ශ්‍රී ලංකා රජය සමග පවතින සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට සූදානම් බව බ්‍රිතාන්‍ය රජය පවසයි.
බ්‍රිතාන්‍යයේ විදේශ නියෝජ්‍ය ඇමැති හියුගෝ ස්වයර් මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය සමඟ පැවති සබඳතා ඉදිරියටත් සාර්ථකව පවත්වා ගෙන යාමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කරන බවයි .
සමරවීර යළිත් විදේශ අමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳ සතුට පළ කරන බව බ්‍රිතාන්‍ය නියෝජ්‍ය ඇමැති ස්වයර් මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකය සමග ඉදිරියට අපේ රට යන්ඩ ඕනේ (අ)
අපේ රට සිට ගත යුත්තේ ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය ඇතුලු යුරෝපා සංගමය, ඉන්දියාව, ජපානය වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමඟයි.... (ම)
කරුණාකරලා මතක තියාගන්න. මේක එක එක අයගේ කොළණියක් නෙමෙයි. හාම්පුත්තු නෑ. විදේශීය කොල්ලකාරයෝ විතරයි හිටියේ (නදී)
නාමල් පුලුවන්නම් කියනවද ඇමරිකාවේ, බ්‍රිතාන්‍ය යේ කැනඩාවේ හරි ඔය කියන රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ කොහෙද කියල? (නදී)
අනේ පවු මෙයාල ඒ ගොල්ලන්ගේ රටට වඩා අපේ රට ගැන කරදර වෙනවා. හාම්පුතා කම තවත් තියාගන්න වෙන්න ඇති (අ)
'කොලෝනියල් මාස්ටර්ස්' ලා කිව්වේ ඒ හාම්පුතාලට තමයි. ඔවුන්ගේ සුරතලියන්ගෙන් පැවත එන්නන් දැන් සිංහල නම්වලින් පෙනී සිටිනවා. (අ)
සෑම් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියල දන්නැති හැඩයි....(ම)
මොන පිස්සුද සෑම්.. ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ ස්වාසිලන්තය, උගන්ඩාව වගේ රටවලනේ.... වීසා එකක් දෙනවා කිව්වත් ඔයා ඒවගේ රටකට මිස බටහිර රටකට යන්නෙ නෑ නෙව (ම)
මෙයාල කොයි ආණ්ඩුව පත් වුණත් සුබ පතනවා.ඊට පසේ එයාලගේ කකුල් පිරිමැද්දේ නැත්නම් වල කපනවා. (අ)
එංගලන්තේ අය නම් හිතනවා ඇති අපේ හාම්පුත්තු වෙලා හිටිය කියල. අපිනම් හිතන් ඒගොල්ලෝ මුහුදු කොල්ලකාරයෝ ජාතියක් කියල .කොල්ලකාරයෝ කියල දැම්මනම් හොදයි .අපි අපිව පහත් කරගන්න හොද නැහැ. දේශභිමානය අපේ වචනවලත් තියෙන්න ඕනේ. (අ)
ලෝක දේශපාලන න්‍යාය පත්‍රයට අපි වෙනස් විය යුතුය (බ)
මේ ලෝක ඉතිහාසයේ අනුන්ගේ පිහිටෙන් නැගිටපු කිසිම ජාතියක් නැහැ. අසරණ ජතින්ව කවුරුත් ගණන් ගන්නෙත් නැහැ, වහල් සේවයට මිසක්. (හේ)
ඒ වුනාට ඉන්දික අපේ අයියල හිතන් ඉන්නේ එහෙම නැගිටින්න පුළුවන් කියලනේ. (බ)
මාතෘ භූමියට හාම්පුතෙක් හිටියේ නැහැ නේද ? (නදී)
ඉස්සර ආණ්ඩුව ලිබියාවෙයි ඉරානෙයි උගන්ඩාව පස්සෙයි ගිහිල්ල එ්කට ඔවුන්ගේ ජනමාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් දුන්නා. ලෝකයේ ප්‍රධාන රටවල් සියල්ල අමනාප කර ගත්තා.(නදී)
ඒ කාලෙ හොදම යාළුවා ස්වාසිලන්තේ රජා (අ)