‘මීට වැඩි දෙයක් අපි බලාපොරොත්තු වුණා. ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.
‘ලැබුණු ප්‍රතිඵලයට වැඩි ප්‍රතිඵලයක් අපි බලාපොරොත්තු වුණා. ඒත් ඒක ලැබුණේ නැයැ කියා අපි අධෛර්යයට පත් වෙන්නේ නැහැ. ලැබුණු මන්ත්‍රීධුර ටිකෙන් රටට උපරිම දේ කරනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම දාන තැටිය .මෙවර ටිකක් වොලීම් අඩු වෙලා වෙනස එපමණි.(ම)
නිකන් කැගැහුවට මිනිස්සු චන්දය දෙන්නේ නැහැ (ම)
අනේ මහතයෝ ඔබතුම හිතුවද මහින්දට බැනල වැඩේ පටන් ගත්තම මිනිස්සු ඡන්දෙ දෙයි කියල.මතක තියා ගන්න විජේවීර නායකතුමා හදපු ජවිපෙ පක්ෂය අද ඔබලා විනාශ කළා. රනිල් මේ පාර සල්ලි කාවෙත් ඕගොල්ලෝ ආණ්ඩුවේ ඉද්දි තමයි දැන් රනිල් රජ කරලා පැත්තකට වෙලා උඩ බලාගෙන ඉන්න බලමු ඕගොල්ලෝ වංචාව දුෂණය නවත්වන හැටි යම්කිසි දෙයක් මේ රටට වුනොත් තමුන්නාන්සේලා සම්පුර්ණ වග කියන්න බලගෙන ඉන්න අපිත් ඉන්නවා. (බ)
ඔව්. මිනිස්සු තාමත් බයයි ජවිපෙට. ඊටත් වඩා තරහයියි. මම නම් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති වලට බයයි. (බ)
රනිල්ට කඩේගිය නිසා තමයි ඔහොම වුනේ (බ)
දැන් සීනුව අලියාගේ කරේ එල්ලන්න එතකොට ඔක්කොම හරි. (ම)
ශ්‍රී ලාංකික චන්දදායකයෝ වතුරෙන් කිරි වෙන් කර ගන්නවා වෙනුවට කිරෙන් වතුර වෙන් කර ගෙන බොන්න පුරුදු ජාතියක්. එකනේ දවසින් දවස කෙට්ටු වෙන්නේ. (ම)
අපිට ඔබව ඕනේ (ම)
ජනතා විමුක්ති පෙරමුණ තම ප්‍රතිපත්ති වල වෙනසක්ද කරනවා නම් හොඳයි (නි)
ඉස්සර තිබුණ ඡන්ද ටිකත් ජවිපෙට නැතිවුණා (නි)
බහු ජාතික සමාගම් විවිධ වස විස ගෙනාවා. මහජනයා පත්තර වල මේවා ගැන කතාකළා. ජවිපෙ හොඳයි කියන අය පසුගිය වසර දහය තුළ, මේ සම්බන්ධව ජවිපෙ බහු ජාතික සමාගම් වලට එරෙහිව එක වචනයක් හෝ කතා කළ බව පෙන්වා දෙනවා නම් මම අදහස් දාන එක නවත්වනවා. (නි)
අපි සෑම දේශපාලන රැස්වීමකදීම දැක්ක එක දෙයක් තිබුනා. ඒ තමා තමන් ජනතාවගෙ ඡන්දෙ අරගෙන රටට කරන යහපත් දේ කියනවා වෙනුවට තමන් දිහා බලා ඉන්න අය පිනවන්න තවකෙනෙකුට දොස් කියන එක. ඔබ බොහෝ අවස්ථා වල එය අනුගමනය කළා. මගේ අදහස නම් වෛරී දේශපාලනයට වඩා තම දැක්ම ජනතාව අතරට පැහැදිලිව ගෙනගියොත් ජවිපෙ සිහිනය සැබෑ කරගන්න වැඩි කාලයක් යන එකක් නැහැ (නි)
නමුත් හැමෝම බයෙන් හිටියේ ජේවීපී එක විපක්ෂයට එයි කියලා. (නි)
