යුද්ධයෙන් අතුරුදන් වූවන් ගැන සෙවීමට 2013 දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කැරුණු මැක්ස්වෙල් පරණගම කොමිසම හමුදාවට සුදු හුණු ගෑමේ උත්සාහයක් බව බොහෝ දෙනා සැක සංකා පහළ කළත් පුදුමයකට මෙන් එම කොමිසන් වාර්තාව ගිය රජයට චෝදනා පත්‍රයක් වී ඇතැයි ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය කියයි.
2009 මැයි මාසයේදී අවසන් වූ 37 අවුරුදු ජනවාර්ගික යුද්ධයේදී රජයේ හමුදා දෙමළ කොටි කැරලිකරුවන් සුණු විසුණු කර දැමීමේදී මානව හිමිකම් කඩවූයේ දැයි සොයා බලන ලෙස පරණගම කොමිසමට නියෝග කැරිණි.
රාජපක්ෂ පරාජය වී මාස 8කට පසු 2015 අගෝස්තු මාසයේදී නිකුත් කළ එම කොමිසම කියනුයේ යුද අපරාධ වී යැයි කියන චෝදනා විශ්වාස කළ හැකි බවයි.
හමුදා අණ දෙන නිලධරයනට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමේ ඉඩකඩද ඇති බව එම කොමිසම කියයි.
බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියේ ‘නෝ ෆයර් සෝන් ශ්‍රී ලංකා කිලින්ග් ෆීල්ඩ්ස්‘ වීඩියෝ පටය බොරු නොවන බව සැලකිය හැකි යැයිද එම වීඩියෝවෙන් මතු කරන චෝදනා අධිකරණ පරීක්ෂණයකට භාජනය කිරීම වටින්නේ යැයිද කියයි.
චැනල් 4 වීඩියෝවේ රූපරාමු සත්‍ය බව පරණගම කොමිසම පිළිගෙන ඇතැයිද ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත්, ගිනි අවි පිළිබඳ ලෝක ප්‍රකට විද්‍යාඥයන් ඇතුළු විශේෂඥයන් කිහිප දෙනකුගෙන් මෙම වීඩියෝව සත්‍ය බවට තහවුරු කරගෙන ඇතැයිද ඒ අනුව කොමිසමද එම උපකල්පනය පිළිගෙන ඇතැයිද පරණගම කොමිසම වාර්තා කරයි.
සාක්කි ඉදිරිපත් වුවහොත් එම උපකල්පනය ඉවත් කළ හැකි යැයිද එම වාර්තාව සඳහන් කරයි.
ඉදිරිපත්වී ඇති චෝදනා කිසියම් විශ්වාසයකින් යුතුව හමුදාව ලවා පරීක්ෂා කිරීම ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බවත් ඒ සඳහා ජාත්‍යන්තර සෝදිසිය යටතේ ස්වාධීන අධිකරණ නිරීක්ෂණයක් විය යුතු යැයිද පරණගම කොමිසම සඳහන් කරන බව එම වෙබ් අඩවිය කියයි.
චැනල් 4 වීඩියෝ පටයේ රූප රාමු ගැන යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා පැවැත්වූ පරීක්ෂණයේදී හමුදාව කිසිම වරදක් නොකළ බවට කර ඇති සඳහන් නිසාම කොමිසම එසේ කියා ඇති බව පැහැදිලිය.
පිටු 100 ක ඇමිණුම් ද සහිතව පිටු 179 කින් යුත් මෙම වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මතවූ යෝජනාවටද වඩා ඈතට යමින් යෝජනා කර ඇත්තේ දේශීය යුද අපරාධ විමර්ශන යාන්ත්‍රණය සඳහා විදේශ මැදිහත්වීමක් ඇතිකරගත හැකි බවයි.
ගැම්බියාවේ මෙන් විදේශ විනිසුරුවරුන්ගේ සේවය ලබාගැනීම පිළිබඳව විනිසුරු පරණගම දැඩි ලෙස නිර්දේශ කරයි.
