නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේදී අයර්ලන්තය ලකුණු 15-6 ක් ලෙස ප‍්‍රබල  ඕස්ටේ‍්‍රලියානු පිල පරාජය කිරීමට සමත් විය.  ඕස්ටේ‍්‍රලියානු පිල මෙවර තරගාවලියේ ශූරතාව දිනාගනු ඇතැයි හැදින්වෙන කණ්ඩායම් කීපයෙන් එකක් වීම කැපී පෙනේ. ඕක්ලන්ඞ්හිදී පැවැති මෙම තරගයේදී අයර්ලන්තය දඩුවම් පහර හතරකින් සහ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු ලැබීය.  ඕස්ටේ‍්‍රලියාවට දඩුවම් පහර දෙකකින් ලකුණු එකතු විය. තරග ප‍්‍රතිඵල

  • වේල්සය විසින් (17-10) සැමෝවා පරාජය කරන ලදී.
  • එංගලන්තය විසින් (41-10) ජෝජියාව පරාජය කරන ලදී.
  • ප‍්‍රංශය විසින් (46-19) කැනඩාව පරාජය කරන ලදී.
  • ආජන්ටිනාව විසින් (43-8) රුමේනියාව පරාජය කරන ලදී.
  • අයර්ලන්තය විසින් (15-6)  ඕස්ටේ‍්‍රලියාව පරාජය කරන ලදී.
  • දකුණු අප‍්‍රිකාව විසින් (43-3) ෆීජි පරාජය කරන ලදී.
 ඡායාරූපය: ප‍්‍රංශය සහ කැනඩාව අතර අද පැවැති තරගයේ උණුසුම් අවස්ථාවක්