පේරාදෙණිය තානායමට කඩා වැදී සේවකයිනට පහරදී එහි දේපලට අලාභහානි කර මුදල් කොල්ල කෑ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පේරාදෙණිය සරසවියේ විද්‍යා පීඨයේ තුන්වැනි වසරේ සිසුන් දෙදෙනා ලබන මස 2 වැනි දා තෙක් රිමාන්ඩ් ගත කරන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කෙළේය. සැකකරුවන් එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කෙරිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තරයට පිං සිද්ධ වෙන්න තමයි අපේ අනාගත දූදරැවන්ට විශ්ව විද්‍යාල ටික රැකිල තියෙන්නෙ.. නැත්නම් විශ්වවිද්‍යාල භූමි ටිකත් වෙන වෙන ව්‍යාපෘතිවලට අරගෙන ගොඩක් කල්...
අනාගතේ අපේ අතේ... අපි ඔක්කොම...
ළමයිනේ යෝනිසෝ මනසිකාරයන් සිටින්න..
විශ්වවිද්‍යාල සිසුන් දේශපාලන අතකොලු කරගැනිම සියලු දේශපාලන පක්ෂ විසින් නතර කළ යුතුයි...!!
ළමයින් කීපදෙනේ වැරද්දක් කළා කියල මුළු සරසවියටම බනින්න එපා.. මෙයට ප්‍රධානම හේතුව රටේ නීතියක් නැති කම.. මේ රටේ නීතිය කාටවත් විශ්වාස නෑ.. අසාධාරණයක් උන හැම විටම නීතිය අතට ගන්නවා...
හිතවත් කැම්පස් කොල්ලා වෙත, දේශපාලකයෝ කරන වැඩ වලට වඩා ඔයාල කරන වැඩ ගැන, සමාජය විමසිල්ලෙන් ඉන්නේ, මොකද එයාලට වඩා ඔයාල බුද්ධිමත් කියලයි සමාජය පිළිගන්නේ, ඒත් කරන්නේ මන්දබුද්ධික වැඩ, කැම්පස් එකේ ඉන්නකොට කට්ටිය ඉන්නේ මොනවා හරි උනොත් මරාගෙන මැරෙන්න බලාගෙන, කැම්පස් එකෙන් එලියට ඇවිත් ජොබ් එකක් හොයා ගත්තට පස්සේ අර අනිත් යාලුවෝ උන්නද මලාද නැහැ, මේ ලගදි කොළඹ කැම්පස් එකේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි පුද්ගලික බස් trip යන්න කියල කැම්පස් එක ලගට අරන් ඇවිත් එයාලගෙන් සල්ලි අරන් කැම්පස් එක ඇතුලට ගිහින් කරන වංචාවකුත් මම දැක්කා, උගත් අය ඔහොම කරනකොට රටේ අනාගතයට දෙයියන්ගේම පිහිටයි, අනික රටේ අනිත් මිනිස්සුත් කරන මිනීමැරුම්, වංචා දුෂණ ඕනා තරම් පත්තරවල වෙබ් පිටුවල තියන්නේ. රජයේ කෙනෙක් අපරාදයක් කලොත් ඒ ආයතනයේ නම කියල දානවා, පාසල් ළමයෙක්නම් පාසල් ළමයෙක් කරපු අපරාදයක් කියල පත්තරේ දමනවා, කැම්පස් ළමයෙක් කරහම කැම්පස් ළමයෙක් කරපු දෙයක් කියල දමනවා.. මට කියනවද ඔයා මොන කැම්පස් එකේද කියල. මට කියන්න තියන්නේ උගතුන් සියල්ලෝම බුද්ධිමතුන් නෙමෙයි කියල විතරයි..
අප්පා කඩේ කුඩු...
අයියෝ අප්පා .....
මේක මෙයාලගේ පුද්ගලික ප්‍රශ්නයක්
සරසවි සිසුන් අහින්සකයි ....
සජ නිකන් බොරු කතා කියල මිනිස්සු රවට්ටන්න එපා දෙයක් කියන්න කලින් ඒ ගැන හොඳට හොයල බලන්න නැත්තම් වෙන්නේ එකෙන් ඔයාගේ නොදන්නාකම එලියට එන එක විතරයි. කොළඹ කැම්පස් එකේ ඔය කියන බස් සිද්දියට කැම්පස් එකේ කව්රුත් සම්බන්ද නැ කියල ඒ නිවුස් එකේම අන්තිමට තිබ්බ කියල ඔයාට මතක නැතුව ඇති නැත්නම් ඔයාට හරියට කියවන්න බැරුව ඇති.
