බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ශී ලංකා බෞද්ධ විහාරයේ දහ තුන් වැනි වෙසක් සැමරුම මෙවරත් උත්කර්ෂවත් ලෙස පසුගිය සතිය පුරා පැවැත්විණ.
නොකඩවා පස් වසරක් එළි දැක් වුණ දර්ශනීය පහන් කුඩුව වෙනුවට චන්ද්‍රදාස හේවගේ මහතාගේ මුලිකත්වයෙන් හා විශාල පිරිසකගෙන් යුත් ස්වෙච්ඡා කණ්ඩායමක් අතින් මෙවර නිර්මාණය වූයේ බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා පිළිබිඹු කෙරෙන දර්ශනීය වෙසක් තොරණකි.
පළමු වතාවට ප්‍රදර්ශනය වුණ තොරණ ලංකික හා ලංකා නොවන ලොකු පොඩි සියලු දෙනාට අලුත් අත්දැකීමක් විය.
සම්ප්‍රදායෙන් එපිටට ගිය නවීන තාක්ෂණය තොරණ නිර්මාණය සදහා යොදා ගෙන තිබිණි.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදා සංගනායක ශ්‍රී සෝභීත හිමියන් ඇතුළු ආරාධිත භික්ෂුන් වහන්සේලාගේ හා පර්ත් ශ්‍රී ලංකික ප්‍රජාව ඊට එක් වූහ.
දෙදිනක් පෙහෙවස් සමන්දන් වීමේ වැඩසටහන හා දහම් පාසලේ දරු දැරියන්ගේ හා දෙමව්පියන්ගේ වෙසක් බැති ගී ගායනා රොහාන් ජයවර්ධනයන්ගේ සංගීතයෙන් බුද්ධාලම්භන ප්‍රීතිය දෙගණ තෙගුණ කෙළේය.
සුපුරුදු දන්සල මෙවරද දෙදිනක් පුරා පැවැතිනි. ඊට විහාරස්ථාන දහම් පාසලේ හා පර්ත් තරුණ කැලගේ නොමසුරු අනුග්‍රහය ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ තියන හොදම රටක් මේක. නමුත් අපට පුළුවන් මේ රටවල් අභිබවා යන්න. රටේ අවාසනාවට හොද පාලකයෝ බිහිවෙන්නේ නැහැ. දැන් විදුලි බිල අනුව තොරණ් බලන්න ලංකාවේ බැරි නිසා අපි පර්ත් නුවර ගිහින් වෙසක් බලමු.(නදී)
කෙවින් ඔබ හරි. ඔබ සැම අපි සාදරයෙන් පිළිගනිමු. ලයිට් බිල ලංකාවේ වගේ වැඩි වුණත් අපි ඔබලාට නොමිලයේ පර්ත් වෙසක් සිරි පෙන්වන්නම් (නි)
අනේ සාදු ! සාදු ! (ස)
තොරණ හදල තියෙන්නේ ඩිජිටල් පින්තුරවලින්ද? හරිම ලස්සනයි. මෙය නිර්මාණය කරපු කණ්ඩායමටත් බලන අපිටත් ඇතිවන සතුට කියා නිම කළ නොහැකියි. නියම වෙසක් අසිරිය මේක තමයි. සාදු සාදු!!! (නි)
කෙවින්, ඔබ විතරක් නොවෙයි හැම දෙනාම කියන්නේ පාලකයන්ගේ වැරදි. නමුත් ඒ අය තම කැමැත්තෙන්ම ගිහිල්ලා නොවෙයිනේ. ඡන්දය දුන්නේ කවූද? අපිමනේ. එනිසා මින් ඉදිරියටවත් හොද පාලකයන් පත් කරන්න හැම දෙනාම වගබලා ගනිමු නේද? (නි)
නමුත් පාලකයන් අපට රට බේරලා දුන්නා.ඒ දෙය මතක තිබීම ඉතා වැදගත්. අපි කලගුණ දන්නා මිනිසුන් වෙමු. (නි)
ශ්‍රී සම්බුදු දහම කෙදිනක හෝ ලොව සෑම සියලුදෙනාටම අවබෝධ වී දසදෙස බැබලේවා!සාදු! සාදු!! සාදු!!! (ත)
නැහැ සුජානි, කෙවින්ට පර්ත් එන්න දෙන්න. ඒ සල්ලිත් මිහින් ලංකා හෝ එයාර් ලංකා එකට ගියා කියන්නේ ලංකාවටම නේ හොඳ. අපේ දන්සැලෙන් නොමිලේ කෑම දෙනවා නේ (නි)
සාදු ! සාදු !(නදී)
බුදු දහම ගැන ලෝකයටම කියලදෙන්න මේවා හොඳම වැඩ. සෞදිය සහ මැද පෙරදිගටත් මේවා කියල දෙන්න පුලුවන්නම් ඉතා හොඳයි.(නදී)
පර්ත් නුවර, සියලුම ශ්‍රී ලංකික ජනතා වට මගේ තුති. ඔබ සියලුම දෙනා මගේ රටට වාසනාවක්.. (ස)
සල්පිලක් එහෙමත් තිබුනද.... (නි)
ලෝකේ කොහේ තිබ්බත් ලස්සනදේ ලස්සනයි (දී)
ඇත්තටම ලස්සනයි
හුගක් ලස්සනයි (නි)
හුගක් ලස්සනයි. තොරණ හදල තියෙන්නේ මොනවා වලින්ද? හරිම ලස්සනයි. මේක නිර්මාණය කරේ කව්ද? කියල හිතාගන්න බැහැ. ඒක නිර්මාණය කරපු කණ්ඩායමට ස්තුතියි. අපට ඇතිවන සතුට කියා නිම කල නොහැකිය. ශ්‍රී ලංකාවෙන්ම අපි දෙවෙනියට දැකපු හොදම තොරණ මේක තමයි. සාදු සාදු!!!.(නදී)
බලන්න කොයි තරම් අගනේද කියලා? (නි)
ඕස්ට්‍රේලියාවේ මෙම ශ්‍රී ලාංකිය ජනතාවට අපගේ ප්‍රණාමය. (නි)