පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය වසර 12 කට පසු මෙම වසරේ අගෝස්තු මසයේදී ‘පේමෙක්ස් 2015‘ වෛද්‍ය විද්‍යාවේ නොකී කතාව නමින් වෛද්‍ය ප්‍රදර්ශනයක් පැවැත්විමට කටයුතු යොදා ඇති බව වෛද්‍ය පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සම්පත් තෙන්නකොන් මහතා පවසයි.
පාසල් සිසු සිසුවියන්, වැඩිහිටියන් ඇතුළු සියලුම ඡනතාව වෛද්‍ය විද්‍යාවේ නව දැක්මක් සහිතව දැනුම්වත් කිරිමක් තුළින් වඩාත් සෞඛ්‍ය සම්පන්න කරලීම ප්‍රදර්ශනයේ අරමුණ බව ද ඒ මහතා පැවසීය.
1965 වසරේදී ඇරැඹි වෛද්‍ය ප්‍රදර්ශනය අවසන් වරට පැවැත්වුණේ 2003 වර්ෂයේදීය. එවර හත්වැනි වරට පැවැති ප්‍රදර්ශනය නැරඹීම සඳහා දිනකට 150000 පමණ ජනතාවක් පැමිණි බවත් 2015 මෙවර වෛද්‍ය ප්‍රදර්ශනය ජනතාවට නව අත්දැකිමක් වන බවද පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය ඉඳුවර ගුණරත්න මහතා කීවේය.
ජෛව රසායනික විද්‍යා අංශයේ මහාචාර්ය ශ්‍රියානි රණසිංහ මහත්මිය පැවසුවේ මෙම වෛද්‍ය ප්‍රදර්ශනය තුළින් මිනිසාගේ උපතේ සිට මෘත ශරීරය දක්වා විශේෂ කුටි වල සජීවි ක්‍රියාකාරකම් ඇතුළුව නවින වෛද්‍ය ක්‍රමයන් හා නව සොයා ගැනිම්ද ප්‍රදර්ශනය කෙරෙන බවයි.
වෛද්‍ය ප්‍රදර්ශනය 2015 අගෝස්තු 24 දින සිට 31 දින දක්වා උදැසන පෙරවරු 9 සිට පස්වරු 8 දක්වා පැවැත්වෙන බවද මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී සංවිධායකයෝ පැවසූහ. වෛද්‍ය ප්‍රදර්ශනයට අදාල වෙබ් අඩවිය pemex2015.com නමින්ද ෆේස් බුක් පිටුව www.facebook.com/pemex2015 එළි දැක්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතයෙන් හෙට දවසට (ම)
සුබ පැතුම්..ඉතාමත් වටිනා ප්‍රදර්ශනයක්.(බ)
අපේ විශ්වවිද්‍යාලය ලොවට පෙන්වා දීමට විශේෂ වැඩසටහනක් ලෙස මෙය දැක්විය හැකිය.(ම)
අපි පුංචි දවස්වල ඔය ප්‍රදර්ශනය බලන්න යනවා තාමත් මතකයි. විශිෂ්ට උත්සහයක්. සුබ පැතුම්. (ම)
අපිත් එනවා බලන්න (නි)
මම පාසල් ගිය කාලේ ඔය ප්‍රදර්ශනය බලා තිබෙනවා.මෙය බොහොම වැදගත් ක්‍රියාවක්. මෙය හැමෝම බැලිය යුතු දෙයක් (නි)
මට විශ්ව විද්‍යාලයට යන්න හැඟීමක් ඇතිවුණේ ඔය ප්‍රදර්ශනය බලන්න ගිය වෙලාවේත මේක ඉතා වැදගත් සහ ප්‍රයෝජනවත් ප්‍රදර්ශනයක්. උසස් පෙළ සිසුන් අනිවාර්යයෙන් සහභාගි කරවන්න
2003 අවුරුද්දේ අපිත් ආව බලන්න. ඒ කාලේ පාසල් ශිෂ්‍යයෝ විදිහට වෛද්‍ය ප්‍රදර්ශනය අපිට ඉතාම වැදගත් අත්දැකීමක් වුනා. මේ අවුරුද්දෙත් එන්න බලාපොරොත්තු වෙනවා. (නදී)
හොඳයි. ඉතා හොඳයි. සියලු දෙනාටම නැරඹිය හැකි වනපරිදි සැළසුම් කරන්න. පහසුකම් ලබාදෙන්න වැඩි අවධානයක් දෙන්න. පාසල් ළමයින්ට වැඩි අවධානයක් යොමු කරන්න.මගේ සුබ පැතුම්. (නි)