මේ දිනවල අතිසාර්ථකව තිරගත වෙන %සුල්තාන්^ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන අනුෂ්කා ෂර්මාට යළිත් වරක් ෂාරුක් ඛාන් සමග රඟපෑමට අවස්ථාව ලැබී තිබෙන බව වාර්තා වෙයි. එය යශ්රාජ් චිත්‍රපටයක් බවත්, එහි රූපගත කිරීම් කටයුතු අගෝස්තුවේදී සිදු කිරීමට නියමිත බවත් සඳහන් වෙයි.
අනුෂ්කා මේ වනවිට ෂාරුක් ඛාන් සමගින් මේ වනවිටත් බොලිවුඩ් චිත්‍රපට දෙකක රංගනයෙන් දායක වී ඇති අතර, ඇය බොලිවුඩ් සිනමාවට පිවිසි 2009 වසරේ "රබ් නේ බනා ඩී ජෝඩි" චිත්‍රපටයේද අනුෂ්කාගේ පෙම්වතා ලෙස චරිත නිරූපණය කරනු ලැබුවේද ෂාරුක්ය. ඉන් පසුව 2012 වසරේදී යළිත් අනුෂ්කා, ෂාරුක් ඛාන් සමගින් චිත්‍රපටය රඟපෑ අතර, ඒ ප්‍රකට යශ් චොප්රාගේ අවසන් සිනමා නිර්මාණය වූ "ජබ් තක් හේ ජාන්" චිත්‍රපටයේය. එමෙන්ම මේ චිත්‍රපට දෙක හා ඉදිරියේදී නිර්මාණය කිරීමට නියමිත චිත්‍රපටයද යශ් චොප්රා චිත්‍රපට සමාගමේ නිෂ්පාදන වීම විශේෂත්වයකි.
මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු ලබන අගෝස්තුවේදී සිදු කිරීමට නියමිත අතර, චිත්‍රපටය ලබන වසර අගදි හෝ 2018 වසර මුලදී ප්‍රදර්ශනය කිරීමට නියමිත බව සඳහන් වේ. මේ සම්බන්ධව සමහරක් බොලිවුඩ් සිනමා වෙබ් අඩවි සඳහන් කර ඇත්තේ ෂාරුක්ගේ %රායිස්^ චිත්‍රපටයට තිරගත කිරීමට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වන බවට සැකයක්ද පවතින බවයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පරණ ජෝඩුවම ආයෙත්