‘ඒකාබද්ධ විපක්‍ෂය‘ යන වචනය භාවිතා කිරීම වැරදි බව කියමින් මාධ්‍යයට ලිපියක් යොමු කළ පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා එම තනතුරෙන් ඉවත් නොකරන්නේ ඇයිදැයි ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් අඟහරුවාදා (3) පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේදී මෙම ප‍්‍රශ්න කිරීම සිදුකරන බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ සිද්ධියට මැදිහත් වෙමින් මාධ්‍ය ලේකම් අරලියගහ මන්දිරයට කැඳවා අවවාද දී උපදෙස් දී ඇත.
(පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මාධ්‍ය ආයතන වෙත යොමු කළ ලිපියේ පිටපතක්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීත්‍යානුකූල විපක්ෂයක් තිබියදී තවත් නමකින් වෙනත් විපක්ෂයක් රටක තිබෙන්න පුළුවන්කමක් නැහැ නේද? එය නීතිවිරෝධී නැද්ද? (නි)
මාධ්‍ය නිදහසට ගරුකිරීම සැමගේම වගකීමය. යුතුකමය. එම නිදහස පුළුල් කරගැනීමට උනන්දු වෙනවා හරි වැරදි ලෙස පාවිච්චි කිරීම නම් හොඳ නැත (නි)
මේ ඉන්නේ මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් මිස මාධ්‍ය ඇමතිගේ ලේකම් නොවේෙන්. ඔහු රජයේ නිලධාරියෙක්. මට පෙනෙන හැටියට මෙතුමා වැඩි ලකුණු දාගන්න වැඩ කරලා වගෙයි. (නි)
ඒකාබද්ධ විපක්ෂය කියලා නීතියනුකුලව ලියාපදිංචි කළ සංවිධානයක් නැහැ නේද? ඇත්ත ඒක නේද? හෙට තව කවුරු හෝ කණ්ඩායමක් එසේ හඳුන්වා ගතහොත් ඒකත් එසේම පිළිගන්න වෙනවා. (නි)
වෙලේ සුදා හිටියද එ්ත් ඔක්කොම ඒ නම කීවේ ..එතකොට ඒ මොන නිදහසද (බ)
එතකොට යහපාලන ආණ්ඩුව කියල එකකුත් තියෙනවද?(ම)
නිවැරදි දේ කරන කියන නිලධාරීන්ට කොයි ආණ්ඩුවෙනුත් කැපිලි කෙටිලි. (ර)
කරුණාරත්න, එහෙම එකකුත් නැහැ.ඔයා හිතාන හිටියේ එහෙම එකක් තියෙනවා කියලද? හිටපු කට්ටියත් එයාලගේ සගයනුත් වර්තමාන පාලනයට මඩ ගහන්න තමයි එහෙම වචනයක් සමාජ ගත කරලා තියෙන්නේ. කියන්නා කෙසේ කීවත් හිතන්නා සිහි බුද්ධියෙන් සිටිය යුතුය.(බ)
රටකට අපමණ අගයක් ලැබුණාද? (ම)
ඒකාබද්ධ විපක්ෂය නීත්‍යානුකූල නැත්නම් මොන පක්ෂයද විපක්ෂය රටේ නියම විපක්ෂය හැටියට පිලිගන්න කියන්නෙ. (ර)
තමන්ට වාසි වෙන ලෙස අදහස් දාන්න එපා, නිවැරදි දේ පිළිගන්න. දැන් කරුණාරත්න මහත්තයාගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකෝ. (ර)