කඩිමුඩියේ සම්මත කරගත් පරිපුරක ඇස්තමේන්තුව නීතිගත කළහොත් කතානායකවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන බවත් වැරදි ගණන් එකතුකර පාර්ලිමේන්තු සම්ප්‍රදාය හෑල්ලුවට ලක් කළැයි මහලේකම්වරයා සිය ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බවත් එකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ අද (06) පැවැති හමුවක දී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිට වසර කිහිපයකට කලිනුත් මේ සිංහයෝ ටික පැවතුනු රජයේ දුෂිත ක්‍රියාවන්ට විරුද්ධව සිංහ නද කල නම් මේරට අද කොතනද, (හේ)
2009 ට පෙර කොටි උසාවියටත් යන්න තිබුනා (හේ)
උපාලි මහතාට නම් පෙනෙන්නේ යුද්ධය පමනක් වුවත් එදා සිදුවූ මහා සංවර්ධනය නොපෙනීම කනගාටුවට කරුනක්. නීතිය එදා පමණක් නොව අදත් වල් වැදී ඇති බව නොපෙනේද? කවුරුන් හෝ වරදක් කර ඇත්නම් එය සනාථ කොට දඩුවම් කලයුතුයි. (හේ)
මැතිතුමනි, ඔබ අතීතයට ගොස් ඔබගේ ශ්‍රේෂ්ඨ පියා පිලිප් ගුණවර්ධන මැතිතුමා පක්ෂය වෙනස්කර ජනතාවට පැවසු ශ්‍රේෂ්ඨ වදන් පෙළ මතකයට ගන්න. ඔබ අනගිභවනීය දේශපාලක බුද්ධිමතෙක් වී ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයෙක් වෙන්න මගේ රටට (නි)
ඡන්දය වැරදියට ගණන් කිරීම පිළිබඳව පැමිණිල්ල තමයි මෙතුමලා කරන්නේ. ගිය රජය කාලේ මෙවැනි ගණයේ හොරකම් පාර්ලිමේන්තුවේ අපි නම් ඇහුවේ නැහැ. පක්ෂ බේදයෙන් තොරව මෙයට විරුද්ධ වෙන්න. නැත්නම් ඊළඟ රජයත් මෙවැනි වැරදි කරයි. (නි)
කොහොමද දැන් ඉස්සර වගේද විරුද්ද පක්ෂේ බොහොම සක්තිමත් අපේ සතුට ජය වේවා.! (ර)
අපිට නම් දැන් මේ වගේ කතා අහලා එපාවෙලා (නි)
ජයරත්න මහතාට අනුව එදා ඇතිවුන මහා සංවර්ධනයේ ප්‍රථිපල අපි අද බුක්ති විඳිමින් සිටින්නෙමු. ක්‍රි.ව. 1948 සිටම දැවැන්ත සංවර්ධනය නිසා රටේ ධනපති කොටසක් වගේම පවුල් කිහිපයක මහා සංවර්ධනයක් නම් කාටත් දකින්නට ඇත. ඔය කව්රුත් කෑගහන්නේ "එදා වේල" සොයා ගැනීමටය. තව දුරටත් ජනතාවද "එදා වේල" පසුපස යමුද? (ර)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
මට නම් මේවා දකිනකොට අහනකොට නිකන්ම හිනායනවා. (නි)
උසාවි යායුතු තැන උසාවි යන්න. අපි ඒ ගැන සතුටු වෙමු. මෙතුමන්ලාගේ කාලයේ කොපමණ උසාවි යන්න තිබෙන්නට ඇද්ද යන්න අපට තේරෙන්නේ මේ කාලයේදීය. ඉස්සර වගේ "එසේය මහරජ" නොකියා, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස කාට හෝ පින්සිදුවෙන්න භුක්ති විඳින්න. (නි)