ශ්‍රී ලංකා නීති පද්ධතිය යටතේ යුද අපරාධ ඒකකයක් වෙනමම පිහිටුවිය යුතු බව විනිසුරු පරණගම යෝජනා කරයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාව අන්තර්ජාතික මානව හිමිකම් නීතිය පිළිපදින රටක් බවට පත් කළ යුතු යැයි ඔහු අවධාරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෑන් කට්ටිය මොකද කියන්නේ... (ර)
රොෂාන් දැන් කට්ටිය මොනවද කියන්වටද ආශා... මොන කොමිසම මොනව කිවුවත් අපේ විරුවන්ව දංගෙඩියට ගෙනියන්න දෙන්න බැහැ එ්ක තමා ලාංකීය අපගේ ප්‍රාර්ථනාව අද අපි නිදහසේ හුස්ම ගන්නේ එ් විරුවන් හෙලු ලේ දහදිය නිසා අන්න එ්ක අමතක කරන්න එපා. (බ)
මහින්ද මහතා මේ ගැන මොකද කියන්නේ? (නි)
රොහාන් ඔබ හරි. කවුරු කොහොම කීවත් රණවිරුවෝ කියන්නේ අපේ දෙවිවරු මගේ අප්පච්චි ඇතුළුව මගේ පවුලේ 12 දෙනෙක් හමුදාවේ හිටියා. එක් අයෙක් මැරුණා. හැබැයි රණවිරුවා ඉදිරියට දාලා දේශපාලන වාසිගන්න පිරිසකුත් ඉන්නවා. විශේෂයෙන්ම විමල් වීරවංශ, ගම්මන්පිල වගේ අය. දැන් ඒ අය මොකද කියන්නේ ? (බ)
බූමරංගය රටටය (බ)
දැන් ඉතින් කෝ අර යහපාලනයට කඩේ ගිය හමුදුරුවරු.. දේශපාලකයෝ ....(බ)
අපි රට ඉන්න නිදහසේ රණ විරුවන් හින්දා. නැතුව පරණගමල හින්ද ද ? (බ)
නිකන් බොරුවට කෑ ගහන්න එපා. යුධ අපරාධ කළ පුද්ගලයන් මිස සියළු හමුදා නිලධාරීන් මේ ගණයට හසුවන්නේ නැහැ. මෙය අපට ලැබී තිබෙන අවසාන අවස්ථාව වෙන්නත් පුළුවන්. (නි)
"රණවිරු" කියන එක මම දන්නා විදියට සම්මානයක්. හැමෝටම ලැබෙන එකක් නෙමෙයි. යුද්දෙකදී දක්වන දක්ෂකම් මත ලැබෙන දෙයක් ඒක. නමුත් ලංකාවේ යුද්දෙන් පස්සේ හැම හමුදා භටයෙක්ම "රණවිරු" වෙලා. හමුදා භටයා කියන වචනය පාවිච්චි කරන්නේ නෑ. මේක නිකන් හරියට කවුරු හරි ගායක බට්ටෙක් ටිකක් ජනප්‍රිය වෙනකොට "සුපිරි ගායක" "ප්‍රවීන ගායක" කියල හඳුන්වනවා වගේ. මෙලෝ රහක් නෑ. මහින්ද යුද්දේ දිනුවම "රජෙක්" වුනා වගේ තමයි මේකත්. (බ)
මන් හිතන්නේ මේ ඉන්න බුරුවොන්ට මොලේ රත් වෙන්නේ අායෙත් බෝම්බ පිපුරුනොත් තමා....එතකන් ඇමෙරිකන් කාරයට කඩේ යන එක නවතින්නේ නෑ....ඇමෙරිකන් කාරයා මොකට ගැහුවත් ඒවා හරි හොඳයි...අනිත් මිනිස්සු ගැහුවොත් වැරදි...(බ)
සමහර අදහස් ගැන කණගාටුයි (නි)
හරිම කණගාටුයි රොෂාන් වගේ පාට කන්නාඩි දමාගත් අය ගැන. පරණගමල නම් ජරාවක් කාල කියල පෙනෙනවා. කොටින් කළ ම්ලේච්ඡ ඝාතන ගැන දැන් කාටවත් ගානක් නැහැ....(බ)
