බංකොලොත් බවින් ද, බේබදු නියමුවන් ගැන චෝදනා ද වැඩ සෙමින් සෙමින් කිරීමේ ප්‍රශ්න ද ඇතුළු ‘අන්තෝජටා බහි ජටා‘ ප්‍රශ්න රැසකට මුහුණ පා සිටියත් යොවුන් මදයේ අඩුවක් නැති ගුවන් නැවියනට ඒ සියලු විපත් අමතක වී ඇති සැටියකි.
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන, ශ්‍රී ලංකන් පාරාදීසයේ පහස දෙතියි ගනුදෙනුකරුවෝ සිතති. මේ කතාව රාගයෙන් කුල්මත් වූ තරුණ ගුවන් නැවියකු හා ඔහුගේ මිතුරිය ගැනයි. ඇය ද ඔහු සමඟ ගුවන් ගත වී දිව්‍යමය පහස හා අත්දැකීම් ලබතියි කියති.
ඔහුගේ කෙල්ල සමඟ අශෝබන මෙවුන්දම් සටන වීඩියෝ ගත කළාලු. එම ක්‍රියාවලියට කාමුක දර්ශන පමණක් නොව තවත් දේවලුත් තිබුණාලු. ඔවුන්ගේ මුහුණු, කෙඳිරිලිත්, ගෙරවිලිත් පමණක් නොව නිල ඇඳුමේ කොටසකුත් වීඩියෝවේ කොටසක් වුණාලු. තරුණ නියමුවාගේ යම යුද්ධය පටන් ගත්තේ ඉන් පසුවලු. ඔහුගේ කෙල්ලට තහංචියක් දැමීමත් සමගලු. නියමුවාගේ මිතුරකු සමඟ තවදුරටත් ඇයි හොඳයිකම් තිබ්බොත් කුඩු කෑ විත්තිය එළියට දමන බවට තර්ජනය කළාලු. කෙල්ල ඔහුගේ අණ තුට්ටුවකට ගණන් ගත්තේ නැතිලු. ඒ සමඟම ඔහුගේ සගයාගේ ජංගම දුරකතනයට ‘කුඩුකෑ කතාවේ‘ වීඩියෝවක් ලැබුණාලු. ඉන්පස්සේ වීඩියෝව ඔහුගේ චපල සගයා දිගට හරහට බෙදා හැරියාලු.
මේ වීඩියෝව හැදූ නියමුවාට දැන් එය භූමරංගයක් වී ඔහු පස්සෙන් පන්නනවාලු. ඔහු කෙළින්ම ලොක්කා ළඟට දිව්වාලු. ඔහුගේ වාසනාව එතැන තිබුණාලු. ලොක්කා ඔහුගේ මිතුරෙක්ලු. ඔය ප්රශ්නය අමතක කර දමන්නැයි උපදෙස් ලැබුණාලු. එය පෞද්ගලික ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් මිස අපේ සමාගමේ ප්‍රශ්නයක් නොවන බවට ඔහු තීන්දු කළාලු. ඒත් ඒ හුටපටය එතැනින් අවසන් නැතිලු. වෙනත් පෙරමුණකින් ප්රශ්නය කැකෑරෙනවාලු. එය බලවත් පෙරමුණක්ලු. ඒ ඔහුගේ ගෙදරින්ලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කළත් කමක් නැහැ අහුවෙන්නේ නැතුව.. (නි)
ඔයින් මෙයින් වෙන්නේ අපේ රටේ ජනතාවගේ සුභසාධනය සඳහා මුදල් ලැබෙන ආයතනයක් අපිම නැතිකර ගැනීමයි (නි)
කරුණාකර මේ සමගම විකුණා දමන්න. අර අවුරුදු පතා දෙන රුපියල් කෝටි ගණනක මුදලින් ලංගමට බස් ටිකක් අරන් දෙන්න. එතකොට ජනතාවට මිටවඩා සේවයක් වේවි (නි)
90 මැද කාලෙ මම විදේශ රටක හෝටලයක වැඩ කළා. මම හොඳටම දන්නවා මේගොල්ලො මේ වාගෙ දේවල් කරනවා (නි)
මෙවැනි දේවල් සිදුවීම නීති මගින් වැළක්විය නොහැක.(හේ)