රාගම දුම්රිය ස්ථානයේ ඇති වූ නොසන්සුන්තාවක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාද වූ බව රාගම දුම්රිය ස්ථානයේ ආරංචි මාර්ග කියයි.

කොළඹ සිට රඹුක්කන දක්වා ගිය මන්දගාමී දුම්රියක් රාගම දුම්රිය ස්ථානයේ විනාඩි විස්සක් පමණ නවත්වා තැබීම නිසා මගීහු පිරිසක් නොසන්සුන් වූහ. පිරිසක් රියදුරුට පහර දීමට උත්සාහ කළ බව සිද්ධිය ඇසින් දුටුවෝ කීහ.

රියදුරු බීමතින් සිටියේයැයි මීගීන් චෝදනා කළ අතර පොලිසිය කීවේ ඔහු බීමතින් නොසිටි බව පරීක්ෂණවලින් අනාවරණය වූ බවයි.

රියදුරුට සීනි වැඩි වී අසනීප තත්ත්වයෙන් පසු වූ නිසා දුම්රිය ධාවනය ප්‍රමාද වී ඇති බවත්, රියදුරු ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයකුට යොමු කළ බවත් පොලිසිය කියයි.