
(යොහාන් භාසුර)
බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපළ පවරාගැනීමේ බලය හිමිවන අත්හිටුවා තිබූ ‘පරාටේ’ නීතිය අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට නැවත බලාත්මක විය.
‘පරාටේ’ නීතිය නැවත බලාත්මක කළහොත් මෙරට කර්මාන්ත කඩාවැටෙන බව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු බොහෝ ව්‍යාපාරිකයන් පෙන්වා දුන් අතර ‘පරාටේ’ නීතිය අවම වශයෙන් තවත් වසරකට අත්හිටුවන ලෙස එහිදී ව්‍යාපාරිකයන් රජයෙන් ඉල්ලා සිටියේය.
‘පරාටේ’ නීතිය සහ එම නීතියත් සමඟ බැංකු කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ කොළඹදී පැවැත්විණි.
එම සාකච්ඡාව ප්‍රගතියකින් තොරව අවසන් වීම නිසා ඊයේ මධ්‍යම රාත්‍රීයෙන් සිට ‘පරාටේ’ නීතිය නැවත බලාත්මක විය.
කෙසේ වෙතත් මෙරට ව්‍යාපාරිකයන් මුහුණදී සිටින ‘පරාටේ’ නීතිය සම්බන්ධ ගැටලුව ඇතුළු ගැටලු පිළිබඳව තවත් සාකච්ඡාවක් මුදල් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී හෙට (2) පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව පත්වීමෙන් පසුව ‘පරාටේ’ නීතිය මාස තුනකට අත්හිටුවූ අතර ඊට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 'පරාටේ’ නීතිය මාස හයකට අත්හිටුවා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දැන් පරාටා වලින් කොත්තු කමු සහෝ...
දැක්මක් නැති රූකඩයක් පාලකයින් වුණාම මෙහෙම දේවල් වෙනවා. ඩෝබිලා මේ ප්‍රශ්නයටත් උත්තරයක් හදලා කියයි...