ජනතා විමුක්ති පෙරමුණ තම අරමුණ සඳහා යන ගමනේ යම් වෙනසක් කරනවා නම් ඊට සමගාමීව තම ප්‍රතිපත්ති වල වෙනසක්ද කළයුතු වේ. පසුගිය කඩාවැටීම් දෙස බැලීමේදී මෙවර අත්හදා බැලීමේ ක්‍රියාමාර්ගයේ යථාර්ථය එයයි.පාලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට සමීප කිරීම සදහා, යථාර්ථවාදී ඉදිරි දැක්මක් තුළින් පෙන්වාදෙන අනාගත සුබවාදීත්වයකින් පමණක් ජනතාව සෑහීමකට පත්වන්නේ නැත.පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ජනතා විමුක්ති පෙරමුණ අනුගත වෙනවා නම්, ආඳා මාලු ඉරට්ටෙන් කනවාද ඒ කොහොමදැයි කියා ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළයුතු වේ. (නි)
ඔබ ඇතුලු ජවිපේ ජනතා නියෝජිතයින්ට සුභ පැතුම්! (නි)
හරියට තෝල් ලණු අල්ලාගන්න. එතකොට ටික දෙනා වුණාට ජනතාව ඔබතුමාලගෙන් බලාපොරොත්තු වන දෙය ඉටුකළ හැකියි.ලබන සැරේ ජනතාව කළගුණ සළකාවි (නි)
අපි දහයක් බලාපොරොත්තුවෙන් හිටියා. කමුත් ලැබුනේ හයයි. ඒ ගැන දුකයි. තව මිනිස්සු මෝරලා මදි. (නි)
තව අවුරුදු 05 ක් යද්දී මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
අපි ඔබ සමඟයි. (නි)
2020දී අපි ඔබ සමඟයි. එතෙක් ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා!! (නි)
කට්ටිය වටකර ගත්තාට වැඩක් නැහැ, එයාලා කියන දේ අහන්න ප්‍රේක්ෂක ජනතාව සුදානම් නැත්නම්. (නි)
ප්‍රසිද්ධ වේදිකාවේදී ජාතික නායකයෙකුගේ සායම යවන්න ගියාට දිට්ට ධම්ම වේදනීය කර්මය පටිසන් දුන්නා. කට තිබුනට දොඩවන්න එපා. (නි)
වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ යහපත් දේශපාලනික ක්‍රියාකාරිත්වය, උසස් ප්‍රතිපත්ති හා විනය අවබෝධ කරගත නොහැකි මෝඩ මිනිසුන් ජීවත්වන ලංකාවේ කුඩා දරුවන්ට තුණුරුවන් සහ දෙවි පිහිට පතමු. (නි)
පරිගණක ජිල්මාට් එහෙම නැහැ නේද? (නි)
41ක් තිබිලත් බැරිවුණ එකේ 4ක් අරගෙන මොනවා කරන්නද (නි)
මේ ටිකට රට ගිනි තියපු ටික මැදැයි. (අ)
සයුරෙන් එහා සිට දීප්තිමත් අගනා මුතු මැණික් වන් ඔබ දෙස ඉතා සතුටින් බලා සිටියෙමු. අන්ධයින් සේ ලාංකික ඡන්දාදයකයින් මේ මුතු මැණික් හඳුනා නොගත්තේ ඔවුන්ගේ පෙර කරුමයක් නිසාමයි (නි)
රටේ ඉන්න ජනතාව දන්නේ නැහැ ප්‍රතිපතිති ප්‍රකාශනයක් කියවලා තේරුම් අරගෙන ඡන්දය දෙන්න. රටේ අවාසනාව මේක. (නි)
තව ටිකක් අලියට කඩේ ගියානං ඔය ටිකත් අඩුවෙලා ඒ ටිකත් අලියාටම යනවා. යන්තම් අන්තිම කාලේ අලින්ගේ වැරදිත් යන්තමට කියල දැම්ම නිසා පොඩ්ඩෙන් බේරිලා. (අ)
එක ඇත්ත. අපි බලාපොරොත්තු වූණා මීට වඩා ආසන ගනීවි කියල. මොනා කරන්නද ලංකාවේ ජනතාව හිතන විදිහ වෙනස් නේ (අ)
මෙයා මේ පාරත් කියනවද ජිල්මාර්ට් කියලා (නදී)
