මොරටුව ශ්‍රමදාන මාවතේ දී ත්‍රී රෝද රියදුරකු අද උදේ කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. සිය දරුවන් පාසලට ඇරලවා එද්දී මේ ඝාතනය සිදුකැර ඇත්තේ පරණ කෝන්තරයක් මත විය හැකියැයි පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරණ කෝන්තරය පිරිමහයි
චින්තක Friday, 29 November 2013 09:23 AM
මොරටුව කියන්නේ ඉන්දියාවට් වඩා ඔය කියන වාහන තියෙන ගමක්. මිනිස්සුන්ට පුදුම වදයක් මොරටුවේ ඕවා නිසා තියෙන්නේ. කිසිම නීතියක් නෑ ඒ අයට. නගර සභාවෙන් කිසිම නීතියක් නෑ. ඔහොම වෙනවා කොහොමත් එතකොට.(නදී)
අමිළ කටුනායක Friday, 29 November 2013 09:26 AM
හාමුදුරුවෝ මරපු මිනී මරුවොත් එළියේ නම් මේ මිනීමරුවත් අසුවුනොත් ඉක්මනින් එළියේ. (නදී)
වජිර Friday, 29 November 2013 09:26 AM
දැන්නම් රට ආශ්චර්‍ය කරා ලඟාවි ඇති බවක් තමයි අපට පෙනෙන්නේ. (නදී)
කුමාරි Friday, 29 November 2013 09:27 AM
අද කාලේ කපන කොටන එක මෝස්තරයක් වෙලා. අතිගරු ජනාදිපතිතුමනි රටට දැඩි නීති පද්දතියක් අවශ්‍යයි. මිනීමරුවන්ට ඇති ලිහිල් දඩුවම් නිසයි බය ඇරිලා තියෙන්නේ. (නදී)
මෙර්වින් Friday, 29 November 2013 09:30 AM
මෙහෙමත් මිනිස්සු.(නදී)
රූපවතී Friday, 29 November 2013 11:19 AM
මරාගනිල්ලා, මරාගනිල්ලා වෙන ලියන්න දෙයක් නැහැ. පසුගිය සතියේ මිනී මැරුම් දෑසින් දැකලා කම්පා උණු මිනිසුන්ම නේද මේ සතියේ මේ වගේ හැසිරුනේ. තවත් එක මිනී මරුවෙක් උනේ. තාත්තගේ ඇස් දෙක ඇරිලා එල්ලුම් ගහට අත්සන් කරන කම් ඔබලා සේරම පෝලිම හදාගනිල්ලා. අද හෙටම එල්ලුම් ගහ එනවා. බයවෙන්න එපා එල්ලෙන්න බලාගෙන හිටපල්ලා. පව් කාරයෝ. (නදී)
නිමල් Friday, 29 November 2013 11:48 AM
මේ වගේ අපරාද කරන අයට දඩුවම් දුන්න කියල වැඩක් වෙන්නේ නැහැ. දඩුවම් දෙන්න දෙන්න අපරාද තව තවත් වැඩි වෙනවා කියලා මට නම් හිතෙනවා, මේ වගේ අපරාද වලට පෙලබෙන්න හේතුව හොයාගන්න අපේ රටේ බුද්ධිමතුන් උනන්දුවෙන්න ඕනා. මේකට හේතුව සමහර විට, අධ්‍යාපන ක්‍රමය, ජනමාද්‍ය වලින් අහන දකින දේවල්, දේශපාලනය , ආගමික සහ සමාජීය පසුබිම , මානසික අසහනය , එහෙමත් නැත්නම මත්පැන් මත් ද්‍රව්‍ය... මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අපරාද වලට හේතුව හොයාගෙන ඒවාට පිළියම් යොදන්න ඕනා. (නදී)
පිටබැද්දර ජයා Friday, 29 November 2013 02:20 PM
කුමාරිට පිස්සුද මන්දා. නීති දැඩි කරලා එල්ලුම් ගහ ගෙනාවොත් කාටද ඉස්සෙල්ලම නගින්න වෙන්නේ ? හා දීපන්කො පුළුවන් නම් උත්තර ?(නදී)