හමුදාවේ සිටි අය අපරාධ කර තිබුනොත් දඬුවම් කරන එක වැරදිද? (නි)
සමහරුන්ට ඇත්ත පෙනෙන්න පාට කණ්ණාඩි ඕනෑමද? (නි)
40,000ක් අහිංසක දෙමලුන්ව හමුදාව මරුවා කියලත් ඔය පරනගමයා කියල තිබුනා, මහා පිස්සු මිනිහෙක් (බ)
අපි බලමුකෝ එහෙම වෙයිද කියලා (නි)
අමතක කරන්න එපා. අපි සටන්කළේ නීත්‍යානුකූල හමුදාවක් සමඟ නොවෙයි. මිලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයක් සමඟයි. එම ත්‍රස්තවාදීන් මර්දනය කරන්න වචනයෙන් හෝ උපකාර කළ හැම කෙනෙක්ම අපිට රණවිරුවෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපිට රණවිරුවෙක්.අපේ ප්‍රශ්න අපි විසඳාගන්නම් (නි)
කන්දක් කපද්දී කුබියෙක් මැරෙන එක ගෙන හිතුවොත් කවදාවත් කන්ද කපන්න වෙන්නේ නෑ......කොහොම හරි දැන් කන්ද කපල තියෙනවා මේකෙන් ප්‍රයෝජනයක් ගන්නවද නැත්නම් මරුන කුබි ගැන හොයනවද (ම)
පුද්ගලිකවම මේක මහින්ද මහත්මයාට පමණද? (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු (නි)
කුමුදුනී වත්සලා, ඒක ඔයාට හොඳටම විශ්වාසද? (නි)
මෙයට අදහස් යොමුකර තිබෙන පිරිස බොහොමයක් එම වාර්තාව ගැන හරි දැනුමක් නොලත් පිරිසක් බව පෙනේ. (නි)
ඔන්න බලන්න ඒකෙත් හැටි! (නි)
යහපාලනයට ඡන්දය දුන් එකේ මේ දකින අදහස් ගැන කවර කතාද? අපේ සමහර කට්ටියට රටට මොනවා වුණත් කමක් නැහැ, තමන්ගේ වැඩේ කෙරෙනවා නම් (නි)
මැටිපහන කළ ප්‍රකාශය මම පැකිළීමකින් තොරව අනුමත කරනවා. (නි)
යුද්ධයේ සංකිර්ණ බව, සංවේදී බව පමණක් නොව සමස්ත ශ්‍රී ලංකා සමාජ දේහය මරණ බයෙන්, සැකයෙන්, සිහිසුන්ව හුන් බව මානව හිතවාදී ලේබල්වලින් වසා දමන්න බැරිය. අහිංසක මිනිසුන් තොග පිටින් බෝම්බවලට කැඩී පොඩිවී යද්දී ගොළුව බිහිරිව සිටි මිනිසුන්ගේ වාර්තා හිස් කොළ පමණක්ම විය. භුමරංගය මහින්දට පමණක් නොව මුළු රටටමය. (ර)
ඇයි මේකේ ඉන්න හරක්ට තෙරෙන්නේ නැත්තේ. මේ වාර්තාව හැදෙව්වේ මහින්ද මහතා. නැතුව යහපාලනය නෙමෙයි (බ)
මම නම් මේ ගැන මොකුත්ම කියන්නේ නැහැ (නි)
අර මැටිපහන ලියූ අදහස අගෙයි. අපේ බලසේනා වල හොඳ මිනිස්සුත් ඕනෑතරම් ඉන්නවා. (නි)
71, 89 කැරලි වලදි දකුණේ් දහස් ගණන් මරා දමා කැරලි මර්දනය කළත් කවුරුවත් හමුදා භටයන්ට රණවිරුවෝ කිවුවේ නෑ. නමුත් උතුරේ දහස් ගණනක් මරලා ඒ සන්නද්ධ කැරල්ල මර්දනය කළාම මෙන්න රණ විරුවොලු. මුලු ජාතියටම ලොකු වැරදීමක් වෙලා තියෙන බව පේන්නෙ නැද්ද?(හේ)