කථිකාචාර්යවරියන්ට අනිසි බලපෑම් කළැයි ද සිසුන්ගේ විභාග කටයුතුවලදී පෞද්ගලික හේතු මත කටයුතු කළැයි ද, පරිපාලන අක්‍රමිකතා හා අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සාමාජිකයන්ට බලපෑම් කළැයිද කියන පැමිණිලි ගැන පරීක්ෂණ අවසන් වනතුරු කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශාධිපති ආචාර්ය ප්‍රදීප් එන්.වීරසිංහ සිය තනතුරේ වැඩකටයුතුවලින් තාවකාලිකව ඉවත් කර ඇත.
ඔහු ඉවත් කරමින් උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක ශ්‍රී පාලි මණ්ඩපයට යැවූ ලිපිය ලැබී ඇතැයි මණ්ඩපාධිපති ආචාර්ය රංජන් හෙට්ටිආරච්චි කියයි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ කමිටුවක්ද පත්කර ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයීය ආරංචි කියයි.
2009/2010 කණ්ඩායමේ ශිෂ්‍යයකුගේ විභාග කටයුතුවලදී නොසැලකිලිමත් ලෙස ක්‍රියා කිරීම හෝ ද්වේෂ සහගත ලෙස අසමත් කිරීම යන චෝදනා එල්ල කරමින් එම සිසුවා උපකුලපතිට පෙත්සමකින්ද කරුණු දක්වා ඇති අතර සුදුසුකම් නොමැති සිය හිතවත් සිසුවියන් දෙදෙනකුට කථිකාචාර්ය තනතුරු දීමට උත්සාහ කර ඇති බවට ආචාර්ය වීරසිංහට එරෙහි පැමිණිලිවල දැක්වෙතියි කියති.
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ආචාර්ය ප්‍රදීප් වීරසිංහ සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද කරුවකු වුවොත් කුමක් සිදුවේද?(හේ)
මෙයා වැඩ දැක්කම අැඳුරුතුමෙක් කියලා කියන්න බෑ.(හේ)
චෝදනා ඔප්පුවුවහොත් උපරිම දඬුවම් දෙන්න (නි)
හොඳ තීරණයක්! (නි)
දැන් විශ්ව විද්‍යාල වල ඔය වගේ ආචාර්යවරු ගොඩක් ඉන්නවා. පේපර් හදන්නෙත් එයාලා, බලන්නෙත් එයාලා, උගන්වන්නේත් එයාලා. (නි)
හොද තීරණයක්.ඔයදේම තමා හැමදාමත් පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වුණොත්, (ම)
බණ්ඩාර, ඉතින් පේපර් ඒගොල්ලෝ හදන්නේ නැත්නම් කවුද හදන්න ඕනෑ? ඔයාද? ඔයා විශ්ව විද්‍යාලයක් ළඟටවත් ගිහින් නැතුවා වගේ. (නි)
හොඳ තීරණයක්. (ර)
දැන් කාලයේ ඔයවගේ උගතුන්ගේ ශීලාචාරකම ගැන අපි හොඳින් දන්නවා. මගේ ඥාති දුවගේ කණ්ඩායමේ සිසුවියකට එහෙම ආචාරියෙක් නිසා නිකම්ම පන්ති සාමාර්ථයක් හිමි වුණා. (නි)
ඔය දේම මගේ දුවටත් වුණේ කැලණිය සරසවියේ (බ)
මන් 2008/2009 බැජ් එකේ... මම හිතන්නේ තීරණේ සාධාරණයි..(කෞ)
සත්‍යා, ඒත් ඔයා දන්නවද විනයක් නැති පාලනය මේවට මුල්වූ වග? (නි)
වැඩ තහනමට ලක් වන්නේ නැද්ද?(හේ)
මේ වගේ අය උගතුන් නොවෙයි ,කටපාඩම් කර විභාග සමත් වුවන්. (ර)