හොරණ බොරළුගොඩ ආයෝජන කලාපයේ පිරිපහදු ජලය එකතු කරන වැවේ මසුන් තිස් දහසක් පමණ හිටි ගමන් මිය යාම සම්බන්ධයෙන් ආයතන කිහිපයක් හා එක්ව පරීක්ෂණයක් ඇරඹූ බව ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.
මෙම සිද්ධිය වාර්තාවීමත් සමගම ආයෝජන කලාප නිලධරයන් ජල සම්පාදන නිලධරයන් හා රජයේ රස පරීක්ෂකයන්ද කැඳවා ජල සාම්පල ගත් බව සෞඛ්‍ය නිලධරයෝ පවසති.
කර්මාන්තශාලා වලින් ජලය මෙම වැවට බැහැර කිරීම තාවකාලිකව බැහැර කළ බවද සෞඛ්‍ය නිලධරයෝ කියති.
ඡායාරූප - විදුර විජයන්ත



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කර්මාන්ත ශාලා හිමියන්ගේ වියදමින් වැවේ විෂ නැතිකිරීමට ක්‍රියා කළයුතුයි. මොවුන්ට ලාබ ගන්න මිනිස්සු දුක් විඳින්න ඕනෑ නැහැ. (නි)
ජාතික අපරාධයක්.(හේ)
කර්මාන්ත ශාලා වලින් එන අපද්‍රව්‍ය වැවට යොමු කිරීම තාවකාලිකව නවත්වා ඇත. අම්මපා! දැන්ද තේරුනේ? ඇයි තාවකාලිකව? මේ වැරදි වැඩේ දිගින් දිගටම සිදුවූ බව නේද වැටහෙන්නේ. (නි)
ආයෝජන මණ්ඩලය නිදිද? (ම)
මාළු 30000 ම මැරුනා නම් දැන් තියෙන්නේ ඕක කුණු වැවක් කරලා ඒ කර්මාන්තශාලා වලටම සින්නක්කර ලියලා දෙන එකයි (නි)
දැන් ඉතින් වැව් මාළු කන අය පරිස්සම් වුණොත් හොඳයි, මොකද ලංකාවේ දැන් තියන තත්ත්වය අනුව මේ මාළුත් මාර්කට් එකට එන්න පුළුවන් නිසා (ම)