IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ප‍්‍රතිකාර වලට වඩා රෝගවලින් වැළකීම වැදගත්

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය පර්යේෂනාගාර කාර්මික විද්‍යාඥ අධිකාරි,සෞඛ්‍ය ප‍්‍රවර්ධන ඩිප්ලෝමාධාරි - ඩබ්ලිව්. එම්. වීරසේකර

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුව අනුව ලෝක ජනග්‍රහනයෙන් මිලියන 200කට අධික සංඛ්‍යාවක් දියවැඩියා රෝගයෙන් පෙළෙන අතර ශ්‍රී ලංකවේ දියවැඩියා රෝගයෙන් පෙළෙන සංඛ්‍යාව මිලියනකට ආසන්න බවට වාර්තා වී ඇත.

වර්තමානයේ සමාජ මානව හා ආර්ථික වශයෙන් ප‍්‍රබලව බලපාන භයානක ප‍්‍රතිඵල ගෙනදිය හැකි රෝගී තත්ත්වයක් ලෙස දියවැඩියාව හැඳින් වේ. මෙහි දිගුකාලීන හා කෙටිකාලීන වශයෙන් බලපාන අතුරුඵල ලෙස අධික සෞඛ්‍ය පිරිවැය සඳහාත් කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වය පිරිහීම මගින් මානව ඵලදායීතාව පිරිහීමත් හැඳින්විය හැක.

දියවැඩියාව ලෙස හැදින්වෙන්නෙ සිරුරේ ඉන්සියුලින් නම් හෝමෝනය නිපදවීම හෝ කි‍්‍රයාකාරිත්වය අඩුවීම හේතුවෙන් රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමයි. දියවැඩියාව විවිධ ප‍්‍රභේද ඇති අතර රෝගය වැළඳීම සඳහා තනි හේතුවක් නිශ්චිතව කිව නොහැක. එසේ වුවද දියවැඩියාව වැළදීම සඳහා වැඩි අවධානමක් සහිත සාධක පවතින බව වෛද්‍ය මතය වී ඇත.

x වයස අවුරුදු 40ට වැඩි පිරිස (සමහර දියවැඩියා ප‍්‍රභේද වලට වයස් සීමාවක් බල  නොපායි)

x අඩු උපත් බර

x කුඩා කල සිට අධික ලෙස පැණිරස කෑමට හුරුවීම

x පවුලේ ලේ ඥාතීන්ට දියවැඩියාව වැළදී තිබීම.

x අධික රුධිර පීඩනය

x ගර්භණී සමයේ දියවැඩියා තත්ත්වය ඇතිවීම.

x රුධිරයේ අධික මේද මට්ටම

x මෙටබොලික් සින්ඩ්‍රෝම් නම් තත්ත්වය

දියවැඩියා රෝගී තත්ත්වය හටගත් විට සමහර අයට ඒ පිළිබඳව දැනීමක් හෝ සැළකිල්ලක් නොදැක්වීම නිසා රෝගී තත්ත්වය උත්සන්න විය හැකිය. කෙසේ වුවද රෝග හට ගැනීමේදී රෝග ලක්‍ෂණ පහළවීම සාමාන්‍යයෙන් සිදුවේ. දියවැඩියා රෝගය හට ගැනීමේදී පහත සඳහන් රෝග ලක්‍ෂණ කෙරෙහි අවධානය යොමු කර නිසි පියවර ගැනීමෙන් ඔබටම දියවැඩියා රෝග තත්ත්වය පාලනය කර ගත හැක.

x අලසකම

x මහන්සිය

x බර අඩුවීම

x රාත‍්‍රියට මුත‍්‍රා පහ කිරීමේ වාර ගණන වැඩිවීම

x අධික පිපාසය දැනීම

x සැරව ගෙඩි හෝ විසප්පු බිබිලි හට ගැනීම

x සුව නොවන තුවාල පැවතීම

x දිලීර

ආසාධන හේතුවෙන් දිවෙහි සුදුපැහැ පැතිරීමක් ඇතිවීම.

