දෙහිවල සතුන් වත්තේ ටෝනි චිම්පන්සියා වසර 10කට අධික කාලයක් තිස්සේ බලාගන්නා පුහුණුකරුගේ දකුණු අතේ දබරැගිල්ල වෙන් වන පරිදි කටින් කඩා දැමීය.
වසරකට ආසන්න කාලයක් මේ සතා හුදකලාව වෙසෙයි.
ටොෆියක් කැවීමට යද්දී චිම්පන්සියා ඔහුගේ ඇඟිල්ල සපා ඇත.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ චිම්පන්සියාගේ හිටපු පුහුණුකරු තිලක් පුෂ්පකුමාර මහතා වේ.
ස්නායු වෙන්වීම නිසා ඇඟිල්ල බද්ධ කිරීමට නොහැකි බව රෝහල කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරයට ටෝෆියක් කවන්න යන්න ඇති. සතාටත් වරදිලයි ඇඟිල්ල හැපෙන්න ඇත්තේ. හැමදෙයම වැරදියට බල්ලන්න හොඳ නැහැ. (දී)
නෑ...නෑ සත්තුන්ටත් දැන් මිනිස්සුන්ගේ ගතිගුණ පුරුදුවෙලා...නැද්ද මන් අහන්නේ. (දී)
දෙශපාලුවන්ටත් හොඳ පාඩමක්. (අ)
හුදකලාවේ ඉන්න කොට! නොදුන් ඒවා මතක් වෙන කොට! හපන්න බැරි ටොෆි ලැබෙන කොට! මට උවමනා ඒවා මතක් කොට! කෑවෙමි ඇඟිල්ලක් කර කොට! (අ)
ටොපියට රැවටුණු කාලේ ඉවරයි කියලා කියන්න බැරි හන්දා ඇගිල්ල හපන්න ඇති (දිල්)
චින්පන්සියට ටෝෆියි ඇගිල්ලයි අදුරගන්න බැරිවෙන්න ඇති. (දිල්)
මේ සේවකයන්ට රජයෙන් නොමිලේ රක්ෂණයක් ලබාදිය යුතුයි (දිල්)
දැන් පුළුවන් සිලිකන් ඇගිල්ලක් දන්න (අ)
කුසගින්නෙ ඉන්න සත්තු ටොෆී දීල රවට්ටන්න බැහැ. මිනිස්සුන්ව නම් පුළුවන් වෙයි. (අ)
මිනිස්සුන්ට ටොපි සීනිබෝල දීල ෂේප් කරගත්තත් චිම්පන්සියන්ට ඒ සෙල්ලම් හරියන්නේ නැහැ. (දී)
කන්න දුන්න අත හපන මින්ස්සු ඉන්න කාලේ සතෙක් අගිලක් විතරක් කෑවට මොකද (දී)
සත්තුවත්තේ සතුන්ටත් අවුරුද්දකට සැරයක් බජට් එකක් තියන්න කියල මම යෝජස්න කරනවා , එතකොට අපි වගේම සත්තුත් බජට එක දිහා බලන් ඉඳි බඩගින්නත් ඉවසගෙන , (දී)
ටොපි දීල ජනතාව රවටා ඡන්ද ගන්න හදන දේශපාලන අඥානයින්ට මෙය හෙට දිනය පිලිබඳ කෙරෙන අනතුරු හැඟවීමක්ද? (නදී)
පරණ තරහක් පිරිමහලා.(නදී)
නියම දඬුවම. දේශපාලුවෝ දෙන ටොෆී මිනිස්සු අපි රස කර කර කෑවට සත්තු අහුවෙන්නේ නෑ ඔය ටොෆී වලට.(නදී)
සත්තු වත්තේ හැටි දැන් තේරෙනවා නේද ? ටොෆියත් ප්‍රධාන කෑම වේලක් කරන්න ගිහින්ද කොහෙද ? (නදී)
කන්න දුන්න අත හපන මිනිස්සුත් ඉද්දි ඔක අහන්න දෙයක්ද (දී)