පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මේ වසරේ උපාධි ප්‍රධානෝත්සවය කුලපති මහාචාර්ය ඊ ඩබ්ලිව් ඈපාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාලයයේ ගෘහස්ත ක්‍රිඩාගාරයේදී අධියර දෙකක් යටතේ පෙරේදා (28) පැවැත්විණි.
පීඨ අටක උපාධිධරයෝ තුන්දහස් හත්සිය දා හතර දෙනෙක් උපාධි ලදහ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න උපාධි ප්‍රධානෝත්සවයේ සභාපති මහාචාර්ය ඒ එම් නවරත්න බණ්ඩා පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ලේඛකාධිකාරී ආචාර්ය නිශ්ශංක ජයවර්ධන ඇතුළු පීඨ අටේ පිඨාධිපතිවරුන් මෙම අවස්ථාවට සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාධිය ගත්තාට විතරක් රැකියා ලැබෙන්නේ නැහැ. බහුතරයක් උපාධිධාරියෝ අද කාලයේ හැටියට රැකියා වෙළඳපොළට හරියන විදියට , සමාජයට අනුගත වෙන්න දැනීමක් නැහැ. උපාධිය ලැබුන ගමන් , ආණ්ඩුවේ තැනක නැතිනම් කොහේ හරි කමක් නැහැ ලොකු පුටුවක් එකපාරටම බලාපොරොත්තු වෙනවා. පොඩි තැනින් වැඩක් ඉගෙන ගෙන දියුණු වෙන්න කැමති නැහැ. සේවය ලබා ගන්න එන මහජනයාට කතා කරන්න දන්නේ නැහැ. පුටු රත් කරලා ලොකු පඩියක් ගැනීම ඇරෙන්න ඵල දැයි සේවයක් කරන්න හිතාගෙන ඉන්නේ කීයෙන් කීදෙනාද ? බහුතරයක් රැකියා දියව් කියා කියා ආණ්ඩුවට බනිනවා. නමුත් රැකියාවක් ලබාගන්න තමන්ගේ අඩුපාඩු හදාගෙන ඉදිරිපත් වෙන්නේ මෙතනින් කීයෙන් කීදෙනාද? (ස) .
නිලංග,කසුන්, ඔයාල කියන තත්වයට හේතුව අපේ අධ්‍යපන ක්‍රමයේ වැරැද්ද සහ කුඩා කල සිට අපට උගන්වන පුහු මාන්නය. අපි ඉන්න රටවල මොන රැකියාවත් එකයි. මෙහෙ පියන්සලා නැහැ. ඒ වගේ සමාජයක් ලංකාවෙත් ඇති විය යුතුයි . (අ)
උපාධිය විතරක් මදි. අනුන් ගැනත් හිතන යහපත් පුරවැසියෙක් වෙන්නත් ඕන. (ස)
ඔබ සැමට ජය. මේ විදියට ඔබ උපාධිය ලබන්නේ අන්තරේ කරදරේ අතරින් ඉදිරියට ආ ඔබ උගත් බොහෝ දේ නිසයි. උපාධිය ලද පමණින් සියල්ල සම්පුර්ණයයි නො සිතා, තව දුරටත් වියදම් කිරීමට හැකිකම හදාගෙන තවත් ඉහළට ඉගෙන ගන්න. ඔබේ සියලු ජය එවිටය. රටට බරක් නොවන්නේ එවිටය. ඔබ උගත් නම් ඔබට සමාජයේ නියම තැන අනිවාර්යයෙන් ලැබෙනවාමයි. (ස)
