IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘ප්‍රතිපත්ති සම්පාදනයට සිවිල් ජනතාව හවුල් කරගැනීම සතුටුයි‘

ජනතාවට වඩාත් විවෘත සහ වගවීමෙන් යුත් රාජ්‍ය පාලනයක් ස්ථාපිත කිරීම සඳහා රජය හා සිවිල් සමාජය ඒකාබද්ධව ප්‍රතිපත්ති සම්පාදනය කරන වැඩපිළිවෙළකට ශ්‍රී ලංකා රජය එකඟත්වය පළ කිරීම පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සිය සතුට පළ කරයි.

එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක අබේසේකර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය සාමාජිකත්වය ලබාගැනීමත් සමග ශ්‍රී ලංකා ආණ්ඩුවට ප්‍රතිපත්ති සම්පාදනයේදී සිවිල් සමාජය හා එක්ව කටයුතු කිරීමට සිදුවනු ඇති බවයි. එහිදී සිවිල් සමාජය සතු අත්දැකීම් සහ හැකියාවන් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී යොදා ගැනීමට අවස්ථාව ලැබීම මගින් සිවිල් සමාජයේ ශක්තිය තවදුරටත් වර්ධනය වනු ඇතැයිද එම නිවේදනයේ සඳහන්ය.

2016 වසරේ ජූනි 30 වැනිදාට පෙර ශ්‍රී ලංකා ආණ්ඩුව තම ප්‍රථම ක්‍රියාකාරී ජාතික සැලැස්ම ඉදිරිපත් කළ යුතු අතර පුළුල් සිවිල් සමාජ සහභාගිත්වයක් සහිතව මෙම සැලසුම ඉදිරිපත්වුවහොත් එය ශ්‍රී ලංකාවේ යහපාලනය වඩාත් ප්‍රශස්ත මාවතකට යොමු කිරීමක් වනු ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පවසයි.



අදහස් (0)

‘ප්‍රතිපත්ති සම්පාදනයට සිවිල් ජනතාව හවුල් කරගැනීම සතුටුයි‘

පී කේ හරිශ්චන්ද්‍ර Friday, 13 November 2015 03:42 AM

ජාතික ප්‍රතිපත්ති සමිපාදනයට දායක වියයුත්තේ ඊට අදාල බිමි මට්‍ටමෙි අායතන සහ සමාජ සංවිධානයි එය බළගැන්වීමට දායක වෙමු (ම)

:       0       0

නාමල් Friday, 13 November 2015 06:23 AM

බොහොම හොඳයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site