ආනයනය කරන ලදැයි කියන, මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 35,000 ක් වෙළදපොළට එවීමට සදහා සුදානම් කරමින් තිබියදී හදිසි වැටලීමකදී සොයාගත් බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ශ්‍රීමාල් විතානආරචිචි මහතා පවසයි. කැකිරාව පුබ්බෝගම ප්‍රදේශයේ පිහිටි ගබඩාවකින් මෙම සහල් තොගය සොයාගෙන තිබේ.
සහල් සුද්ධ කරමින් සිටි පුද්ගලයන් 6 දෙනකු සහ ගබඩා අයිතිකරු අත්අඩංගුවට ගත් බවත් සැකකරුවකු පලාගිය බවත් වැටලීමට එක්වූ නිලධාරීහු කියති. මෙම සහල් තොග මිට දින කීපයකට ඉහතදී කන්ටේනර් රථ තුනකින් මේ ස්ථානයට ගෙනවිත් ගොඩබා තිබේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි මේ කාලෙට ගැළපෙන්නේ නම් පිදුරු සහ තණකොළ විතරයි. අපරාදේ හාල් ටික සුද්ද නොකරම ගවයින්ට දෙන්න තිබුනා (නි)
රුපියල් දාහක් දඩ ගහයි. තරයේ අවවාද කරලා වැරදිකාරයින් නිදහස් කරලා දායි. එච්චරයි! (නි)
මොවුන්ගේ ගබඩා දේපලත් එක්කම රාජසන්තක කරන්න තියෙන්නේ. හැමදාම පොලිසියෙන් හොරු අල්ලනවා. 100/200දඩ ගහලා යවනවා. එච්චරයි (නි)
මේවට මොනවද වෙන්නේ? අායෙත් පිට පාරෙන් වෙළඳපළටද? (නි)
වැඩේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හිතාගන්න පුලුවන් (නි)
කසළ තේ, කසළ හාල්, කොයිතරම් අල්ලනවද? මේගොල්ලෝ අපට ජරාව කවලා, රටේ නමත් කාලා සල්ලි හොයන්න කොයිතරම් උත්සාහ කරනවද? කොහෙද අර කියන සහජීවනය? (නි)
මේවා හැමතැනම කෙරෙනවා ඇති. මේ කෙරුවාවේ මහම තක්කඩියන් අසුවෙන්නේ නැහැනේ. මේගොල්ලන්ව ගලවා ගැනීමට උගතුන් කියලා කට්ටියකුත් ඉන්නවනේ. ජනතාව ගසාකන හැම කෙනෙකුටම ශාප වේවා! (නි)
අනේ හැබෑටම මෙහෙමත් මිනිස්සු! (නි)
තුන් වේලම බත් කාපු රටකට වෙලා තියෙන දෙයක්. ඔහොම යමු හැර වෙන කියන්න දෙයක් නැහැ (නි)
නිසි දඩුවම් ලබා දෙන්න. නැවත මෙවැනි ව්‍යාපාර කරන්නත් ඉඩදෙන්න එපා. (නි)