ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම් ලෙස ඉංජිනේරු බන්දුල වික්‍රමාරච්චි මහතා පත් කරනු ලැබ සිටියි.
ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා අතින් ඔහු සිය පත්වීම බාරගත්තේය.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන වික්‍රමාරච්චි මහතා පළමු උපාධිය මොරටුව විශ්ව විද්‍යාලයෙන් අවසන් කළේ සිවිල් ඉංජිනේරුවරයකු ලෙසය.
2001 වසරේදී මොරටුව විශ්ව විද්‍යාලයයෙන්ම පශ්චාත් ඉංජිනේරු ඩිප්ලෝමාව සම්පූර්ණ කළ ඒ මහතා භූගෝලීය තොරතුරු පද්ධති හා ගෝලීය නිරීක්ෂණ සඳහා චන්ද්‍රිකා තාක්ෂණය භාවිතය පිළිබඳ විශේෂඥ දැනුමක් ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා දක්ෂ නිලධාරියෙක්. සුභ පැතුම්! (නි)