IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ප්‍රජා වොලිබෝල් අභියෝගතා ශූරතාවයට ශ්‍රී ලන්කන් ලයන්ස් කණ්ඩායමත්

1

 

එමීර් කුසලාන වොලිබෝල් තරගාවලියට සමාගාමීව කටාර් වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන ප්‍රජා වොලිබෝල් අභියෝග ශූරතාව 2016 තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලන්කන්ස් ක්‍රීඩා සමාජයට ආරාධනා ලැබී තිබේ.


තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පිලිපීනය හා නේපාලය යන රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් හතරක් තරග වදින අතර තරගකාරීත්වය වැඩි කිරීමේ අරමුණෙන් අදාල රටෙහි ජාතික වොලිබෝල් කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන් තිදෙනෙකු බැගින් සහභාගි කරගැනීමට කටාර් වොලිබෝල් සංගමය අවසර දී ඇත.


ඒ අනුව ශ්‍රී ලංකන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ නායක, උස පන්දු ප්‍රහාරක ජනිත සුරත්, උස පන්දු ප්‍රහාරක ගයාන් මධුශංක, පන්දු ඔසවන ක්‍රීඩක කසුන් චතුරංග සමග දැනට ශ්‍රී ලංකන්ස් කණ්ඩායමේ සිටින ප්‍රබලතම ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත.
ශ්‍රී ලංකන්ස් ක්‍රීඩා සමාජය සහභාගි වන පළමු තරග පිලිපීනය සමග මැයි මස 11 වැනිදා (අඟහරුවාදා) දින පස්වරු 7 ට අල්සාද් අල්-අත්තියා ක්‍රීඩාගාරයේදීත්, දෙවන තරගය ඉන්දියාව සමග 12 වැනිදා (බාදාදා) දින පස්වරු 7 ටද, තෙවැනි තරගය නේපාලය සමග එදිනම පස්වරු 
8.30 ටද අල්-අරාබි ගෘහස්ථ ක්‍රීඩාගාරයේදීත් පැවැත්වෙන අතර අවසාන මහා තරගය මැයි මස 13 වැනි දින පස්වරු 6 ට අල්සාද් අල්-අත්තියා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.


එදිනම ඉතාලිය, කියුබාව, පෝලන්තය, රුසියාව සහ බ්‍රසීලය යන රටවල නියෝජනය කරන ක්‍රීඩකයන් සහභාගි වන එමීර් කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයද පැවැත්වෙනු ඇත.


මෙම තරගාවලිය නැරඹීමට ප්‍රවේශපත්‍ර අවශ්‍ය නොවන අතර පැමිණෙන ප්‍රේක්ෂකයන් අතුරින් කුසපත් ඇදීමෙන් තෝරාගන්නා වාසනාවන්තයන් වෙනුවෙන් වටිනා ත්‍යාග ලබාදීමට කටාර් වොලිබෝල් සංගමය සියලු කටයුතු සූදානම් කර ඇත.


තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 66727759 යන අංකයෙන් දුලිප් ලියනගේ ඇමැතීමෙන් ලබාගත හැක.



අදහස් (0)

ප්‍රජා වොලිබෝල් අභියෝගතා ශූරතාවයට ශ්‍රී ලන්කන් ලයන්ස් කණ්ඩායමත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 111 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site