කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විසි දහසකට පමණ රැකියා නොමැති බව හා ඉන් අධ්‍යාපනයක් ලබා ඇත්තේ 4000ක් පමණ බව කිලිනොච්චි දිසාපති දැනුම් දුන්නේ යැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා පැවසීය.
ඔහු මේ බව කීවේ වව්නියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ පැවැදි රැස්වීමක දී ය.
යුද සමයේ එල්ටීටීඊ සංවිධානය තරුණ තරුණියන්ට අධ්‍යාපනය ලබා ගැනීමට ඉඩ නුදුන් නිසා මේ තත්ත්වය ඇති වී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අනිත් පළාත් වලටත් රැකියා නැති එකේ කිලිනොච්චියේ විතරක් විශේෂත්වය මොකක්ද? (නි)
අපේ අගමැතිතුමාගේ රැකියා දශලක්ෂය තිබෙනතුරු මොනවටද බයවෙන්නේ? (නි)
මේවා රජයේ වගකීම් (නි)
කිලිනොච්චියේ විතරද රැකියා ප්‍රශ්නය තියෙන්නේ? (නි)
අනෙක් පලාත්වල දිසාපතිවරුත් රැකියා නොමැති අයගේ ප්‍රමාණය ඉදිරිපත් කළානම් නේද හොද? (බ)
මේ දිනවල කෘෂිකර්මාන්ත කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන අවදියක මෙවැනි රැකියාවිරහිත පිරිස් එක්රැස්කොට මේ පිළිබඳව අවබෝධයක් ලබාදී මේ කෘෂි ව්‍යාපෘතිය දියුණුකරලීමට මේ පිරිසගේ ශ්‍රමය දායක කරගන්න උනන්දු වෙනවා නම් එක පැත්තකින් රැකියා ප්‍රශ්නයත් අවම වේවි. (නි)
මගේ අත්දැකීම් අනුව නම් අපිට හරිම අපහසුයි පුහුණු/නුපුහුණු කෙනෙක් සොයාගන්න. අපේ ආයතනයට ඔය කියන අය අතර වැඩක් කරන්න හරියට කැමති අය ඉන්නවා නම් අපි ළඟ රැකියාවන් තියෙනවා. තුන් වේල කන්න දීලා, ඉන්න දීලා හොඳ යතුරුපැදියක් සහ පුහුණුවක් සමඟ. (නි)
මේක මොකක්ද? රැකියා දශලක්ෂයක්ම තියෙන්නේ. (නි)
දැන් ඉන්න ටී.එන්.ඒ. වුණත් කරන්නේ ඔවුන්ට විස පොවන එක තමයි. අන්න උතුරේ තියෙන ගාමන්ට් වල ඉන්න සිංහල අයටත් යන්න කියනවා කියලා ආරංචියක් ආවා (නි)
හැම දිස්ත්‍රික්කයම රැකිය නැති අය ගණන් අරන්, අගමැතිගේ රැකියා දසලක්ෂයට හා සජිත්ගේ රැකියාදීමට සම්බන්ධ කළොත් නරකද? (නි)
සජිත් ප්‍රේමදාස ළගට යවන්න (බ)
කිව්වා වගේ කෘෂිකර්ම විශේෂ පුහුණුවක් දීල ඒ කර්මාන්තය දියුණු කරන්න පුළුවන්නේ (අ)
උස අය එක ගොඩකටත් මිටි අය තව ගොඩකටත් දාල අහවල් ඇමති තුමාට දුන්නනම් රැකියා ප්‍රශ්නේ ඉවරයි. හැබැයි අපේ පක්ෂෙට වැඩ කරපු අය වෙන්ඩ ඕනේ. (අ)
ඔහොම තියාගෙනද එට්කා ගිවිසුම් ගහලා තව ඉන්දියාවෙන් බීඩියටයි බත් පැකට් එකටයි වැඩකරන්න මිනිස්සු ගෙන එන්න හදන්නේ. (නි)