එදා සිදුවූ මහා සංවර්ධනය? ආදායමක් නැති වරාය, මත්තල, කොමිස් රජ පවුලට, පොළියත් සමග ණය අපිට... (නි)
මේ අදහස් දාලා තියන සමහර මිනිස්සු ගැන නම් පුදුමයි. මේ මිනිස්සු කියන්නේ මිලියන 55 වියදම් ඇස්තමේන්තුවක් ආණ්ඩුව වැරදි විදියට අනුමත වුණා කියලා ගත්තොත් ඒකට විරුද්ධව කටයුතු කරනවා කියන එකයි. මිනිසුනේ, මේ උඹලා අපේ සල්ලි! (නි)
සමහරුන්ගේ නම් බල තණ්හාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය සහ වෛරය දැන් උච්චතම අවස්ථාවට ඇවිල්ලා (නි)
අනේ ඕවා කළාට වැඩක් නැහැ. මොනවාහරි කරලා ආණ්ඩු බලය බිඳින්න දෙයක් කරන්නකෝ. මේ ආණ්ඩුව කරන වැඩකුත් නැහැ. කියවිල්ල විතරයි (නි)
අපොයි, මේ රට ජාතියට තියන ආදරය හින්දනේ. මොවුන්ගේ එකම අරමුණ මොකක්ද කියලා අපි දන්නවා (නි)
රටේ දුෂණ අඩුවෙනකොට වෙන වෙන ප්‍රශ්න වැඩිවෙනවා (නි)
වින්සන්ට් මහතාණෙනි, ඔබගේ අදහස් ගැන පුදුමයි. සියලු ශ්‍රී ලාංකිකයන් අද ප්‍රජාතන්ත්‍රවාදී නිදහස භුක්ති විඳින්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පින්සිදුවන්නට බව අමතකද? අභූත චෝදනා නොකර, වරදක් කර අැත්නම් සනාථ කළයුතුයි. පුවත්පතක් ලෙස ලංකාදීප පුවත්පත මධ්‍යස්ථව සියලු පාර්ශවයන්ගේ අදහස් වලට අවස්ථාව දීම ගැන සතුටුයි (නි)
කෝ විපක්ෂ නායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක දෙපළ? (නි)
දැන් උසාවි යන එකත් විලාසිතාවක් වගේ වෙලානේ (නි)
සියල්ලටම කලින් සමහරුන්ට හොඳ ගමේ පාසලක බුද්ධිමත් ගුරුවරයෙක් යටතේ අධ්‍යාපනය ලබාදුන්නොත් හොඳයි කියලා හිතෙනවා (නි)
වින්සන්ට්, ඔබ හරි. ජයරත්න මහතාට පෙනෙන්නෙ යුද්ධය විතරයි. ඉන්පස්සේ රටේ නීතිය වල්වැදුණු එක, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට පවුල් වාදයක් ගොඩනැඟුනු එක නොපෙනීම කණගාටුවට කරුණක්. හොඳ දේ හොඳයි, නමුත් වරද වරදමයි. අපි පුරවැසියො වෙමු, වන්දිභට්ටයෝ නොවෙමු. (නි)
පාර්ලිමන්ට් ජෝක්ස් අපි දැන් නරඹනවා (නි)
සමහරු බලයෙන් මත්වෙලා ඉඳලා දැන් පිස්සු වගෙයි (නි)
මේක බොහොම හොඳ වැඩක්. අපි මීට කලින් දැනගෙන හිටියේ පාර්ලිමේන්තුව උත්තරීතරයි කියලා. හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතා ඒ ගැන විශිෂ්ට තීන්දුවක් දී තිබුනා. මේ කට්ටිය ඒක නොදැන ඉන්න විදිහක් නැහැනේ. බලමුකො මොකද වෙන්නේ කියලා. (නි)
සමහර අයට කවදාවත් වහල් බවින් මිදෙන්න ආසාවක් නෑ (හේ)
දැන්නම් යම් ප්‍රතිඵලයක් තිබෙයි වගේ (නි)
පාර්ලිමේන්තුවේත් ඡන්ද හරියට ගණන් නොකරනවා නම් එතන ප්‍රජාතන්ත්‍රවාදයක් කොයින්ද? (නි)