x අත් පා හිරිවැටීම හා පෙනීම දුර්වලවීම

ඉහත රෝග ලක්‍ෂණ වලින් එකක් හෝ කිහිපයක් ඔබට දැනුන හොත් පවුලේ වෛද්‍යවරයා හමුවී දියවැඩියාව සඳහා රුධිරයෙහි සීනි මට්ටම පරීක්‍ෂා කර ගැනීමට අදාල නිර්දේශයක් ලබාගෙන විශ්වාසවන්ත රසායනාගාරයකින් පරීක්‍ෂා කර ගන්න. ඔබ වෛද්‍ය උපදෙස් හා ප‍්‍රතිකාර ලබාගන්නා වෛද්‍යවරයා මෙන්ම රසායනාගාර පරීක්‍ෂණ සිදුකර ගන්නා රසායනාගාරය සහ පරීක්‍ෂණ සිදු කරන පුද්ගලයන් ගැනද දැඩි අවධානය යොමු කළ යුතුය. වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන රසායනාගාර පරීක්‍ෂණවල වාර්තාව අනුව ඔබේ රෝගී තත්ත්වය හඳුනා ගැනීම, ප‍්‍රතිකාර කිරිම හා පාලනය කිරිම සිදුවන බැවින් මුදල් ඉපයීම මුල්කර ගෙන බොහෝ රසායනාගාර ව්‍යාපාරික ස්ථාන බවට පත්ව තිබීම නිසයි. FBC පරීක්‍ෂණයක් සඳහා පැය 8 ක කාලයක් නිරාහාරව සිටිය යුතු අතර PPBS පරීක්‍ෂණය සඳහා ප‍්‍රධාන ආහාර වේලකට පැය දෙකකට පසුව හෝ රසායනාගාරය තුළදී ග්ලූකෝස් ග‍්‍රෑම් 75 ලබාදීමෙන් පැය 2 කට අනතුරුව පරීක්‍ෂණය සිදුකළ යුතුය.  එම පරීක්‍ෂණය සිදු කිරීමෙන් දියවැඩියාව පවත්නා බවට තහවුරු කරගත හැක.

ගර්භණී සමය තුළදී හටගන්නා දියවැඩියා තත්ත්වය යනු ප‍්‍රසව අවධියේදී ඉක්මණීන් වර්ධනය වීම සාමාන්‍යයෙන් සිදුවේ. සමහර විට එය පසු ගර්භණී අවස්ථාවලදී නැවත ඇතිවිය හැක. මෙහිදී වැඩි අවධානමක් ඇතිතේ අධික තරබාරු කාන්තාවන්, පූර්ව දියවැඩියා තත්ත්වය තිබුණ කාන්තාවන්, පෙර ගර්භණීභාවය තුළදී දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන්, දියවැඩියාව වැළදුන ලේ ඥාතීන් සිටින කාන්තාවන් සඳහා බව සඳහන් කළ හැකි.

දියවැඩියා තත්ත්වය හදුනාගැනීම සඳහා ගර්භණී භාවයේ පළමු මාස 3 තුළ වෛද්‍ය උපදෙස් අනුව රුධිරයේ සීනි මට්ටම පරීක්‍ෂාකර ගැනීමත් ගර්භයට මාස 6 ත් 7ත් කාලය තුළදී වෛද්‍යවරයාගේ උපදෙස් අනුව නැවත රුධිරයෙහි සීනි මට්ටම පරීක්‍ෂාකර ගැනීම වඩාත් සුදුසු වේ. දරු ප‍්‍රසුතියෙන් සති 6 කට පසුව නැවත රුධිරයේ සීනි මට්ටම පරීක්‍ෂා කර බැලීම මගින් ඔබ පසුවන්නේ දියවැඩියා තත්ත්වයෙන්ද නිරෝගි තත්ත්වයෙන්ද වන බවට හඳුනා ගත හැක.

