2015 වසරේ අන්‍යයන්ට උපකාර කිරීමේ ලෝක දර්ශකයේ 8 වැනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
බ්‍රිතාන්‍යයේ සහන සේවා ආයතනයක් විසින් රටවල් 145ක් යොදා ගනිමින් වාර්ෂිකව සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවට 08 වැනි ස්ථානයට පත්ව ඇත. මෙම දර්ශකයේ පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 9 වැනි ස්ථානයයි.
උපකාර අවශ්‍ය පුද්ගලයින් සඳහා මුදල් පරිත්‍යාග කිරීම්, ස්වෙච්ඡා සේවාවන් ලබාදීම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් අදාළ දර්ශකය සකස් කර ඇත. ඒ අනුව අන්‍යයන්ට උපකාර කිරීමේ දර්ශකයේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ මියන්මාරය යි.
දෙවන ස්ථානයට ඇමරිකාව පත්ව ඇති අතර තෙවැනි ස්ථානය හිමිව ඇත්තේ නවසීලන්තයටයිත අසල්වැසි ඉන්දියාව අන්‍යයන්ට උපකාර කිරීමේ දර්ශකයේ 106 වන ස්ථානයටත්, පාකිස්ථානය 94 වන ස්ථානයටත්, ඇෆ්ගනිස්ථානය 84 වන ස්ථානයටත් පත්ව ඇති බව සඳහන්ය.
ලොව ආර්ථික බලවතුන් ලෙස සැලකෙන “ජී - 20“ රටවල් අතරින් අන්‍යයන්ට උපකාර කිරීමේ දර්ශකයේ පළමු 20 අතරට පැමිණ ඇත්තේ රටවල් 5ක් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියන්මාරය ශ්‍රී ලංකාව වගේ රටවල අන්‍යයන්ට උපකාර කිරීම, දන්දීම බෞද්ධ දර්ශනයෙන්ම එන දෙයක්.. ලෝක සනසන දහමක අගය ලොවට දැනෙන දින වැඩි ඈතක නොවේ.. (බ)
ගුණ ධර්ම,හැදියාව, චර්යාව වනිදෙවල් වලින් එදත් අපි උසස් තැනක සිටි බව කවුරුත් දන්නා කරුණක්.ඒවගේම 1970 දශකයේ මුල සිට රටේ ඇතිවුනදේශපාලනික, සමාජ විප්ලව,ආර්ථික පසුබෑම,වැනිදෙවල් වලින් පිඩාවට පත්වුන රටේ ගුණවත් බව , ඊටත් පසුව ඇති කළ දේශපාලනික හා සමාජ පරිවර්තන,ආර්ථිකය විවෘතකිරිම, වැනි දෙවල් වල ප්‍රතිඵලයක් ලෙස නැත්තටම නැති වෙලා ගියා...යලි පිබිදීමක් වුණොත් ..වාසනාවක්. (අ)
දුන්නොත් දානේ ලැබෙයි නිධානේ.. අපේ රට 1වෙනි නොවුන එක තමයි පුදුමේ. බෙදාගැනීම අතින් අපි ගොඩක් ඉහල තැනක ඉන්නවා. එක අපේ ශිෂ්ටාචාරයත් එක්ක බැඳුන උතුම් ගුණයක්. (අ)
මට නම් මේක විශ්වාස කරන්නත් අමාරුයි (නි)
ඉන්දියන් කාරයෝ ගැන නම් කතා කරන්න එපා. මල පෙරේතයෝ. පුළුවන් තරම් ඈත් කරන්න .(අ)
ප්‍රියන්ත ඔබේ කටේ මසුරන් නොව මැණික් ගල් දමන්න ඕනේ කියපු කතාවට. (බ)
ආඩම්බරයි ලක්පොලොවේ ඉපදීම (බ)
හදිසි,විපතක් මරණයක් කරදරයක් වුණ වෙලාවට ගම්වල හැමෝම එකතුවෙලා කරන කැපවීම අතිවිශිෂ්ටයි. (නි)
ඉන්දියන් අය ගැන නම් කතා කරන්න එපා. බෞද්ධාගමික සංකල්ප වලින් පෝෂිත හෙළයන්ගේ දානය ලොව කිසිවෙකුට සමකළ නොහැකිය. (නි)
මට තව සිද්දියක් මතක්වුනා මියන්මාරය ගැන කියද්දී. මම හිතනවා ඔයගොල්ලන්ටත් අමතක නැහැ කියලා. ටික කලකට ඉස්සර අපිට පරිභෝජනය කරන " සහල් " වලින් ප්‍රශ්නයක් තිබුනා. රටේ සහල් සංචිතය ඒ වසරට අවශ්‍ය ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් අඩුවුනා බලාපොරොත්තු නොවූ නියඟයක් නිසා. රජය ලෝකයේ සහල් නිෂ්පාදනය කරන හැම රටකින්ම සහල් ඉල්ලා සිටියා. ඔය හිතවත් මිත්‍රයෝ එකෙක්වත් අපිට සහල් දුන්නේ නැහැ. එක එක හේතු කිවුවා. අපිට සහල් දෙන්න ඉදිරිපත්වුන එකම රට " මියන්මාරයයි". ඒකම නේද පරෝපකාරය කියන්නේ. (ර)
ඒ වගේම අනුන්ගේ දේ කඩාවඩා ගැනීම අතින් බැලුවොත් අපි ඉන්නේ කොහේද? (නි)
මේකේ අරාබියට තැනක් ඇත්තෙම නැද්ද? (නි)
එතකොට ඇමරිකාව? (නි)
කට්ටිය හිතාගෙන හිටියේ ලංකාවේ විතරයි හොඳ මිනිස්සු ඉන්නේ කියලා. දැන් තේරෙනවා ඇතිනේ, බොරුවට උදම් ඇනුවට ලංකාවට වැඩිය හොඳ මිනිස්සු ලෝකේ අනිත් රටවල ඉන්නවා කියලා. (නි)
මෙය වැඩි දියුණු කරගෙන ලෝකයේ පළමු ස්ථානයට එන්න හැමෝම අදිටන් කර ගනිමු (ම)
මොකෝ ඇසළට අරාබිය මතක් වුනේ ? මියන්මාරය මිනීමැරුම් වලිනුත් අංක 1 වෙන්න අැති...(බ)
ඉන්දියාවට ආවඩන අයට හොඳ ආරංචියක්. (නි)
අපේ ලංකාව මොනතරම් ගුණධර්ම අතින් පොහොසත්ද? (නි)
බෞද්ධාගමික සංකල්ප වලින් පෝෂිත හෙළයන්ගේ දානය ලොව කිසිවෙකුට සම කළ නොහැකිය. නමුත් මෙයට හාත්පසින් පටහැනිවු හොරාකෑම ප්‍රචලිත වූ පසුගිය වකවානුවේ ලංකාවේ සමාජ ගුණධර්ම බෙහෙවින් පිරිහුණි. (නි)
පරෝපකාරය ශ්‍රිලංකාවේ අනන්‍යතාවයයි. එය ලෙය හා බැඳුනු දෙයක් (බ)