මේ වගේ ශිෂ්‍යයින් තමයි ඉදිරියට අවශ්‍ය.ඔවුන් අනාගත නායකයන් වෙන්න දැන් සිටම පුරුදු වෙනවා
ඕකත් අන්තරේ ගිණුමටම බැර වෙයිද දන්නෑ
හොදයි
හරියට හරි අන්තරේ කට්ටිය .
ඒක ප්‍රායෝගික විද්‍යා පාඩමක්ද කොහෙද..?? අන්තරෙන් හොයල කියනකල් ඉන්න තිබුණෙ.. දඩුවම් දෙන්න.. එයාලට දැන් කේන්ති ගිහිං ඕකට්ත් පිකටිං එකක් කරයි ද දන්න නැහැ
අනේ පවු,විශ්ව විද්‍යාල ශිෂ්‍යන් ගොනාට අන්දලා ගිහින් කොටු කරනවා. තේරෙන් නැද්ද?හදුනා ගැනීමේ පෙරෙට්ටුවෙන් නිදහස්,ඒත් ගමට ගියාම මිනිසුන් පිටු පානවා.ඕක අද ඊයේ සෙල්ලමක් නොවෙයි,77 ඉදන් පටන් ගත්තේ.අත්දැකීමෙන් කියන්නේ.දෙමව්පියන් දුක් විදලා උපයන මුදල් නිතිඤ මහතුන් බලෙන් ගන්නවා. තෙරෙන්නැද්ද මිනිසුනේ ?
උගතුන් සෑමදෙනාම බුද්ධීමතුන් නොවන බව අපි තරයේ විශ්වාස කරමූ.
අත්අඩංගුවට ගත් පේරාදෙණිය සරසවියේ විද්‍යා පීඨයේ තුන්වැනි වසරේ සිසුන් දෙදෙනා ලබන මස 2 වැනි දා තෙක් රිමාන්ඩ් ගත කරන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කෙළේය. සැකකරුවන් එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කෙරිණි. **** ඔය වගේ නියෝග මිනීමැරුම් ,ස්ත්‍රී දුසන ,කප්පන් ගැනීම් ,ළමා අපචාර කරන දරුණු ගනයේ අපරාද කරුවන් වෙනුවෙන් ගන්න බිය වෙන්නේ ඇයි ??
ජයන්ත සමග උඩින් එකතුයි . ලාල් ඔබ කියන "ගොනාට ඇන්දවීම " නූගත් කෙනෙකුට කල හැකියි . 3 වන වසරේ විද්‍යා සිසුවෙකු වීමයි මෙතන වරද .
ටී 56 දෙක තුනක් තිබුණනම්, මිනීමරැම්, කප්පම් ගන්න, ස්ත්‍රී දුෂණ කරල තිබුණනම්.. ඔබත් රජෙකි පුතුනේ... ලංකාවෙ...
හෝටලයට කඩා වැදිල ටී 56 ගිනි අවියෙන් වෙඩි තියල පිස්සු නටල රැසියන් කන්තාවක් දුෂණය කරල මරල, ස්වාමියටත් වෙඩි තියපු කට්ටියට ඔය වගේ නියෝගයක් දුන්නෙ නැහැ නේද?
අන්තරේ අය නිසා තමයි විශ්වවිද්‍යාල රැකිල තියෙන්නෙ..
අන්තරේ අය නිසයි අද විශ්වවිද්‍යාල රැකෙන්නේ
මිනිසා සතු ඕනෑමදෙයක් බාල්දු කළහැකි අරුම පුදුම දෙයකි මත් ද්‍රව්‍ය
පුතාල දෙන්නට හොදටම සුදුසුකම් තියෙනවා රට පාලනය කරන්න..
ඉගෙන ගන්න ආවනම් ඉගෙන ගන්න ඕන අනිත් අයට චන්ඩිකම් පෙන්නන්නෙ නැතිව... අනිත් අයටත් ආදර්ශයක් වෙන්න අරින්න ඕන ජම්පරේ ගහල අවුරැදු දහයක් කල්දේරම බත් කන්න.. එතකොට හැදිල ඒවි..
දෙමව්පියෝ දුක් මහන්සිවෙලා දරැවන්ට ඉගැන්නුවෙ....මේවගේ වැඩ කරන්නද?
හැමදාම ආප්ප කන ආප්ප කඩෙත් කුඩුකරන ඔය ළමයින්ට තානායම මොකද්ද?
