( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ ප්‍රජා ශාලාවක සිවිලිමේ සඟවා තිබූ රුපියල් ලක්ෂ 60 කට අධික වටිනා හොරොයින් මත්කුඩු තොගයක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
එම ස්ථානයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 600 කට අධික ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන කිසියම් පුද්ගලයකු ප්‍රජා ශාලාවේ පිටත සිවිලිමේ මේවා සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මත් කුඩු තොගය බොරැල්ල පොලිසිය වෙත භාරදී ඇත
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ප්‍රජා ශාලාවක සීවිලිමේ ලක්ෂ 60 ක මත් කුඩු