මම සිටින රටේ තරුණ තරුණියන් සරසවියේ ඉන්න ගමන් කම්කරු රැකියා කරලා අධ්‍යාපන වියදම් හොයා ගන්නවා. උපාධිය ලැබූ පසුවත් ආණ්ඩුවට බැන බැන ඉන්නේ නැතිව ඉතා සුළු රැකියාවක් උනත් භාර අරගෙන දෙමව්පියන්ටත් රටටත් බරක් නැති ලෙස ජීවත් වෙනවා. අපේ රටේ සමහර විශ්ව විද්‍යාල තරුණ තරුණියන්ට උදේ තේ කෝප්පයේ ඉඳලා අතට දීලා, ඇඳුම ටිකත් අම්මලා සෝදලා දෙන පුරුද්දට හැම දෙයක් ම අතට ලැබෙන කම් බලා ඉන්නවා. නැතිනම් ආණ්ඩුවට බනිනවා. මේවා වෙනස් වෙනකන් අපේ රටේ උපාධිධාරියාගේ ගුණාත්මක භාවය රැකියා වෙළඳ පොලේදී අවතක්සේරු වෙනවා. (අ)
මමත් බොහොම ආසවෙන් ඉන්නේ අවුරුදු 3ක් ප්‍රමාද වූ මගේ උපාධිය 2015 පෙබරවාරි ලබා ගන්න. (අ)
මමත් මෙහෙම ගිය හැටි මතකයි (අ)
මමත් මෙහෙම ගියා මතකයි (දිල්)
මමත්මෙහෙම ගියා මතකයි අැහැරිලා බලනකොට ඒක ලස්සන හීනයක්(අ)
නිලංග ගේ කතාවේ සැහෙන ඇත්තක් තියනවා. මගේ කාර්යාලයට අනුයුක්ත කල එක්තරා නවක උපාධිදාරිනියක් , ෆයිල් එකක් ගන්නවත් පුටුවෙන් නැගිටින්න කැමති නැහැ. පියන්ට කතා කරන්නේ මලපතේ අකුරක් බැරි කෙනෙකුගේ සාම්පලයට දාල. පුදුම උද්දච්චකමක්. හැබැයි ඉතින් ඉතා හොඳින් රැකියාවේ යෙදෙන දක්ෂ අයත් මම දැකලා තියනවා. (අ)
ඔබ සැමට ජය! (නි)
අපිට මෙහෙම අවස්තාවක් ලැබුනේ නැහැ. ඒකාලේ ආණ්ඩුව සිරිමා බණ්ඩාරනායකගේ. එයා ඒවා නතරකලා. (ස)
විශ්ව විද්‍යාල වල ඉන්න ඉගෙන ගන්නවා කියන ළමයි හැමදාම වාගේ ඉන්නේ උද්ගෝෂණ කරගෙන නේ ....කොහොමද මේ කට්ටිය උපාධි ගත්තේ...(ස)
අර මහපාරවල් වල දියව් දියව් කියපු අයත් උපාදි ගත්තද ...????(දී)
අනන්ත දුක් අනුභව කර, කුසට හරිහැටි අහරක් නැතිව, නිදිවරා පාඩම් කර ,ආර්ථික ප්‍රශ්න වලින් හෙම්බත්ව- (මගේ පියාණන් හදිසියේ මියගිය නිසා කටුක දුක් විඳ) , අවසානයේ, මමත් ඔය අවස්තාව ලැබුවේ ඉතාමත් සතුටින්.කවදාවත්ම සරසවියේ ලස්සන මම වින්දේ නැහැ.හන්තානට පායන සඳ මට ලස්සනට පෙනුනෙත් නැහැ. මගේ අම්මට බොරු කියමින්, පෙම්වතෙකුගේ අත අල්ලගන සරසවියේ ඇවිදින්න මට හිතුනේ නැහැ.නමුත් විවාහවී ඉහල රැකියාවක් කරමින් මම දැන් ලස්සනට ජීවත් වෙනවා. (දී)
අශේන්, නිලංග, කසුන්, ඔබ ඔය කියන්නේ ලංකාවේ රාජ්‍ය සේවය ගැන. පෞද්ගලික අංශය ඊට ගොඩක් වෙනස් වගේම ඉදිරියෙනුයි ඉන්නේ. (නි)