සාදාරන සමාජයක් පතන හැමෝගෙම බලාපොරොත්තුව උනේ එය තමයි. කසාය ඈගට ගුණ උනාට හැමෝම බොන්නේ නෑනේ. මේ සමාජයට මේ දේශපාලනය හොඳ වැඩිද මන්දා (නදී)
ඇයි ඇසළ, සීනුව එල්ලා තියෙනවා දකිද්දී හිතට හරි නැතුවා වගේද? (නි)
මේ මිනිස්සු නිකන් කෑ ගහනවා කියලා කියන රොමේෂ් වගේ අය ඉන්න රටක කොහොමත් ප්‍රතිඵල මීට වඩා හිතන්න බැහැ (නි)
ජ වී පෙ සමඟ හැමදාමත් හිටියේ ප්‍රගතිශීලි ශ්‍රීලනිප හිතවත් කොටසක්. නමුත් මෙවර ඔවුන් එජාප යට කඩේ යාම නිසා ජනතාව ප්‍රතික්ෂේපකොට ඇති බව පෙනෙනවා (නි)
ඔය රටේ ජනතාවගේ හැටි ඔහොම තමයි සහෝදරයා. කණගාටුවෙන්න එපා. හිත නරක් කරගන්නත් එපා. (නි)
ඒ කියන්නේ ඔබ අසාර්ථක නායකයෙක්??? සද්දේ තිබුනට වැඩක් නැහැ.ඉස්සරට වඩා දැන් ඡන්දදායකයෝ බුද්ධිමත් ... (නි)
කඩේ ගියහම හා ඔළුව උදුම්මවා ගත්තම ඔහොම වෙනවා (නදී)
මට නම් හිතෙන්නේ මේ තීරණ ජනතාව නිවැරදිවම ගෙන ඇති බවයි (නි)
මුලින් කෑගහපු හැටියට දැන් කොහොමද සැර බැහැලා තියෙන හැටි? (නි)
ලබන පාර ඔය ගත් ටිකෙන් කාලක්වත් ගන්න වෙන්නේ නැහැ. මේ සැරේ මහින්දට පින්සිද්ධ වෙන්න තමා ඔය ටික හරි ගත්තේ. බොරුවට කෑගැහුවට මිනිස්සු රැවටෙන්නේ නැහැ. (නි)
මහජන මුදල් ගසාකෑම ගැන හඬක් නඟන්න.අනිවාර්යෙන්ම දැඩි දඬුවම් දෙන්නම ඕනෑ. (නි)
මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරතවන පක්ෂ නෙමෙයි. පාන් රාත්තලට, සහනාධාරෙට, සිල් රෙද්දට ඡන්දෙ දෙන රටක ඔබගේ පක්ෂය මෙවර ජනතාවට බොරු පොරොන්දු නොදුන් නිසා ජනතාව ඔබව ප්‍රතික්ෂේප කර ඇත. මේ රටේ ජනතා ගැටලු වෙනුවෙන් ඔබ තරම් හඩනැඟූ වෙනත් පක්ෂයක් නැත. (නි)
මේ ටික ලැබුනෙත් ජේ ආර්ට පින් සිද්ධ වෙන්නයි. ඒ නිසා ඉස්සෙල්ලම එතුමාට පින් දීලා වැඩ පටන් ගන්න. (බ)
අපි ඔබ සමගයි. ඔබට ජය! (බ)
මොනා කරන්නද සහෝදරයා මිනිස්සු කවද තේරුම් ගනීද දන්නේ නෑ (බ)
අපි ඔබ සමගය . ජය වේවා ..(බ)
මම නම් මේ ගැන පුදුම වෙන්නේ නැහැ (නි)
අවුලක් නැහැ..2020 ආණ්ඩුව ගමු.මහින්ද මහත්තයව එලව ගන්නනේ ඕන වුනේ..දැන් ඒක හරි..හෙට ඉදල කැම්පස් කොල්ලෝ ටික පාරට බස්සල වෘත්තිය සමිති ටික පන ගස්සවල වැඩට බහිමු. (බ)
බල්ලොත් එක්ක නිදාගත්තා නම් බලු මැක්කොත් එක්ක තමයි නැගිටින්න ඕන. යහපාලනයට කොඩි දැම්ම ජවිපෙට හොඳ වැඩේ. යූඇන්පී එකට මුක්කු ගහන්න ගිහින් මෙදා සැරෙත් ඇනගත්තා (බ)
ජනතාවට ලගදීම තේරේවි .ජ.වී.පෙ. කට්ටිය තවත් වැඩි කරානම් හොදයි කියල (අ)
කුලියට කැහැල ඔච්චර ගත්ත මදෑ. (අ)
