අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලීමට මැක්වෙල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ කාලය මාස තුනකින් දීර්ඝ කර තිබේ.
ඒ අනුව මෙම වසරේ මැයි මස 15 වැනි දා දක්වා එම කොමිසමේ කාලය දීර්ඝ කර ඇති බව එහි ලේකම් එච් ඩබ්ලිව් ගුණදාස මහතා සඳහන් කළේය.
කොමිසමේ නිල කාලය අවසන්වීමට නියමිතව තිබුණේ සඳුදා (16) ය. ඒ අනුව කොමිසමේ කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුමැතිය ලබාදී ඇති බව ඔහු කීව
යුද්ධය පැවති සමයේ අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා උගත් පාඩම් හා ප්‍රතිසංධාන යෝජනා අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම කොමිසම පත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd