ගාල්ල කරාපිටිය රෝහලේ ළමා හෘද සැත්කම් කිරිම සඳහා එංගලන්තයේ සිට හෘද රෝග විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පැමිණ සිටියි. ඔවුන් මේ වනවිට සැත්කම් 225 කට අධික ප්‍රමාණයක් සිදුකර ඇත.
අඩු ආදායම්ලාභි දෙමාපියන්ගේ දරුවන් වෙනුවෙන් මෙම සේවාව සිදු කරයි. විශේෂඥ වෛද්‍යවරු අටදෙනෙක් හෙදියෝ 10 දෙනෙක් සහායකයෝ සිවු දෙනෙක් මෙම කණ්ඩායමට අයත් වෙති.
මෙම පිරිස එංගලන්නයේ එවලිනා රෝහලේ සේවය කරන අතර වාර්ෂික නිවාඩුවට ලංකාවට පැමිණ සැත්කම් සිදුකරන බව වෛද්‍ය කණ්ඩායමේ නායක විශේෂඥ වෛද්‍ය පෝල් ස්කෑලීස් පවසයි.
වසර 14ක් පුරා මෙලෙස තම සේවාව ඔවුන් ලංකාවට ලබා දී ඇත.
එංගලන්තයේ ජනතාව මේ සඳහා මුදල් ආධාර ලබාදෙන බවද එක් අයෙකු සුව පත් කිරීම සඳහා ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ තුනක සිට රුපියල් ලක්ෂ 30 දක්වා මුදලක් පමණ වැයවන බවද ඔවුහු පැවසූහ.
මෙයට අමතරව ගාල්ල කරාපිටිය රෝහලට අවශ්‍ය සැත්කම් උපකරණ, උපාංග හා ඖෂධ මොවුන් විසින් ලබා දී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇසට කඳුලක් අාවා සතුට වැඩිකමට. මට කරන්න බැරිදෙයක් එතුමලන්ලා කරනවා. ගොඩක් සතුටු හිතෙනවා. ඔබ සැමට අමාමහ නිවන ලැබේවා! මතු උපදින ජාතියක නිවන් දකිනතුරු ඔබතුමාලා එරටේම ඉපදේවා! මොකද ඔය ගුණදම් අද මගේ රටෙන් නැතිව යන නිසා (නි)
ඇස් වලට කඳුළු ඉනුවා මේ පුවත දැකලා. මේ මං පදිංචි රටේ දෙවිවරු වන් මිනිසුන් (නි)
අපේ තාමත් හුඟක් අය හිතාගෙන ඉන්නේ ලෝකෙන් උතුම් රට, උතුම් මිනිස්සු ඉන්න එකම රටත් මේක කියලනේ. (නි)
මේ වගේ උතුම් වැඩකත් වැරදි දකින අමනයෝ ඉන්නවනේ අපේ රටේ. (අ)
අපේ මේ වරප්‍රසාද ඉල්ලා වැඩ වර්ජනය කරන අය මතක් වුනා...! (අ)
වසර 14ක් පුරාවට මෙම සැත්කම කරනවාය කියන්නේ ඉතා ඉහළින්ම අගය කළයුතු ක්‍රියාවක්. ලංකා රජයෙන් මනුෂ්‍යත්වය වෙනුවෙන් දෙන ඉහළම සම්මානය මේ වෛද්‍ය කණ්ඩායමට සහ මෙයට මුදලින් සම්මාදම්වෙන බ්‍රිතාන්‍ය ජාතිකයින් වෙනුවෙන් පිරිනමන්න වටිනා කියන සත්ක්‍රියාවක්.
