මුලික පරිගණක අධ්‍යාපනයෙන් එහා ගිය ජාත්‍යන්තර මට්ටමේ දැනුම් ආර්ථිකයක් ගොඩනැගිය හැකි පරිගණක හා තොරතුරු තාක්‍ෂණ විෂයය මාලාවක් ඉතා ඉක්මනින් හඳුන්වා දිය යුතු යැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ශූර තරඟයේ ජය සංකේත ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් ග්‍රේරු මහතා මේ බව කීය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු සන්නිවේදන ශාඛාව, ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ කර්මාන්ත කරුවන්ගේ එකමුතුව හා ශ්‍රී ලංකා පරිගණක සමාජය පස්වන වරටත් මෙය සංවිධානය කළේය. කොළඹ විශ්ව විද්‍යාලයීය නව කලාගාරයේදී පාසල් සිසුන් 210 ක් සඳහා මෙහිදී ජය සංකේත ද මෙහිදී ප්‍රදානය කෙරිණි.
අදහස් දැක්වූ මොහාන් ලාල් ග්‍රේරු මහතා,
‘වර්තමාන ඉන්දියාවේ බැංගලෝරය වැනි ප්‍රදේශයක පවා පරිගණක හා තොරතුරු තාක්‍ෂණය ප්‍රයෝජනයට ගෙන මුලු ලෝකයම දිනා ගන්න සමත් වෙලා තිබෙනවා. ඒ හරහා ඩොලර් මිලියන ගණන් විදේශ විනිමය ප්‍රමාණයක් ඉන්දියාවට උපයා ගැනීමට ප්‍රදේශයේ පරිගණක සමාගම් වලට හැකි වෙලා තිබෙනවා. ඒ අතින් බලන කොට අප රටේ තොරතුරු තාක්‍ෂණ දියුණුව තව බොහෝ දුර යා යුතුයි.
ශ්‍රී ලංකාවේ පරිගණක සාක්‍ෂරතාවය 2005 වන විට සියයට තිස් පහක් වුනත් ප්‍රමාණයක් වුනත් අද වන විට එය 75% දක්වා සමීපයට පැමිණ තිබෙනවා.
සියලු උපාධිධාරී ගුරුවරුන් නගරයේ පාසල් වලට එන්න උත්සාහා කරනවා. එයින් මේ ඈත ගම්මාන වල අහිංසක දරුවන් අසරණ වෙලා. නිදහස් අධ්‍යාපනයට ගරු කිරීමක් වශයෙන් අඩුම වශයෙන් වසර පහක් වත් ඈත ගම්මාන වලටත් ගිහින් ඒ දරුවන්ටත් තොරතුරු තාක්‍ෂණය පරිගණක, දැනුම බෙදා දෙන්න ධෛර්යමත්ව ඉදිරිපත් වන්නැයි මා උපාධිධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වැන්නෙකු අධ්‍යාපනයට එකතු වීම දරුවන්ගේ සුබ සිහින සැබෑවීමක පෙර සලකුණකි.(නදී)
කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය ඔබ තුමාවත් අවම කරන්න.(නදී)
අධ්‍යාපන ඇමතිතුමා විය යුත්තේ ඔබයි.(නදී)
තොරතුරු තාක්‍ෂණය ලංකාවේ දියුණු කරන්න හදන විදිහ ගැන කතිකාවක් ඇති කරන්න. දැන් යන විදිහට ඉංග්‍රීසි භාෂාව බැරි කලා වාගේ මේකත් බැරි කරන්න තමයි හදන්නේ. මාෆියාව තේරුම් ගන්න. මවා ගෙන ඉන්න නිලධාරීන් ගැන සොයා බලන්න. මෙය අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක් නොවේ. (නදී)
ඔයාගෙත් කතාව විතරයි වැඩ නැහැනේ. පුලුවන්නම් අඩුතරමින් එකක්හරි කරලා පෙන්වන්න. (අ)
ඔබතුමාගෙන් රටට වැඩක් වෙයි වගේ.(නදී)