දියවැඩියාව රෝගයෙන් වැළකී සිටීම සඳහා

දියවැඩියා රෝගය වැළදී ප‍්‍රතිකාර ලබා ගැනීම හා පාලනය කිරිමට වඩා සුදුසුම දේ රෝගයෙන් වැළකී සිටීමයි. මේ සඳහා පාසල් වියේදී හා මුල් තරුණවියේදී සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතකට හුරුවීම ඉතා වැදගත්ය. ඒ සඳහා කායික කි‍්‍රයාකාරකම් වැඩිකර ගැනීම, සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් ලබා ගැනීම, නිසි ලෙස බර පවත්වාගෙන යාම, දුම්පානයෙන් වැළකීම හෝ දුම්පානය නතර කිරීම කළ යුතුය. මාංශපේශි වර්ධනය කර ගැනීමද ඉතා වැදගත් වේ. ශරීරයේ අතිරික්ත සීනි ගබඩාකර තබා ගැනීම මාංශපේශි මගින් ඉටුවන කාර්යයකි. වැඩි වශයෙන් මේද සෛල පැවතිම ග්ලූකෝස් ගබඩාවීම සඳහා ඇති ඉඩ කඩ සීමා කරයි. එබැවින් මාංශ පේශි වර්ධනය වීම මගින් රුධිර ගත සීනි මට්ටම අඩුවේ.

ව්‍යායාමවල නිරතවීමේදී මේද සෛල අඩුකර ගනිමින් මාංශපේශි වර්ධනය කර ගැනීම සඳහා වන ව්‍යායාමවල නිරත වීමට උත්සාහ ගැනීම වඩාත් හිතකර වේ. බර ඉසිලීමේදී කාන්තාවන් සඳහා කි.ග‍්‍රෑම් 2ක බරක් බාහු මගින් එසවීමද පුරුෂයන් සඳහා කි.ග‍්‍රෑම් 3ක් 4ක් බරක් එසවීමද සුදුසු බව වෛද්‍ය මතය වී ඇත.

දියවැඩියා රෝගය රෝගය හඳුනා ගැනීමෙන් පසුව ප‍්‍රතිකාර ගන්නා විට වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීම ඉතා වැදගත්ය. බොහෝ රෝගීන් රෝගින් මුලින් ප‍්‍රතිකාර ලබා ගැනීමේදී රුධිරයෙහි සීනි මට්ටම අඩුවූ විට ප‍්‍රතිකාරය සහ වෛද්‍ය උපදෙස් ලබා නොගෙන සිටීමට පුරුදුව සිටීයි. මේ තත්ත්වය ඉතා හානිකර ලෙස බලපෑමට පුළුවන. ඔවුන් නැවත අධික ලෙස රෝගී වීමෙන් පසු නැවත ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අවස්ථා බොහෝ සුලභව දක්නට ලැබේ. මෙසේ නිසි ප‍්‍රතිකාර නොමැතිව කල්ගතවීම විවිධ සංකූලතා හටගැනීමට වැඩි අවධානමක් ඇති කරන තත්ත්වයකි. ප‍්‍රධාන වශයෙන් වකුගඩු රෝග, ඇස් පෙනීම දුර්වලවීම වැනි රෝග ආබාධ වලට ගොදුරුවීමේ වැඩි අවදානමක්ද පවතී. වෛද්‍ය උපදෙස් අනුව රුධිර පරීක්‍ෂා කර ගැනීම, ප‍්‍රතිකාර ලබා ගැනීම, කායික කි‍්‍රයාකාරකම්වල නිරතවීම හා සමබර ආහාර ලබා ගැනීමෙන් රෝග තත්ත්වය පාලනය කරගෙන යහපත් කායික හා මානසික සුවතාවකින් යුක්ත දිවි පෙවෙතක් ගත කිරීමට ඔබට හැකියාව ඇත.

 



අදහස් (0)

ප‍්‍රතිකාර වලට වඩා රෝගවලින් වැළකීම වැදගත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site