මෙවර අයවැයෙන් පිලට් නමැති යකඩ පොලු සඳහා ආනයනික බදු සහන ලබාදීම හේතුවෙන් මෙරට අබලි යකඩ එකතුකරන්නන්ගේ රැකියා අනතුරේ වැටී ඇතැයි පවසමින් දකුණු පළාත් පරණ යකඩ එකතුකරන ව්‍යාපාරිකයෝ අද ගාල්ල බස්නැවතුම ඉදිරිපිට මාර්ගයේ උද්ඝෝෂණයක නිරත වූහ. ඔවුන් පවසන්නේ තමන් එකතුකරන පැරණි යකඩ මෙරට දී පිලට් සෑදීමට අළෙවි කළ බවයි. බදු සහන හේතුවෙන් මෙරට පිලට් නිෂ්පාදනය නවතිනු ඇතැයි ද එසේ වුවහොත් දකුණු පළාතේ පැරණි යකඩ එකතුකරන්නන් 12,000 ට පමණ ආදායම් අහිමිවෙතැයි ද උද්ඝෝෂණයේ නිතරවූවෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර එහා පැත්තේ හදන්න දාලා තිබුණු යතුරුපැදිය අපේ සීයාට හොරෙන් අරගෙන ගිහින් ගාල්ලේ පරණ යකඩ බඩුකාරයෙක්. සමස්තයක් වශයෙන් මෙයාලගෙන් රටට වෙන සේවයට වැඩිය ආනයනය කළ බද්ද වැඩිකිරීමෙන් වෙන සේවය වැඩියි. (නි)
පවු අහිංසක මිනිස්සු (නි)
අහෝ දුකකි! දිලිප්ගේ අදහස වටිනවා (නි)
කොහොමත් ආණ්ඩුව ලංකාවට වඩා ඉන්දියාවට ආදරෙයි.. වාගේ (ම)
"ගයනා" දැන් හරියට හිතට අමාරු ඇති නේද? කාර් ගන්නනේ හිතන් හිටියේ. (බ)
අපි නම් දැන් යන්නේ කාර් එකේ..... සෙල්ලම්. (ස)
කවුරුහරි දේශපාලුවෙකුට හොඳ කුට්ටියක් ඇති, නැතිනම් යකඩ ගෙන්නන සමාගම ඇමැතිගේ මාමාගේ වෙන්න ඇති. (බ)
සෙන්ට් ඇන්තනීස් සමුහ ව්‍යාපාරයේ මුල්ම සභාපති වූ ඒ.වෛ.එස් ඥානම් මහතාත් රුපියලයි ශත පනහයි සාක්කුවේ දාගෙන කොළොඹ ඇවිල්ල මුලින්ම කරලා තියෙන්නේ ඇන මුරිච්චියි පරණ යකඩයි එකතු කරපු එකයි. (ස)
දකුණු පළාතට පමණක් නොවේ මුළු රටටම කරන අපරාදයක්. අබලි යකඩ පමණක්ම නොවේ අප රට තුල හදන්න හැකි සියලුම දේවල් පිට රටින් ගෙන්වීම දිනෙන් දින අඩු කිරීම සඳහා පියවර ගත යුතුව තිබෙන නමුත් රජය ස්වානිෂ්පදන දිරි ගැන්වීම සඳහා කිසිම් උත්සහයක් ගන්න බව නොපෙනේ. ඉදිරියට සියලුම දේවලට ඉන්දියාවට අත පාන්න වෙයිද කියලා හිතනවා. මන්ත්‍රී වරුන් ගම් වල ඇවිදලා බලන්න. ටින් කර රට යැවිය හැකි කොපමණ එළවලු පලතුරු ආහාර ද්‍රව්‍ය අපේ වතුවල නාස්ති වෙනවද කියලා. හොඳම උදාහරණය කන්කුන්. අපි ගණන් ගන්නේ නැහැ. ලොකු හෝටල් වල දීසිය රු 2000 ක් විතර වෙනවා. (හේ)
පරිසරය වනසන පරණ වාහන කෑලි, පරණ පරිගණක ගෙන්වීම නැවැත්විය යුතුයි. (නි)
දුක හිතෙන දෙයක්. අමාරුවෙන් කීයක් හරි හොයාගන්න මිනිස්සුන්ට සහනයක් ලබා දිය යුතුය. (ස)
අනේ මන්දා තව ටික දවසකින් කුලී මිනීමරුවොත් පාරට බහියි මිනීමරුවන්ට දඩුවම් දීම නිසා තමන්ගේ කර්මාන්තේ කරගෙන යන්න බැරිවෙනවා කියලා. (ස)
මේ අය අනුන්ට බරක් නොවී තමන්ගේ වේල හොයාගන්න පිරිසක්. මෙවර අය - වැය දුප්පතාට සහන දුන්න නම් මේ අයට මෙහෙම ඉල්ලීම් කරන්න ඕනේ නෑ. (ස)
ඇත්තටම මොවුන් දිරිමත් කළයුතුයි. ප්ලාස්ටික් බෝතල් වලටත් වටිනාකමක් දියයුතුයි. අපේ රට හැමදාම පස්සටමයි යන්නේ (නි)
අර " යකඩ සුදා .." තවමත් සතුටින් යෙහෙන් වැජබෙනවානේ.ඇයි දෙවියනේ ඒකා හොරා කියලා ඔප්පුවෙලත් තවම එළියේ. (අ)
ඇත්තටම පරණ යකඩ එකතු කරන අය නිසා පරිසරය බොහෝසෙයින් රැකෙනවා (නි)
පැලට්වල ආනයන බද්ද අඩු කිරීමෙන් වානේ මිල අඩු වනු ඇත. එයින් ඉදිකිරීම් ඇතුළු යකඩ භාවිතාවන කර්මාන්ත කිහිපයක පිරිවැය අඩු වනු ඇත. මෙය විශේෂයෙන්ම නිවාස ඉදිකරන්නන්ට සහනයකි. (බ)