එල්එස්ඩී මත්ද්‍රව්‍ය උපාධි අපේක්ෂකයන් අතර වැඩිපුරම අලෙවි කළැයි සැකපිට නිට්ටඹූවේ කළණ සොයිසා අත්තනගල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා විසින් ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ලිසර්ජික් ඇසිඩ් ඩයතලමයිඩ් (එල්එස්ඩී) නම් කෘත්‍රිම මත්ද්‍රව්‍ය පරිගණක සිසුන් හැත්තෑ දෙනෙකු අතර බෙදා දුන්නැයි කියන පරිගණක උපාධි අපේක්ෂක සොයිසා (23) සුරාබදු මෙහෙයුම් අංශයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
වෙස්වලාගත් සුරාබදු නිලධරයකු පරිගණක නිලධරයකු ලෙස ඔහු සමඟ මිත්‍රවී සිටිමින් නිට්ටඹුවේ දී අත්අඩංගුවට ගත් බව සුරාබුදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී.ගුණවර්ධන හා නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් පුෂ්පකුමාර ද සිල්වා මෙම මෙහෙයුම සාර්ථක කළ බව කියති.
එල්එස්ඩී කැබැල්ලක් රුපියල් දෙදහස බැගින් සිසුන් 70 දෙනෙකුට විකුණා ඇත. ඔහු ඇමෙරිකාවෙන් අන්තර්ජාලය ඔස්සේ හත් වරක් ඇණවුම් කර එල්එස්ඩී ලංකාවේ විකුණා ඇති බව කියති.
ඔහු පරිගණක තොරතුරු තාක්ෂණ හා අන්තර්ජාල පිළිබඳ තුන්වන වසරේ උපාධි අපේක්ෂකයකු බව සොයාගෙන ඇත.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ
![IMG_20160420_095403[1][1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/IMG_20160420_09540311.jpg)
![IMG_20160420_104036[1][1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/IMG_20160420_10403611.jpg)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කන්ට මලු පිටින් ගෙනවිත් කිලෝ ගණන් විකුණන්න හොඳ නම් අපිටත් මොකද කියලා හිතලා වියදමට සල්ලි ටිකක් හොයාගන්න ජාවාරම සුළුවෙන් පටන්ගන්න ඇති. (නි)
අර කිව්වත් වගේ තොග පිටින් ගෙන්වන ලොක්කන්ව අල්ලන්න උපාය මාර්ග හීනවෙලා ඇති. කොල්ලා වැඩකාරයෙක් වුණත් කරලා තියෙන වැඩේ හොඳ මදි. (නි)
අනේ මන්දා අද කාලේ ළමයින්ටත් මොනවා වෙලාද කියලා (නි)
අනිවාර්යයෙන්ම මරණ දඬුවම දිය යුතුයි. (හේ)