මම මේ නිකන් අහන්නේ.. දෙන්නෙකුට පුලුවන්ද හැබැට ඔච්චර දෙයක් කරන්න.
තව ප්‍රවුත්තියක් තිබුනා සින්න වෙන්න යන ඉඩම බේරන්න කියල, සරසවි සිසුවියක් කාන්තාවකට පිහියක් පෙන්වලා රත්තරන් මාලයක් කඩාගෙන යනකොට ත්‍රීරෝද රථ රියදුරු මහතුන් වගයක් එයාව අල්ලලා පොලිසියට බාර දීල තිබුන කියල,ඒකත් බොරුවක්ද? ඒකට කියයිද දන්නේ නැහැ ඒ ළමයාගේ මානසික තත්වය අනුව ඒ කට පෙළඹුණා කියල,
හැම වරදටම අන්තරේට බනින්න එපා.. අන්තරේ නැත්නම් මේගොල්ල අධ්‍යාපනය කාල ඉවරයි..
ලංකාවේ කැම්පස් කොල්ලා නමින් කොමෙන්ට් කරන සොයුර, ඔයා අද කොහෙද ඉන්නේ? ඔයා කිවුවනේ ලංකාවේ කැම්පස් ළමයි කරන ඒවා පල කරන්නේ නැහැ කියල, ඔන්න ඔයාලගේ තවත් හපන්කමක්..අද පලවෙලා..
මෙයත් සරසවියේ උගන්වන ප්‍රායෝගික පාඨමාලාවක්.. ඉතිං මේක ඔයතරම් ලොකුවට ගන්න ඔනාද??
අනාගතය අදයි..
ඹක්ක හොද සටන් කාමියෝ දෙන්නෙක්.. ජය ඔබටයි.. ඉදිරියටම යන්න...ලගදිම දවසක ඔයාල ජන අරගල වලට මුල්තැන අරගෙන කදුලු ගෑස් කාල ගුටි කාල වීරයෝ වෙන බව මට විශ්වාසයි..
අනික් කට්ටිය හෙට විදි බහියි මෙයාලව බෙරගන්න
විශ්වවිදයාලවලට යන්නෙත් ලංකාවෙ සමාජයේ හැදුන වැඩුණ ළමයි.. රටේ හැමෝම ප්‍රචණ්ඩ වෙලා.. බුද්ධිමතුන් විදිහට මේක වැරදි දෙයක්.. නමුත් මෙයාටලට අසාධාරණයක් වෙන්න ඇති.. නීතිය සාධරණය නැති නිසා මිනිස්සු කැලෑ නීතියෙන් විසදුම් සෙයනවා.. රටේ මිනිසුන්ගෙ ඉහළ සිට පහළට මොලේ වෙනස් කරන්න ඕන..
මොකද්ද සුභාෂිණී ඒ කතාව? මෙට තේරැණේ නැහැ.. එයාල ඇත්තටම කන ආප්ප කඩෙත් කුඩු කරනවාද? හරි නරකයි නේ??
සජ් ඔය වගේ දේවල් ලංකාවේ ඕනි තරම් වෙනවා. ඔයා කතාකරන්නේ ලංකාවේ මිනිස්සු උපාසකයෝ කියල හිතාගෙන වෙන්න ඇති. මම ඔයාගෙන් අහන්නේ නිකන්ම මිනිහෙක් ඕය වගේ දෙයක් කලොත් පත්තරවල මුල පිටුවේම දානවද නැ නේද. කැම්පස් කොල්ලෙක් කොල්ලෙක් ඕක කරපු නිසා තමයි උඹලට ඕක මහා ප්‍රවුර්තියක් වෙන්නේ. ඕකට මොකක් කියන්නද කියල මට හිතාගන්න බැ. පහුගිය දවස් වල මන්ත්රිලා ගිහින් තානායම් වල පිස්සු නටල මිනිස්සුන්වත් මැරුවා. මට හිතෙන්නේ ඒ සිද්ධියටවත් ඕය තරම් ප්‍රසිද්දියක් දුන්නේ නැ පත්තර වලින්. කැම්පස් කොල්ලෙක් මොකක් හරි කෙස් එකක් දාගත්තොත් එක මාර වැඩක්
යුරෝපයේ රටවල විශ්වවිද්‍යාලවල දේශපාලන පක්ෂ වශයේන බෙදුණු ශිෂ්‍ය සමිති නැහැ. එමනිසා පන්ති වර්ජන.. ගහ මරා ගැනීම් ගොඩක් අඩුයි.. එම රටවල ශිෂ්‍යයෝ කාලය ගත කරන්නෙ ඉගනීමට....