පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (24) පස්වරුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අයවැයට එරෙහිව උද්ඝෝෂණය කළේය.
2016 වර්ෂය සඳහාවු අයවැය ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු වූ අයවැයක් බව එම පක්ෂය කියයි.
‘එම නිසා මෙම අයවැය පරාජය කරන සටන දිගටම ක්‍රියාත්මක කරනවා‘ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජික දුමින්ද නාගමුව අදහස් කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව පත්කරන්න මෙයාලා උදවු දුන්නේ නැද්ද එතකොට? (නි)
ඔබට ස්තූතියි! ඉදිරියටම යමු (නි)
ඔබට අපේ ප්‍රණාමය! (නි)
ඉදිරියට වීමට තිබෙන සමහර අනතුරු තේරුණ පිරිසක් කියා සිතෙනවා. මෙවන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිටීම සතුටක් (නි)
අප්පට සිරි ජන ගඟ....!.(රේ)
JVP එක කියනවට වැඩ වැඩි දෙයක් කියනවද මෙයාලා?.(රේ)
මේගොල්ලන් සරසවිෙයදි කලේ අනෙක් ළමයින්ගේ ඉගෙනීම කඩා කප්පල් කල ඒක විතරයි. දන්නේ අයිතිවාසිකම් ගැන විතරයි . යුතු කම් නැහැ. රස්සාවක් කරන්නේ නැහැ ආදායමක් හරි හම්බ කර ගන්න මහන්සි වෙන්නේ නැහැ.. රටේම තරුණ පිරිස කුලප්පු කරකර ඇවිදිනවා. .(රේ)
අපි කැම්පස් ඉන්දැද්දී පන්ති වර්ජන කෝලාහල සංවිධානය කරලා ළමයින්ට වැඩ වරද්දපු කට්ටියක් ව පට්ට ගහන්න අපි මේ බලන් ඉන්නේ. .(රේ)
ගාලු පාර , බේස්ලයින් පාර , හයිලෙවල් පාර එහෙම වහන්ඩ වෙන්න ඇති නේද මේ සෙනග පාලනය කරන්න. පුදුම සෙනගක්නේ අප්පා. කොහොම උනත් මීට වඩා විශාල ලෙස අය වැයෙන් බඩු මිල අඩු වීමක් ජනතාව අපේක්ෂා කළා. .(රේ)
ජනතාවට දැනෙන සහනයක් දෙන්ටම බැරි නම්, අඩුම ගානේ තිබුන සහන ටිකවත් පවත්වාගෙන යන්ට තිබුන. එජාප රජයන් කෙරෙහි ජනතාවගේ තිබු මිත්‍යා මතයන් මේ අයවැයෙන් බිඳ වැටුණා (බ)
පක්ෂේ පෙරටුගාමී වුණාට ඉදලක තියෙන ඉරටු ගානටවත් සෙනග නැහැ. (ම)
බදු ගෙවන්නන් ගේ මුදලින් නඩත්තුවන නිදහස් අධ්‍යාපනය විනාස කරන්නේ මෙයාල තමයි. මෙහෙම කාලය නාස්තිකරල,ඉන් පස්සේ දියවු දියවු කියලා රැකියා ඉල්ලනවා (ම)
මේ රටේ අහිංසක ජනතාවගේ රැවුල් ගස් විතරක් නෙමේ කොන්ඩ ගසුත් ගිනි අරන් තියන වෙලාවේ ජෙප්පල සළු පිලි ඔතාගෙන සුරුට්ටු පත්තු කරන එක තමයි කරන්නේ. ඇත්තටම දැන් ජෙප්පල ට ජෙප්පලටම එපා වෙලා හති අරිනවා ඇරෙන්න වෙන මොනවාද කරන්නේ. (බ)
මෙයාලා කොහොමද "අයවැය පට්ට ගසන්නේ "? අපි බලමුකෝ (නි)
මෙම යෝජනා ගැන කලබල නොවිය යුතු මුත් ජනයා දැන් බුක්තිවිඳින සහන අඩුකිරීමට කළ යෝජනා ගැන විරෝධය දැක්වීම හොඳය (නි)