වෙරෝනා නුවර දක්ෂ වේදිකා නාට්‍යය නිර්ණකරුවකු වන ප්‍රගිත් දුනුවිලගේ නවතම වේදිකා නාට්‍යය දෙවියෙක් ඇවිදින් වෙරෝනා නුවරදි වේදිකා ගත කිරිමට යයි.

 මීට පෙර ඔහු ඉතාලියේදි වෙදිකා ගත කළ ‘මෙරු, ‘යන්න දෙන්න බෑහෑ, යකෙක් බැදන් යන වේදිකා නාට්‍යය  අතිශයින් ජනප්‍රිය විය.

1989දි ජාතික තරුණසේවා සභාව විසින් සංවිධානය කළ යොවුන්පුර නාට්‍යය සම්මාන උළෙලේදි ඔහු කළ හොඳම පිටපත් රචනය, හොදම නළුවා, හොදම සහය නළුවා, අංග රචනය, වේදිකා සෑරසිලි, හා හොදම නාට්යට හිමි විශේෂ සම්මාන හයක් දිනා ගත් බවත් ජයලත් මනෝරත්න, ජැක්සන් ඈන්තනි වැනි ප්‍රවින නාට්‍යකරුවන්ගේ වැඩමුළු වලින් ලැබු පන්නරයෙන් තමා වේදිකාවට පිවිසි බව දුනුවිල කියයි.

 ප්‍රවින නාට්‍යයකරුවෙකු වන ජයලාල් රෝහණ මහතා කියනුයේ කකුල් දෙකට ජොලියක් දෙන හරයක් නෑති බොලද වෑඩසටහන් විදෙස් ශ්‍රි ලාංකික සමාජයේ දකින්න ඇති මොහොතක ප්‍රගිත් දුනුවිලඅ උඩුගම් බලා පිහිණිමට ගන්නා උත්සාහයේදී  තමා සුබ පතන බවයි.

මමත් රොඩ්නි වර්ණකුලත් ආනන්දය හා ප්‍රඥ්ඥාව එක්කල අපේ අලුත් නාට්‍යය අරන් ලගදීම වෙරෝනා නුවරට එනවා. ඒ ආවාම ප්‍රගිත් දුනුවිල වගේ නාට්‍යකරුවන්ට අපෙන් ලබා දෙන්න පුලුවන් උපරිම දේ ලබා දෙන්න අපි උත්සහා කරනවා. ජයලාල් රෝහණ එසේ කියයි.