
(නිමල කොඩිතුවක්කු)
පරාටේ නීතිය ජුනි 30 වැනි දා මැදියම් රැයෙන් බලාත්මක වීමෙන් ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය ඉතා වේගයෙන් ක්‍රියාත්මක කිරිමට අනුමැතිය හිමිවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
තවදුරටත් ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් මංමුලා නොකර ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සාධනීය විසඳුම් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් - විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පරාටේ නීතිය නැවත සක්‍රීය වීම නිසා අසරණ වන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් සම්බන්ධයෙන් කොළඹ විපක්ෂනායක කාර්්‍යාලයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කවුද ඔය නීතිය මුලින්ම ගෙනාවේ. ඒ කාලේ ඔබතුමාත් පාර්ලිමේන්තුවේ උන්න නේද?
සල්ලි ගත්තනම් ගෙවන්න කියපල්ලා.බොරුවට වාසි ගන්න කයිවාරු ගහන්නේ නැතුව අනෙක මහ බැංකුව සල්ලි අච්චු ගහල නෙවෙයිනේ සල්ලි දුන්නේ .ඔය මහජනතාවගේ තැම්පතු සල්ලි
දැන් අවුරුදු තුනක් විතර පරාටේ නීතිය ක්‍රියාත්මක නොකර ව්‍යාපාරිකයන්ට සහන දුන්නා, ඒ නිසා තව දුරටත් එහෙම කරන්න අවශ්‍ය නැහැ. දිගටම එහෙම සහන දෙන්න ගියහොත් මුල්‍ය ආයතන කඩා වැටෙන්නේ පුළුවන්. ඒක දැනගෙන මෙයා හදන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නයි, ලැජ්ජාවක් ආත්ම ගරුත්වයක් තියා රට ගැනවත් නොහිතන දේශපාලන හිගන්නෙක් මෙයා ! මෙයාලද රට හදන්නේ...
ණය ගත්තා නම් ගෙවන්න ඕනෑ එච්චරයි... මොකෝ ඔයාට තද වෙලා.
හරියට ව්‍යාපාර කරන අය කබලෙන් ළිපට වැටෙන්නේ කොහොමද ,මේක බද්දක්ද නැහැනේ. මේක ණය නොගෙවන අයටයි බලපාන්නෙ, ණය නොගෙවන්නෙ ව්‍යාපාර අඩාල වෙච්ච අය, ඒ අයට රජය පහුගිය දවස්වල යම්යම් එකඟතාවන් වලට එන්න කියල දැනුම් දුන්න.
ඔය නිතීය ගෙනාවේ ප්‍රේමදාස-ජයවර්ධන කාලේ. ඒ කාලේ පියාණන්ගේ නාමයෙන් හරි දැන් අනුර නාමයෙන් වැරැදිලු. ඔයාගේ යාලු නවලෝක මුදලාලි ණය ගෙව්වේ නැති හින්දා නවලෝක සමූහය රජයට යනවා කියලා දුකටද?
අපි දන්න පොරොට ලැබක් නැහැ. අවශ්‍යය හොරකම, දූෂණය, වංචා, හොර සල්ලි අච්චුගැසීම අවම කිරීම පමණයි. පාතාලයද මර්දනය කළ යුතුයි.
ඇපයට තබපු දේපල සින්න වෙන්නේ නැතිනම් බොහෝ දෙනෙක් නය ගෙවීම පැහැර හරිවී , එතකොට බැංකු පද්ධතිය කඩාවැටී කිසිම කෙනෙකුට ණයක් ගන්න බැරිවී ආර්ථිකය කඩා වැටේ. ඉස්සර වගේ නිකන් ජනප්‍රිය දේ කීවාට අලුත් පරම්පරාව ඡන්දේ දෙන්නේ නැති බව ඔබතුමා සිතට ගන්න... අලුත් පරම්පරාව අන්තර්ජාලයේ සැරිසරන පරම්පරාවක්..!