දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාත් මින් සුළු මොහොතක පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ශාන් විජයලාල් ද සිල්වා මහතා ගාල්ල දිසත්‍රික්කයෙන් මනාප 96,129ක් ලබා ගත් අතර ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප 249,678 ලබා ගත්තේය. ආණ්ඩුපක්ෂයෙන් පළාත් සභා දෙකට තේරීපත්වූ මන්ත්‍රීවරු ද ජනපති ඉදිරියේ අද දිවුරුම් දෙති. පළාත් සභාවේ ඉතිරි ඇමතිවරු දිවුරුම් දීම තව දින කිහිපයක් කල්යන බව රජයේ ආරංචිමාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට හොද නිසා පත් කර ගත්තා කාටවත් මොකුත් කියන්න බැහැ (දී)
මටනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ (දී)
එතකොට අර අහවල් මහත්මිය ඡන්දෙට පෙර, " මහ ඇමතිකම දුන්නේ නැත්නම් දමලා ගහලා ගෙදර යනවයි " කිවුවේ මොන පළාත් සභාවේද? දකුණු පළාතේද? දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මගේ අදහස නම් කෙනෙකුට එක අවස්ථාවක් පමණක් මේ තනතුර දිය යුතු බවයි. පළාත් සභා පනතටම වගන්තියක් ඇතුළත් කර හෝ පක්ෂය ඇතුළේම යම් කතිකාවකින් හෝ එම දෙය සිදු විය යුතුයි. ලබාගත් මනාප ප්‍රමාණ මේ තනතුර සදහා සුදුසුකමක් නොවිය යුතුයි. සුදුසු වගකීම් දැරිය හැකි පුද්ගලයින්ට අවස්ථාව ලබා දිය යුතුයි. (නි)
අර පෘතුග්‍රීසීන් 1948 දී ලංකාවට නිදහස දුන්නා කියාපු ගුරුළුගෝමිට මේ පදවිය නොලැබුන එක රටේ වාසනාවක්.(නදී)
අර නිලි තුමියට නොදුන්නේ මොකද?. (නදී)
පළමු වතාවට හොඳ,මොළය ඇති අදහසක් බන්දුල මහත්තයා කියලා තියෙනවා.බොහොම ස්තුතියි. එහෙම නම් ජනාධිපතිවරයෙක් එක පාරක් ඒ පදවියේ හිටියම හොඳටම ඇතිනේ. (නි)