චාමර වැරදි දැක්කට හැම විටම විවේචනය කරන්න එපා... මේක අවුරුදු 14ක් තිස්සේ ලංකාවේ වෙන දෙයක්. මේක ලංකාවට ගෙනාවේ එංගලන්තේ පදිංචි ශ්‍රී ලාංකිකයෙක්. මේ සඳහා ඔවුන් තෝරාගෙන තිබුනේ සෝමාලියාව වැනි රටක්. නමුත් ලාංකිකයාගේ ඉල්ලීම මත මෙම සේවය ලංකාවේ අහිංසක දුප්පත් මිනිසුන් වෙනුවෙන් ලැබුන. මේ එංගලන්තෙය් හදවත් සැත්කම් උගන්වන වෛද්‍ය විද්‍යාලයක සැම වසරකම පිටත් වෙන නවක වෛද්‍යවරු සඳහා ප්‍රයෝගික පුහුණුව සඳහා කරන්න දෙයක්. මෙතන පුහුණුව අවශ්‍ය නවක වෛදරුන් මෙන්ම එංගලන්තෙය් ප්‍රවීන වෛද්‍යවරුන් ඉන්නවා. මෙම අවුරුදු 14 ටම මම දන්නා විදියට එකම එක මරණයක් වාර්තා වුණා. එකත් ඉතාමත් අසීරු සැත්කමක්. එහි ඇති අවදානම දෙමව්පියන්ට පවසා ඔවුගේද ලිකිත අවසරයක් මත තමයි එක කරේ. මෙම සැත්කමක් කරන්න අඩුම ගානේ ලක්ෂ 10ක් වත් වියදම් කරන්න වෙනවා. ඔය සියලු වියදම් දරන්නේ එම විද්‍යා විද්‍යාලයෙන්. ලක්ෂ 10ක් තිය රුපියල් 1000ක් වත් හොයාගන්න බැරි මිනිස්සු වෙනුවෙන් මේක කරන්නේ. අපේ අහිංසක මිනිස්සුන්ගෙන් ගන්න බදු සල්ලි වලින් ඉගෙන ගෙන අහිංසක රෝගීන්ගේ ජිවිත ප්‍රාණ ඇපයට තියාගෙන වර්ජන කරන දොස්තරලා ඉන්න රටක මේ කරනදේ ඉතාම විශිෂ්ටයි (අ)
චාමර ගැන අනුකම්පා හිතෙනවා! (අ)
අපේ වෙද්දු වාහන පර්මිට්, දරුවන්ට ජනප්‍රිය පාසල් ඉල්ලමින් ලෙඩ්ඩු ප්‍රාණ ඇපයට අරන් වර්ජනය කරනවා. විදේශිකයෝ ඇවිත් අපේ ජිවිත බේරනවා. අපේ වර්ජන කරන වෙද්දුන්ට සහ වෙදසිසුන්ට ජනතාව මහපාරේදී ගල්ගසා එළවන දිනය වැඩි ඈතක නොවේ (නි)
තිළිණ, අවුරුදු සියගානකට කලින් සිටි උදවිය කළ දේ අල්ලාගෙන මෙහෙම හොඳ වැඩක් කරන අයට ගරහන එක හරි ද ? (බ)
චාමර සමඟ මම එකඟයි (නි)
සුද්දෝ ලංකාවට ආපු එකයි පාවා දුන්නු එකයි ගැන උඩ දාගෙන කෑ ගහන අය දැන් මොකද කියන්නේ...(බ)
සේවයක්ම නම් හොඳයි. ඒත් මේවා දිහා මීටවඩා විමසිලිමත් වියයුතුයි. ඇත්තටම මේ අය විශේෂඥ වෛද්‍යරුද එහෙම නැත්නම් පුහුණුව සඳහා අපේ දරුවන්ව යොදා ගන්නවාද. මේ අයගේ සහතික, පුහුණුව බලලා වෙන්න ඇතිනේ මේවාට ඉඩ දෙන්නේ. (නි)
මොනතරම් වටිනා සේවයක්ද? (නි)
අන්න පින්වත්තු. (අ)
ගරු සේවයක් අවුරුදු 14 තිස්සේ කළා කිව්වට දැනගත්තේ අද .. සමහරවිට අත්හදා බැලීම් වෙන්න බැරිද (අ)
