නියඟයෙන් පිඩා වීදින පොළොන්නරුවේ ජනතාවට ජල බෝතල දස ලක්ෂයක් සහ ජල ටැංකි දස ලක්ෂයක් බෙදා දීමේ පිංකම සංකේතවත් කරමින් පොළොන්නරුව විහාරස්ථානවල හිමිවරුන් පස් නමකට ඒවා ලබා දීම කොළඹ සම්බෝධි විහාරස්ථානයේදී අද (12) සිදු කෙරිණි.
ශ්‍රී සම්බෝධි සහන යාත්‍රාව හෙට (13) පස්වරු 4 ට පිටත් වීමට නියමිතය.
කොළඹ සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාට පිං පතා මෙම වැඩසටහන සංවිධානය කැර තිබේ.
එම ජල බෝතල් සියල්ල මහා සංඝරත්නය විසින් දින තුනක් දහස්වාරයක් රතනසුත්‍රයෙන් පිරිත් කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු සාධු සාධු! උතුම් පින්කමක්. මේ පින්කමේ බලයෙන් පතන්නා වූ ලෙසින්ම අපගේ අනගාරික ධර්මපාලතුමාට (සිරි දේවමිත්ත ධර්මපාල හිමියන්ට) උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා !! (නි)
මේ කළ පිනෙන් ජලය උතුරන්නා සේ සෑම සැප සම්පතක්ම ලැබේවා! (නි)
බොහොම හොඳ වැඩක්.පින් සිදු වේවා සියලු දෙනාටම. සතුන්ටත් වතුර ටිකක් හරි දෙනවා නම් ලොකු පිනක් (නි)
එකිනෙකාට උදව් කරන එක තමයි කරන්න ඕනෑ (නි)
තිබහ තිබෙන කෙනෙකුට වතුර ටිකක් දීම ඉතාමත් විශාල පුණ්‍යකර්මයක්. එහි ප්‍රතිඵල මෙලොවදීම දැකබලා ගත හැකියි (නි)
ටැංකි හිස් වුණහම නැවත පුරවන්න වැඩ පිළිවෙළකුත් සකස් කරන්න පුලුවන් නම් කොච්චර හොඳද? (නි)
මේ කළ පිනම ඇති අපේ හාමුදුරුවනේ (නි)
බොහොම උතුම් ක්‍රියාවක් (නි)
උතුම් පින්කමක් අපේ හාමුදුරුවනේ. එදා රජ දවස ඇති වුණයි කියන බැමිණිතියාසාය වෙලාවෙත් මේ මිනිසුන් ආර්ය පරපුරේ කුසගින්න නිවුවා කියලා පොතපතින් අපි අහලා තියෙනවා. ඉතින් මේ උතුම් පිනෙන් ඔබ වහන්සේලා බලාපොරොත්තු වන උතුම් නිර්වාණයම අවබෝධ කරගැනීමට හැකිවේවා! සාදු සාදු සාදු! (නි)
බොහොම වටිනා වැඩක්. පින් සිද්ධ වේවා! ඒ වගේම මේ පැති වලට ඉක්මනීම් වැසි ලැබේවා! (නි)
නොපෙනෙන දෙවියන්ට වඩා මේ වගේ අසරණ අයට උදවු කරන අය ඒ මිනිසුන්ට දෙවියන් වගේ පෙනේවි. (නි)
විදේශයක සිට පැමිණ සිටින මට මේ උතුම් පින්කමට සහභාගිවන්නට අවස්ථාව ලැබුනා. (නි)
කොහොම වුණත් නියඟයෙන් දුක් විඳින අයට වතුර ලැබෙන එක නම් ලොකු දෙයක්. (නි)
දැන් අයට ජලාප්‍රවාහන ක්‍රම ඕනෑ නැහැ. ඕනෑ කරන්නේ ගමට සුරුස් ගාලා යන්න පුළුවන් අධිවේග (නි)
ආදර්ශවත් අගය කළයුතු වැඩක් (නි)
උතුම් පින්කමක්. ත්‍රිවිධ රත්නයේ බලයෙන් නියඟය දුරුවේවා! (නි)
අනුන්ගේ දුකේ දී හදවත කම්පා වන සෑබෑ ලාංකික බෞද්ධයෝ ...... (නි)
පින්සිදු වෙනවා ඔබ සැමට (නි)
මෙය ඉතා හොඳ සද්ක්‍රියාවක්.සැමදාමත් අපේ සිංහල ජාතිය එකට එකතු වූ අවස්ථා තිබෙනවා.මට මතකයි සුනාමිය.මාත් ඒකට බොහොම ක්‍රියාවෙන් දායක වූ කෙනෙක්.නමුත් මෙහෙම ජලය හිඟ වන බව අපි කලින් දැනසිටියා නේද? ඒත් අපිට ඒකට විසදුමක් දෙන්න නොහැකි වුණා නේද? අපි මේවා දකිනකොට ලැජ්ජා වෙන්න ඕනෑ (නි)
ඔබ සැමට තෙරුවන් සරණ ලැබේවා! (නි)
සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම නා හිමියනේ, ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සුවය අත්පත් කරගනිත්වා!!! (නි)
පින් අයිති වෙයි දායක වෙන හැමෝටම (නදී)
උතුම් පින්කමක් . තෙරුවන් සරණයි. (අ)
මෙන්න ආදර්ශවත් වැඩක්. බලවේග කල යුත්තෙත් මෙවැනි වැඩ. ඔබ සැමට පින්.(අ)
මේ කාර්යයට දායක වු සැමට පින් (දිල්)
ඡන්දය නිසා මොණරාගල,බදුල්ල පැත්තට ජලයෙන් නම් කිසිම අඩුපාඩුවක් නැතිව ඇති .(අ)
උතුම් යහපත් පුණ්‍ය ක්‍රියාවක් (නි)
අප කෙරෙහි අනුකම්පාවෙන් බුදුන් වදාල ධර්මය සියලු ලාංකිකයන්ට වටහා දෙන වැඩ පිළිවෙළක් හදන්න හාමුදුරුවනේ... එතකොට ගස්වැල් සතුන් පරිසරය රකින කාලයක් නැවත ඒවි. කල් වැසි ලැබී ...කෙත් වතු සරුවී... සත් සිත් නිවී .. පහන් වේවි ... (නි)
දෙවියන් වහන්සේ සියලු සත්වයන්ට ඉක්මනට වැස්ස ලබාදෙයි (නි)
ඇති හැකි අය නැති බැරි අයට මේ විදිහටවත් පිහිටක් වෙනවා නම් කොච්චර ලොකු පිනක්ද? (නි)
බොහොම පින්! (නි)
ඉතාමත් හොඳ ක්‍රියාවක්. (නි)
හොඳ වැඩක්. බුදුසරණයි! (නි)
මිනිසත් බවේ නාමයෙන් උදව් කරන්න. (නි)
අපිත් මෙයට දායක වුණා. අපිට හරිම සතුටුයි (නි)
මේවා ජනතාවට ලැබෙන්නට සැළැස්වීම පිං අතේ වැඩක් (නි)