යුද සමයේ අතුරුදහන් වූවන් ගැන සෙවීම සදහා  මැක්ස්වේල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ  සේවා කාලය අදින් අවසන් වේ.

මෙම කමිටුවේ ඉදිරි විමර්ශන කටයුතු සදහා කොමිෂමට තවත් මාස හයක කාලයක සේවා දිගුවක් ලබා දෙන ලෙසට ජනපතිගෙන් කරන ලද ඉල්ලීමටද මෙතෙක් කිසිදු පිළිතුරක් ලැබී නොමැති බව වාර්තා වේ.

මෙම කොමිසම විසුරුවා හරින්නේද නැතහොත් සේවා දිගුවක් ලබා දෙන්නේද යන්න පිළිබද  තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  ගනු ඇතැයි ආරංචිමාර්ග කියයි.