බටහිර ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශ‍්‍රී ලාංකික සැදෑවතුන්ගේ සහභාගීත්වයෙන් 15වැනි වරටත් උත්සවත්ශ‍්‍රීයෙන් 2014 නව වසර මූලික කැරගෙන ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් ශ‍්‍රී ලංකා බෞද්ධ විහාරයේ පත්තිරිප්පු හැඩයට නිර්මාණය කරනලද, අලංකාර පිරිත් මණ්ඩපයේ සිට, සියලු ලෝවැසියන්ට සෙත්පතා ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධාන සංඝනායක සහ පර්ත් ශ‍්‍රී ලංකා බෞද්ධ විහාරයේ විහාරාධිපති බේරුවල සිරි සෝභිත නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පිරිත් දේශනයක් පැවැත්විණී.
මලයාසියාවේ ප‍්‍රධාන සංඝනායක මලක්කාවේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති අලුබෝමුල්ලේ රතනසිරි, අමරපුර නිකායේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක රත්මලාන පුෂ්පාරාම විහාරාධිපති රත්මලානේ සුනීත, පානදුර වලාන විජය සෞගත පිරිවෙන් විහාරාධිපති පානදුරේ විජිතනන්ද නාහිමි ද වහන්සේලාමෙන්ම, එල්ලාවල ධම්මවංශ, එල්ලාවල තිලකවංශ, මඩුගස්තලාවේ පක්‍දාරතන සහ පර්ත් විහාරවාසී පල්ලේවෙල විසුද්ධවංශ යන හිමිවරුද මෙම පිංකමට වැඩම කළහ.
චීන ජාතිකයින් අශ්වයාගේ වසර ලෙස හදුන්වන 2014 වසරේ උදාවත් සමගම ඔස්ටේ‍්‍රලියාවේ ලාංකීය එකමුතුවේ දහසකටත් අධික ශ‍්‍රී ලාංකිය සැදෑවතුන් මෙම පිංකමට එක් වුහ. මෙම පිරිත් මණ්ඩපය චන්ද්‍රදාස හේවගේ මහතාගේ ඉදි කැරිණි.
\
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පර්ත් පත්තිරිප්පුවෙන් සෙත් පිරිත්
පාලි Thursday, 02 January 2014 04:39 PM
මෙවන් දසුන් දැකීමත් වාසනාවක්. සැමටම සුභ අලුත් අවුරුද්දක් වේවා.(නදී)