2011 වර්ෂයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ශාස්ත්‍රපීඨයට ඇතුළත් වූ සිසුවකුට පහර දී අපයෝජනයට ලක් කර නවක වදය දීම සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලයයේ සිසුන් තිදෙනකුට මහනුවර මහාධිකරණයේදී අත්හිටවූ සිර දඬුවම් නියම විය.
ඔවුනට මාස හයක බරපතල වැඩ ඇතිව සිර දඬුවම බැගින් නියම කර එය අවුරුදු පහකට අත්හිටැවිණි.
ඊට අමතරව නවක වදයට ලක් වූ සිසුවාට රුපියල් තුල් ලක්ෂ තිස් පන් දහස බැගින් වන්දි ගෙවන ලෙස නියම කරමින් එම මුදල නොගෙවන්නේ නම් දෙවසරක සිර දඩුවම් නියම කරන බව ද විනිසුරු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහම තමා මේවගෙ ඡන්ඩින්ට කරන්න ඔනේ.(අ)
එක හොඳ ආදර්ශයක . අනික් අයටත් (අ)
හොඳ තීන්දුවක් අසරණයන්ට හිරි හැර කරනවට හොඳම දඩුවමක්.(නදී)
බොහොම හොඳ තීන්දුවක් ගරු අදිකරණයට හිස නම ආචාර කරනවා . මේ නවකවාදය නිසා කීදෙනෙක් මැරුණද ? කීදෙනෙක් සදාකාලික එක්තැන් උනාද ? මේ සදහටම අපේ සරසවි වලින් ඉවත් කරලම දාන්න නීති ගෙන්න ඕන (අ)
ගොඩක් දෙනෙක් නවක වාදය මාර්ගෙන් පාහත් අසාවනුත් ඉස්ඨ කර ගන්නවා.හොද දඩුවම අනිත් අයටත් දැනෙන්න. (අ)
නියම වැඩේ .ආපහු විශ්ව විද්‍යාලයට නොයන්න බැරි වෙන්න දෙන්න ඕනි .(අ)
නවක වධය ඉතා යල් පැනපු සෙල්ලමක්!! එක අවුරුද්දක් නැවත් වුවොත් ඕක ඉබේ නවතිනවා!! මොකද එක පාරක් වත් රැග් නොවුන අයෙකුට ඊ ළඟ බැච් එකට රැග් කරන්න අයිතියක් නැති නිසා!! (අ)
නවක වදය කියමින් මොවුන් කරන්නේ දඬුවම් කරනවා වගේ දෙයක්. මේකට මෙවෙනි දඬුවම් නීතියෙන් දීම ඉතාම සුදුසුය (අ)
ඔහොම තම මේ අය කරන්න ඕන. කැම්පුස් යන්නේ ඉගනගන්න නෙමෙයි(අ)
අනිවාර්යෙන්ම සිංහල කොල්ලෝ වෙන්න ඇති ඕව කෙරේ (අ)
නියමයි
පාඩුවේ ඉගෙන ගත්තා නම් ඉවරයිනෙ. (නදී)
ඔය නවක වදය නතර කරන්න ක්‍රමයක් නැද්ද...? (අ)
නියමයි.. ඔය මානසික රොගීන්ට ඔයිට වඩා දැඩි දඩුවම් පැමිණිය යුතුයි (අ)
ඉස්සර නවක වාදය දුන්නේ සමහර ආඩම්බර සහ ලොකු ලොකු පාසල් වලින් ආව අයගේ මහන්තත්වය නැති කර දමන්න. නමුත් දැන් දැන් වෙන්නේ එක එක්කෙනාගේ විකාර මනසවල් වල තියෙන හැගීම් ඉෂ්ටකර ගැනීම. දෙමව්පියෝ දරුවෝ හදන්නේ බොහොම පරිස්සමින්, මෙහෙම තිරිසන්නු අතින් විනාශ වෙන්න නෙමෙයි. .(අ)
හොද වැඩේ.... ජීවිතාන්තය දක්වා හිරේ යවන්න තියෙන්නේ...මමත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය නතර කරලා ආවේ මේ වගේ අය නිසා තමයි.....(අ)