ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශිෂ්ටතම නිලධරයකු වූ ජයම්පති හෙට්ටිආරච්චි (69) අභාවප්‍රාප්ත විය.

වසර 33ක සේවයකට හිමිකම් කියන ඔහු අනුරාධපුර සහ කළුතර මහ දිසාපති ලෙස කටයුතු කළේය. ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් ආයතන අධ්‍යක්ෂ ජනරාල් හා කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශ ලේකම් පදවිය ද හෙබවූ හෙට්ටිආරච්චි මහතා සිව්දරු පියෙකි. ඒ මහතා ජනප්‍රිය රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි ගේ සොහොයුරා ද වේ.

2006 දී විශ්‍රාම ගිය ඔහු කොළඹ නාලන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. දේහය නාවල කොස්වත්ත පාරේ අංක 162/1 නිවසේ (ඔපියුලන්ට් කේටර්ස් ආයතනය සමීපයේ) තැන්පත් කර ඇත.

නාවල පොදු සුසාන භූමියේදී බදාදා (26) අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.