ඒ ගොල්ලන්න්ගේ ප්‍රයෝගික පුහුණුවීම්වලට ලංකාවේ ළමයිව යොදාගෙන එකට මෙ පමණක් වියදම් වුණා කියල කියන එක මට තේරෙන්නේ නැහැ. ඒ රටවල මානුෂික අයිතිවසිකම්ය කියා පොඩ්ඩ බැරි වුණොත් මිලියන ගණන් ගෙවන්න වෙන්නේ. මෙහෙට ඇවිල්ල උදවුවක් කර කියල ගානකුත් පෙන්වනව. ඔලුව අතගාල ටොකු අනින්නේ. (අ)
අපේ අය නම්, නොමිලේ තුවාලෙකට බෙහෙත් ටිකක් දායිද...? (අ)
ගුණවත් මිනිසුන්ගේ සත්ගුණවත් කටයුතු ගැන සමහරුන්ට කිසිම දැනීමක් නැති බව ඉහත සමහර අදහස් වලින් පෙනෙනවා (නි)
අපේ වෛද්‍යවරුන්ගේ සංගමය මේ ගැන විරෝධය දක්වලා ස්ට්‍රයික් කරන්නේ එහෙම නැද්ද? (නි)
සුබ පතනවා හැමෝටම වගේම පින් සිදුවෙනවා මේ අහිංසක දරුවෝ වෙනුවෙන් පෙනීහිටියට!
අපේ අයට වාහන, එයාලගේ දරුවන්ට හොඳ ඉස්කෝල දෙන්න ඕනෑ ඕවා කරගන්න නොවැ. අනික සැත්කමක් කළොත් ලෙඩාගේ අවසානය තමයි (නි)
කොච්චර හොඳ වැඩක්ද මේ.(හේ)
කෝ මේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කණ්ඩායම? මේකටත් මොකුත් කිව්වේ නැත්නම් ලොකු අඩුවක් නේද? (නි)
වසර 14ක් පුරාවට මෙම සැත්කම කරනවාය කියන්නේ ඉතා ඉහළින්ම අගය කළයුතු ක්‍රියාවක්. ලංකා රජයෙන් මනුෂ්‍යත්වය වෙනුවෙන් දෙන ඉහළම සම්මානය මේ වෛද්‍ය කණ්ඩායමට සහ මෙයට මුදලින් සම්මාදම්වෙන බ්‍රිතාන්‍ය ජාතිකයින් වෙනුවෙන් පිරිනමන්න වටිනා කියන සත්ක්‍රියාවක්. (නි)
ආදරණිය මිනිස්සු...! අපේ මිනිස්සු නිවාඩු අරන් පිටරට ගිහින් සැප විදලා එනකොට එ් මිනිස්සු තමන්ගේ වාෂික නිවාඩුවත් අසරණයින් වෙනුවෙන් කැප කරනවා. (නි)
මේක හොඳ වැඩක් තමයි. ඒත් මේ අයට වෙස්සන්තරලා මෙන් වැඩ කිරීමට අවශ්‍ය ධනය ලැබුණේත් අපේ රට ඇතුලුව තවත් රටවල් ගනනාවක් "දුප්පත් " රටවල් බවට පත් වුනේත් මේ අයගේ මුතුන් මිත්තන් අවුරුදු සිය ගනනක් අපේ රට රටේ සම්පත් හා ශ්‍රමය සූරා කෑ නිසා බව මතක තියා ගන්න (අ)
ඔන්න නියම මිනිස්සු! (නි)
අපේ ප්‍රණාමය ඔබතුමන්ලාට! (නි)
ඉතා හොඳ අගය කළයුතු වැඩක් (නි)
අපේ දොස්තර මහත්තුරු සල්ලි පස්සේ දුවනවා මිසක් නිකමට මේ වගේ හොඳ වැඩක් කරනවද (නි)
මේ වගේ අය පිටරටක සිට විත් මේ කරන සේවය විශිෂ්ටයි. අපේ ඊනියා සංගම් වල අයත් ඇස් ඇරලා මේ දිහා බැලුවොත් හොඳයි (නි)