අපි අපේක්ෂා කල මිනිස්සුන්ට සත්‍යය තේරුණා යයි.අශෝක ස්ථම්භයක තිබෙනවා "කයනේ දුකලේ" (හොඳ කිරීම දුෂ්කරයි).බදුල්ලේ සමන්ත විද්‍යාරත්න මහත්මයා අපි දුටු දක්ෂතම කථිකයෙකි. සෙමෙන් ආදී තබන්න බොහෝ දුර යන බව කොන්ෆුසිඋස් කියා තිබේ. ඔබ තවත් උක් දඬු වළඳන්න. ඔබට ජය ලැබෙනු ඇත.(අ)
යහපත් දේශපාලන සංස්කෘතියක බලාපොරොත්තුවක් ඇතිවේගෙන ආ කාලෙක ජනමාධ්‍ය, සිවිල් සංවිධාන සහ ඔබතුමාලා පෙරගමන්කරුවෝ වුණා.ලංකාවේ ජනතාව ඒකට සූදානම් නැහැ කියලා මේ මැතිවරණයෙන් ඔප්පු කළා. තමන්ගේ නියෝජිතයන් තෝරන්න මිනිස්සු යොදාගෙන තිබෙන මිනුම් දඬු ගැන කල්පනා කරද්දි ලොකු දුකක් ඇතිවෙනවා. (නි)
මේවා තේරුම් ගන්න තරම් අපේ ජනතාව බුද්ධිමත් නොවීම ගැන කණගාටුව. අපේ රට අවාසනාවන්තයි. (නි)
අපි දන්නවා හැමදේම. දැන් මෙහෙම කියනවා (නි)
ඔබ මොහොතකටවත් සැළෙන්නට එපා.අතීතයේ උගත් පාඩම් තුළින් ඔබ පක්ෂය නියම මාවත වෙත රැගෙනයාම අරම්භ කළා පමණි. ඔබට මේ රටේ සියලු ජාතින් වෙනුවෙන් ඉටුකිරීමට මාහැඟි කාර්යබාරයක් ඇත. අපේ රටේ මිනිසුන් තාමත් සිටින්නේ මෝහෙන් මුලාවී මානෙන් උදම් වී ඡන්දයෙන් අගතියට පත්වීය. නොපෙනන බොරු බිල්ලාට බයෙන්ය. එහෙත් අපේ වැඩි බහුතරයයක් බුද්ධාගමේය.යන ගමන එලෙසින්ම යන්න. ඔබ (අප) දිනන දිනයක් නුදුරේම එනු ඇත. (නි)
ගණන් ගන්න එපා ඕවා (නි)
ඔබටත් සියලු දෙනාටත් ශක්තිය ලැබේවා!! ඔබේ හැකියාවට සුබ පැතුම්! මේ ජය රටේ අනාගතයයි (නි)
බලාගෙන ඉන්න තව ටික දවසකින් වෙන්නේ මොකක්ද කියලා. මොනවද ඔට්ටු? මහින්ද පිලේ මේ වෙනතුරු හිටපු බොහෝ අය ගෙම්බෝ බවට පත්වෙනවා සිකුරුයි. එතකොට අපි හමුවෙමු. (නි)
සන්ධානයට මහින්ද නැතුව ආවානම් මීටවඩා හොඳ තරගයක් දීමට තිබුණි. මහින්ද පැමිණීම නිසා "හොර" / දුෂණ චෝදනාවෙන් ගැළවීමට නොහැකි වූ අතර මෛත්‍රී හා යහපාලනය යොදා ගැනීමට නොහැකිවිය. යූඑන්පීයට යහපාලනයේ මුළු ගෞරවරම අයිතිවාසිකම් කීමට හැකි වූ අතර සන්ධානයට විරුද්ධව පහරදීමට උවමනාවටත් වැඩිය කරුණු තිබුණි. සන්ධානය මෛත්‍රී මුල් කරගෙන ඡන්දයට පැමිණියා නම් යූඑන්පීයට පහරදීමට නොහැකිවනවා පමණක් නොව ජවිපෙ ඡන්ද මීට වැඩිය වැඩිවීම තුළින් බොහෝවිට සැමතැනම බහුතරය යූඑන්පී නොවන්නේය. එසේ වී නම් බොහෝවිට ජවිපෙ ආසන ගණන මීටවඩා වැඩි වන්නේය. (නි)
රටේ මිනිසුන්ට දැනුම අවශ්‍යයි සහෝදරයා.තාමත් ලංකාවේ මිනිස්සු බුද්ධියෙන් අඩුයි. (නි)
ලංකාවේ මිනිස්සු කවදා ඔබ වගේ නිහතමානී නායකයන්ට රට බාරදෙයිද තේරෙන්නේ නැහැ. (නි)
අනුර කුමාර මහින්දට හොරා හොරා කිය කියා හිටපු වෙලේ, කඩේ නොයා හිටියා නම් මීටවඩා හොඳ දෙයක් වෙනවා (නි)
