නිරිත දිග මෝසම් වර්ෂාව නොලැබිමෙන් වික්ටෝරියා ජලාශයද සිඳී ජල විදුලි නිෂ්පාදනය පහළ වැටී පැරැණි තෙල්දෙනිය නගරයද මතු වී ඇත.
ලංකාවේ දෛනික සමස්ත විදුලි පරිභෝජනය ගිගා වොට් පැය 30ක් පමණ වන අතර වික්ටෝරියා විදුලි බලාගාරයෙන් දිනකට ගිගාවොට් පැය. 5.5ක් පමණ උත්පාදනය කරන නමුත් මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් එය ගිගා වොට් පැය 1.5ක පමණ අඩු මට්ටමක පවතින බවත් දැනට වික්ටෝරියා ජලාශයේ ඉතිරි වී ඇති ජල පරිමාණය අනුව තව ගිගා වොට් පැය 70ක් පමණ විදුලිය උත්පදානය කිරීමට හැකි බවත් වික්ටෝරියා ජලවිදුලි බලාගාරයේ විදුලි ඉංජිනේරු (මෙහෙයුම්) ජේ.ඒ.එස්. ජයසිංහ මහතා පැවැසීය.
තෙල්දෙණිය නගර මධ්‍යයේ තිබූ යකඩ පාලම පන්සල, චෛත්‍යය හා කෝවිලක නටබුන් ද හොඳින් දැක බලා ගැනීමට පුළුවන.
1984 දී එක්සත් රාජධානියේ ආධාර මත ඉදි වූ මෙම වික්ටෝරියා ජලවිදුලි බලාගාරය ලංකාවේ ඇති විශාලම ජලාශයවේ. එහි රැඳවුම් ජල ධාරිතාව ඝන මීටර කෝටි 73ක් පමණ වෙයි.
1
ගෙවුණු සතියේ පාතාලයට සම්බන්ධ කතා අලුත් ක-ුඩු රජා දිසානායකද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd