මෑත ඉතිහාසයේ පැවැති ප්‍රශස්තම මැතිවරණය ලෙස පසුගිය මැතිවරණය ඉතිහාසයට එක් වන නමුත් පරාජිතයන් පත් කිරීම ප්‍රසස්ථ බවට ලොකුම කැළලකියි පැෆරල් සංවිධානය කියයි.
ජනතාව ප්‍රතික්ෂේප කළපිරිස් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවන්නේ නම් මැතිවරණ කුමකට දැයි ජනතාව අතර සංවාදයක් මතුව ඇතැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
කෙසේ වෙතත් සමහර අපේක්ෂකයන් පරාජය වූයේ නුසුදුස්සන් නිසාමදැයි විමසිය යුතුව ඇති බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට තමන්ගේ නායකයා තෝරාගන්න පුළුවන් තරම් දැනීමක් තියනවනම් 2010 මහා මැතිවරණයේදී කරු ජයසුරිය මහත්තයට වැඩිය පබාට වැඩිපුර මනාප ලැබෙයිද . මම හිතන්නේ 80,000 කට කිට්ටු ගණනක්. මේ සියලුම දෙනා නුගත් අයද? . මේ අතර දොස්තර වරු ඉංජිනේරුවෝ , ආචාර්ය, මහාචාර්ය වරුන්ගේ ඡන්දත් ඇති. මේක තමයි අපේ මිනිස්සුන්ගේ තත්වය. (බ)
පරජිතය්න්ව ජනතාව පරාජය කලේ පස්ස දොරින් ඇතුල් වෙන්න නෙවේ. ඔවුන්ව යලිත් ගන්නවා කියන්නේ ජනතා පරමාදිපත්‍ය හැල්ලුවට ලක් කිරීමකි. කොලේ හංගා ගැසීමකි. කොටින්ම කියනවානම් ප්‍රසිද්ධියේ අපිට ඇරිමකි. (ම)
ඇත්තටම පරාජිතයන් ගැනීම නොකළ යුතුව තිබුණා. සාපේක්ෂව ගතහොත් දැන් එජාපයේ බුද්ධිමතුන් කිහිප දෙනෙක් සිටිනවා. එය ද හොඳ ප්‍රවනතාවයක්. (බ)
පරාජිතයින් ගැනීම ශ්‍රී ලංකා නීතියට අනුව වලංගු නම් පැෆරල් සංවිධානයට විරුද්ධව යුතුයි. රටේ නීතිය අභියෝගයට ලක් කිරීම ගැන (ම)
එකනේ ඉතින් අපිත් අහන්නේ...(ම)
පරාජය වූයේ නුසුදුස්සන් නිසාම දැයි යන්න විමසනවාට වඩා ඔවුන් පාර්ලිමේන්තු වරම් ලැබීමට සුදුසුකම් ලැබුවේ නැත යන්න විමසීම වටී.(ම)
ජන්ද නැත්නම් පැෆෙරල් මොකටද ?(නදී)
මේ සදහා නව නීති සෑදිය යුතු වේ (නදී)
පරාජිතයන් රටට සහ පක්ෂයට අවශ්‍ය නම් මෙසේ ලිස්ට් එකෙන් ගත්තට වරදක් නැහැ නීතියටත් එකගයි වෙනත් පක්ෂයකින් මුදලට ගන්න එක ඉතා බරපතල කරුණකි.(හේ)
මෙහෙම කරනවානම් අපරාදේ ජන්දෙට වියදම් කරපු ස්ල්ලි. ඇඩ් වලට වියදම් කරපුව ඉතිරි කළානම් දුප්පත් මිනිස්සු දාහකට වැඩියෙන් ගෙවල් දෙන්න තිබුන. (බ)
මේ අය ගන්න ඕනේ නම් ඡන්දයක් තියන්න ඕනි නෑනේ.හේ)
මෙහෙම අය ගන්නවානම් අපි දුන්න ඡන්දෙනුත් වැඩක් නැතුව යනවනේ.(හේ)
මෙහෙම පරාජිතයන් ගන්නවා නම් චන්දයකට වියදම් කලේ අපරාදේ. (හේ)
මහින්ද කල්ලි නිසා ,අපේ හොඳ කීප දෙනෙක් පාර්ලිමේන්තුවෙන් අයින් වුනා. ඒ ගොල්ල ගන්න එක වැරැද්දක් නැහැ. (නදී)
කතාව සහතික ඇත්ත. (හේ)
මේ සේරම නිකන් බොරු කතා පරාජිතයන් හෝ ලිස්ට් එකෙන් හෝ මොන විදිහට ගත්තත් ජනතාවට ලැබෙන්නේ එකම දේ. ඔය පරාජිතයන් පාර්ලිමේන්තුව තුළ යම් හඩක් මතුකරාවී. නමුත් ලිස්ට් එකෙන් එන මිනිස්සු ඔහේ ඉදගන ඉදල ගෙදර යනවා. මේ ක්‍රමවේදයේදී ජය හෝ පරාජයෙන් සුදුස්සන් හොයන්න බැහැ. එ්ක තේරුම් අරගන ඡන්ද දෙන්න තරම් මේ මිනිස්සුන්ගේ මොලේ මෝරලා නැහැ. (බ)