(අරුණ ජයවර්ධන - ඔස්ට්‍රලියාවේ පර්ත් නුවර සිට) බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ශී ලංකා බෞද්ධ විහාරයේ දහ තුන් වැනි වෙසක් සැමරුම මෙවරත් උත්කර්ෂවත් ලෙස පසුගිය සතිය පුරා පැවැත්විණ.
නොකඩවා පස් වසරක් එළි දැක් වුණ දර්ශනීය පහන් කුඩුව වෙනුවට චන්ද්‍රදාස හේවගේ මහතාගේ මුලිකත්වයෙන් හා විශාල පිරිසකගෙන් යුත් ස්වෙච්ඡා කණ්ඩායමක් අතින් මෙවර නිර්මාණය වූයේ බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා පිළිබිඹු කෙරෙන දර්ශනීය වෙසක් තොරණකි.
පළමු වතාවට ප්‍රදර්ශනය වුණ තොරණ ලංකික හා ලංකා නොවන ලොකු පොඩි සියලු දෙනාට අලුත් අත්දැකීමක් විය.
සම්ප්‍රදායෙන් එපිටට ගිය නවීන තාක්ෂණය තොරණ නිර්මාණය සදහා යොදා ගෙන තිබිණි.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදා සංගනායක ශ්‍රී සෝභීත හිමියන් ඇතුළු ආරාධිත භික්ෂුන් වහන්සේලාගේ හා පර්ත් ශ්‍රී ලංකික ප්‍රජාව ඊට එක් වූහ.
දෙදිනක් පෙහෙවස් සමන්දන් වීමේ වැඩසටහන හා දහම් පාසලේ දරු දැරියන්ගේ හා දෙමව්පියන්ගේ වෙසක් බැති ගී ගායනා රොහාන් ජයවර්ධනයන්ගේ සංගීතයෙන් බුද්ධාලම්භන ප්‍රීතිය දෙගණ තෙගුණ කෙළේය.
සුපුරුදු දන්සල මෙවරද දෙදිනක් පුරා පැවැතිනි. ඊට විහාරස්ථාන දහම් පාසලේ හා පර්ත් තරුණ කැලගේ නොමසුරු අනුග්‍රහය ලැබිණි.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පර්ත් නුවර තොරණ බලන්න ලස්සනයි
ගයාන් Wednesday, 05 June 2013 10:48 AM
හරිම අගෙයි.(නදී)
නාමල් Thursday, 13 June 2013 03:10 PM
ඉතා හොද සංවිධානය කිරීමක් (නි)