හන්තාන  කෝවිලේ  පැවතී ආගමික උත්සවයකට සහභාගි  වී  එමින් සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට රාතී‍්‍රයේ මග රැක පොලු මුගුරුවලින්  පහර දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ සිසුන් 12 දෙනකු බ්‍රහස්පතින්දා (13) දක්වා රිමාන්ඩ් කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (12) නියෝග කළේය.

කේ.එම්.ඒ.චන්දන, එන්.ටී.විජේසිංහ, ඩබ්ලිව්.ටී.වී.රංගන, ටී.සී.එච්.ටී. ප්‍රනාන්දු, ඩබ්ලිව්.ඒ.කේ.ෂෙහාන්, ඒ.එම්.එස්. මධුසංක, එම්.ජී.ටී.ආර්. ලක්මාල්, සී.එම්.සෙනෙවිරත්න, ජේ.පී.ඩී.එල්.පී. ලක්ෂිත, ජී.එස්.එල්.සිල්වා, ආර්.ඒ.එස්.එස්.රණවීර සහ ටී.ජී.ආර්.එම්.එස්.ටී.එස්.රත්නායක යන සිසුන් එසේ රිමාන්ඩ් කරනු ලැබූහ.

අයුතු ජනරාශිය, සිසුන් පිරිසකට පහර දීම යන චෝදනා මත එම සිසුන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.