ඕන. (ස)
රට ගැන අවංක ආදර කැක්කුමකින් සේවයකරන තානාපතිවරුන් ඉන්නේ ටිකදෙනයි. ඔවුන්හට මගේ ප්‍රණාමය. වැඩිදෙනෙක් කරන්නේ පැසිපන්දු ක්‍රීඩාව.(නදී)
තමන් ජීවත්වන රටක හෝ රැකියාවක් කරන රටක සිට තමන්ගේ අදහස් අයුතු ජන රාශියකින් තොරව නිදහසේ ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අප රටේ නොමැති වූවාට වෙනත් රටවල ඇත මානව හිමිකම් යනු එයයි(නදී)
වෙනත් රටක සිදුවීමක් ඕනෑම කෙනෙකුට ඕනෑම විදියට පින්තූර ගසාගෙන යන්න පුළුවන්. අපේ නීති රටේ නැති උනත් අපේ රට ඇතුලට පමණි කුවේටයට අදාල නොවේ .පළමුව රටේ මිනිසුන් නායකන් නීති රට තුල ක්‍රියාවේ නැගිය යුතුය.(නදී)
ඔය මැද පෙරදිග සිටින තානාපති නිලදාරීන් බොහෝ දෙනෙක් ලංකාව වෙනුවෙන් කිසිම දෙයක් කරන අය නොවේ . ඔවුන්ගේ කාලය තුල උපරිමයට මුදල් සොයා ගැනීම මිසක් . (නදී)
රට ගැන කැක්කුමක් තියෙන ශ්‍රී ලාංකිකයා ගැන ආඩම්බරයි.ඔහොම තමයි තානාපති සේවාව අද කාලේ. විදේශ අමාත්‍යංශයෙන් පත් කරලා යවන නිලධාරීන් එහෙ ගිහින් කරන්නේ වෙන වෙන පෞද්ගලික වැඩපල. කුවේට් පොලිසියට කරන්න දෙයක් නැහැ. ඒ උදවිය දැනුවත් නැහැ කොටි ගැන, උන් හීනෙන් සතුටු වෙනවා ඇති ඔහොම ඇවිදිලා. උන් දන්නේ නැතුව ඇති අනුන්ගේ කුණු බක්කි වැසිකිලි අදින්න අද සිද්ධ උනේ උන්ගේ මහ ලොකු කොටි හින්ද කියලා. ඉගෙනීමක් ලබන්න පුළුවන් කමක් තිබ්බ නම් අද ඔහොම ඉන්නවද, (ස)
කොටි සංවිධානය මේ තරම් පිට රටවල ව්‍යාප්ත වෙන්න එක හේතුවක් තමඊ අපේ දුර්වල තානාපති සේවය. මෙහි මුල්තැන දෙන්නේ සුදුසුකම් සහ පලපුරුද්ද මත නොව දේසපාලන හැදුනුම මත සහ නෑ හිතවත් කම් උඩය. එම නිසා මෙහි නිතර මුල්තැන ගන්නේ වැඩ බැරි මිනිස්සුය . රටේ බදු ගෙවන ජනතාව කර ගහන්නේ අනුන්ගේ පවු වලටය.(නදී)
ඉතින් අපේ මොකෝ...මං හිතන්නේ ළඟදීම කුවේට් වලින් කෑල්ලක් ඉල්ලන්න වෙන්න ඇති ලෑස්තිය...මරේ මරු..... (ස)
කුවේටයේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්නේ මෙහි වැඩ කරන ශ්‍රමිකයන් වැරදි වැඩක් කලොත් විතරයි..ශ්‍රමිකයන්ට සාධාරණයක් මේ කුවේටයේ කිසිම දවසක වෙලා නැහැ....!මමත් ඉන්නේ කුවේටයේ තමයි...! (ස)
ඔහේ පලයන් මාටියා,.කැමරන් නවත්වන්න තානාපති කෙනෙකුට පුලුවන්ද?.......ගොන් කතා (ස)
මහත්තයා ඔබ තුමා වාහනේ අංකය ලබා ගත්තා නම් ඵල කරන්න. පේනවා නේද නිලධාරී නරියන්ගේ හැටි (නදී)
ත්‍රස්තවාදියාට නිදහසේ පිටරට වලදී සංවිධානය වීමට ඉඩනොදිය යුතුයි. මෙවැනි දේවල් සංවිධානය කිරීමට පළපුරුදු විෂය පිළිබඳ දැනුමක් ඇති නිලධාරීන් වුවමනාය. (නි)
ඔය ආයතන වල ගොඩක් වැඩ කරන්නේ ඉන්දියාවේ අය සමහර විට ඒ දෙමල අය මේක කරනවද දැන් නැ. ටිකක් මේ විදියටවත් දැන ගැනීමකින් තානාපතිතුමා යම්කිසි ක්‍රියා මාර්ගයක් ගන්න කටයුතු කරාවී නේද ?? (ස)
ඔය ආයතන වල ගොඩක් වැඩ කරන්නේ ඉන්දියාවේ අය. සමහර විට ඒ දෙමළ අය මේක කරනවද දන්නේ නැහැ. ටිකක් මේ විදියටවත් දැන ගැනීමකින් තානාපතිතුමා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න කටයුතු කරාවී නේද .(නදී)
ලුම්බිණි නිවැරදි, මාටින් පහුගිය දිනවල කොහෙද හිටියේ.(දිල්)
මෙයා කරන්න ඕන කාරිය නෙමෙයි නේ කරලා තියෙන්නේ ... අරාබියේ නම් ඉස්සෙල්ලම කෝල් කරන්න ඕන අරාබි පොලිසියට නේ ...අපරාදේ නිකන් කෝල් වලට සල්ලි වියදම් කලේ ..තානාපති කාර්යාලයටයි , ශ්‍රී ලංකා පොලිසියටයි අරාබියේ පොලිස් බලතල තියෙනවා කියල හිතපු එක මොන මෝඩකමක්ද?(දිල්)
මොකටද මේ වගේ තානාපති නිලධාරීන්...(නදී)