දැන්වත් බුද්ධිමත්ව කටයුතු කරන්න (නි)
අනේ මේ හොඳටම ඇති. (නි)
කඩේ ගියාට ඔය ටික ඇති. වෙනම හිටියා නම් අපිත් මනාපේ දෙනවා (නි)
කුඩුකේඩු දේශපාලනය මිනිස්සු ප්‍රතික්ෂේප කරලා. (නි)
මම ජේවීපී නෙමෙයි.හැබැයි මමත් මීටවඩා බලාපොරොතු වුණා.තවමත් අපේ මිනිස්සු ප්‍රතිපත්ති වලට වඩා මිනිසුන්ටයි ඡන්දෙ දෙන්න පුරුදුවෙලා ඉන්නේ. (නි)
කඩේ නොගියා නම් 15 ක් ගන්න තිබුනා. (නි)
ඉදිරියටම යමු. හෙට අලුත් දවසක්. සුබ පැතුම්! (නි)
මහින්ද හොරා කිය කියා ඉන්නෙ නැතුව රට හදන ප්‍රතිපත්තියක් පෙන්නුවා නම්, දින 100 වැරදි විවේචනය කළා නම් මීට වඩා පාවෙන ඡන්ද ගන්න තිබුණා (නි)
නියමයි , ඉදිරියටම යමු රට වෙනුවෙන් (නි)
හිතවත් අනුර,ඔබේ සමාජවාදි සංකල්පය මෙරටේ සමාජ සංස්කෘතික විඥානයත් සමඟ මෙන්ම එහි හර පද්ධතියේ ජනප්‍රිය ලක්ෂණ සමඟ මිශ්‍රකර ගන්න.න්‍යායන් වැඩක් නැහැ. අනුර,ගිරිය පුප්පාගෙන කෑගැහුවට වැඩකුත් නැහැ.ඒකෙන් වෙන්නේ පොඩි පිරිසක් එකක් හැදෙන එක විතරයි.ගමට යන්න.සරලව පහසුවෙන් ඕනෑම තැනකින් ගලායන්න පුළුවන් දිය පාරක් වෙන්න.අවබෝධය සඳහා නම්‍යශීලිතාවය නැති නිසාත් ඒකට ගැළපෙන වෙනම විග්‍රහයකුත් හදාගන්නා නිසාත් මේ කපේට ගොඩ ඒමක් නම් නැහැ ඔහොම ගියොත් නම්........ (නි)
ඔබගේ කතා අහලා මේවා ඇත්ත නේන්නම් කියලා හිතලා, ශ්‍රී ලංකා අය යූඑන්පි එකට හැරුනා. නැත්නම් යූඑන්පි අය ශ්‍රි ලංකා එකට හැරුනා මිස ජවිපෙට කතිරයක් ගැහුවේ නැහැ. මේකයි ඇත්ත. (නි)
කිසිදාක අත්හරින්න එපා සර් (බ)
කොළඹින් ගම්පහින් හොඳ ප්‍රවණතාවයක් තිබෙනවා. එය වැඩිකර ගන්න බලන්න. (නි)
මීට වැඩි දෙයක් අපි බලාපොරොත්තු නැහැ (ම)
අද විතරක් නෙමෙයි අපිට හෙටක් තියෙනවා...(ම)
පාර්ලිමේන්තුවේ සටනට ඔබට ධෛර්යය ලැබේවා (ම)
සුබ පැතුම් (ම)
කවුරු ආණ්ඩුවක් හැදුවත්, ඒ හදන ආණ්ඩුව නිවැරදි මාර්ගයේ යැවීමට ඔබට ශක්තිය ලැබේවා..! (ම)
සබු පැතුම් (ම)
ප්‍රධාන පක්ෂයක් සමඟ ඉල්ලුවා නම් මීටවඩා සෑහෙන ලැබෙනවා. මිනිස්සු ජවිපෙ අයට කැමතියි. නමුත් පක්ෂයට ඡන්දය දෙන්න ටිකක් මැලියි. (නි)
ඔබ පක්ෂයේ හැකියාව ලංකාවටම පෙන්වන්න මෙය අවස්ථාවක් කරගන්න. අපේ රටේ වෙසෙන බහුතරයක් තවමත් ඔවුන්ගේ ජන්දයේ අගය හරි හැටි වටහාගෙන නොමැත. එය වටහාගන්න දිනය වැඩි ඇතක නෙවේ.. සුබ පැතුම් (ම)
සිදුකළ යුතු අභ්‍යන්තර වෙනස වටහාගත හැකිනම්, අනාගතය සුභයි. නැතිනම් සදා ඔතනම තමයි. (ම)
අවාසනාවන්ත අපි නෙමේ රටට හොද පාර්ලිමේන්තුවක් හදාගන්න තිබුණ අවස්ථාව නැටි කරගත් අය 2020 දී අනිවාර්යෙන් ම අපි ජයගන්නවමි(ම)