ඔබේ මාධ්‍ය නිදහසෙන් බිඳක් මටත් දෙන්නැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා අද (03) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වු මාධ්‍ය හමුවක දී ඔහු මේ ඉල්ලිම කළේය.
‘නිවැරදි තොරතුරු ජනතාවට දැනගැනීම සඳහා තමා කටයුතු කළ ආකාරය නිවැරදි නොවෙන්නට ඇතැයි කීවේය. මගේ මතය ඉදිරිපත් කරන්න ගිහිල්ලා වෙච්ච කතිකාව තමයි මාධ්‍ය දින තුනක් තිස්සේ සංවාදයට බඳුන්වෙමින් තිබෙන්නේ. මට උත්තර දෙන්න දශමයක්වත් නැහැ. නිදහස් මාධ්‍ය දිනයේ දී වත් ඉඩක් දෙන්නේ නැහැ’ යැයි නිමල් බෝපගේ මහතා කියා සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හැබෑටම මෙහෙමත් දේවල්! (නි)
මේ වගේ ප්‍රශ්න වල දෙපැත්තක් ඇති බව අපි සිතිය යුතුයි (නි)
කෙහෙල්ගහට කෙටුවා වගේ තමා ජනමාධ්‍යවේදීන්ට උගන්නන්න ගියොත්. ඒක එයාලා හරියට කරනවා ඔය උපදෙස් නැතුවට. (නි)
සමන්, අමාත්‍යතුමා කියපු දේ කරන්න ගිහිල්ලා තමයි මේක වුණේ. එතුමාගේ අතින් වැරැද්දක් වුණා නම් මෙලහකටත් එතුමා පුටුවේ නැහැ (නි)
මේවා ගැන අපිට කියන්න දෙයක් නැහැ (නි)
ජලය පහත් තැනින් ගලා බසී කියලා කියමනක් තියෙන්නේ ඕවට තමයි. (නි)
කරන්න ගිය වැඩේ හොඳයි. වැරදි ව්‍යවහාරයක් ඉවත් කරන්න උත්සහ කල බව අපට නම් පේනවා. හැබැයි, කරපු විදිහ හොඳ නැහැ. මේ වගේ සංවේදී දෙයක් ගැන කතා කරනකොට ප්‍රතිවිපාක ගැනත් හිතාගන්න පුළුවන්කම තිබිය යුතුයි. (ර)
හැමදේම අවුල්. මුළු රටමත් අවුල්. මෙහෙමත් යහපාලනයක්. (නි)
මෙතුමා තමන්ගේ තනිමතයට වැඩ කරන්න ගිහින්ද මේ අවුල වුණේ? නැත්නම් උඩින් ආ අදහසක් ක්‍රියාත්මක කරන්න ගියාද (නි)
යහපාලනයේ ඉන්න බහුතරය හත්පොළේ ගාගෙන ඉවරයි (නි)
අඩුම ගානේ මේවගේ බරපතල දෙයක් කරනකොට තමන්ගේ අමාත්යංශය බාර අමාත්‍යතුමා එක්ක සාකච්චා කරලා කරන්න මේ නිලධාරීන්ට බැරි මොකද? (ර)