IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පරීක්ෂණ නිමවන තෙක් සරසවි ඇදුරාගේ වැඩ අත්හිටුවයි

කථිකාචාර්යවරියන්ට අනිසි බලපෑම් කළැයි ද සිසුන්ගේ විභාග කටයුතුවලදී පෞද්ගලික හේතු මත කටයුතු කළැයි ද, පරිපාලන අක්‍රමිකතා හා අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සාමාජිකයන්ට බලපෑම් කළැයිද  කියන පැමිණිලි ගැන පරීක්ෂණ අවසන් වනතුරු කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශාධිපති ආචාර්ය ප්‍රදීප් එන්.වීරසිංහ සිය තනතුරේ වැඩකටයුතුවලින් තාවකාලිකව ඉවත් කර ඇත.

ඔහු ඉවත් කරමින් උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක ශ්‍රී පාලි මණ්ඩපයට යැවූ ලිපිය ලැබී ඇතැයි මණ්ඩපාධිපති ආචාර්ය රංජන් හෙට්ටිආරච්චි කියයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ කමිටුවක්ද පත්කර ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයීය ආරංචි කියයි.

2009/2010 කණ්ඩායමේ ශිෂ්‍යයකුගේ විභාග කටයුතුවලදී නොසැලකිලිමත් ලෙස ක්‍රියා කිරීම හෝ ද්වේෂ සහගත ලෙස අසමත් කිරීම යන චෝදනා එල්ල කරමින් එම සිසුවා උපකුලපතිට පෙත්සමකින්ද කරුණු දක්වා ඇති අතර සුදුසුකම් නොමැති සිය හිතවත් සිසුවියන් දෙදෙනකුට කථිකාචාර්ය තනතුරු දීමට උත්සාහ කර ඇති බවට ආචාර්ය වීරසිංහට එරෙහි පැමිණිලිවල දැක්වෙතියි කියති.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ආචාර්ය ප්‍රදීප් වීරසිංහ සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.



අදහස් (0)

පරීක්ෂණ නිමවන තෙක් සරසවි ඇදුරාගේ වැඩ අත්හිටුවයි

සමන් Friday, 04 March 2016 11:58 AM

වරද කරුවකු වුවොත් කුමක් සිදුවේද?(හේ)

:       0       0

පෙරුමාල් Friday, 04 March 2016 11:58 AM

මෙයා වැඩ දැක්කම අැඳුරුතුමෙක් කියලා කියන්න බෑ.(හේ)

:       0       0

යටවත්ත Friday, 04 March 2016 06:32 AM

චෝදනා ඔප්පුවුවහොත් උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

කුමාර Friday, 04 March 2016 06:33 AM

හොඳ තීරණයක්! (නි)

:       0       0

බණ්ඩාර Friday, 04 March 2016 06:43 AM

දැන් විශ්ව විද්‍යාල වල ඔය වගේ ආචාර්යවරු ගොඩක් ඉන්නවා. පේපර් හදන්නෙත් එයාලා, බලන්නෙත් එයාලා, උගන්වන්නේත් එයාලා. (නි)

:       0       0

සත්‍යා Friday, 04 March 2016 06:48 AM

හොද තීරණයක්.ඔයදේම තමා හැමදාමත් පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වුණොත්, (ම)

:       0       0

ජයන්ත Friday, 04 March 2016 07:00 AM

බණ්ඩාර, ඉතින් පේපර් ඒගොල්ලෝ හදන්නේ නැත්නම් කවුද හදන්න ඕනෑ? ඔයාද? ඔයා විශ්ව විද්‍යාලයක් ළඟටවත් ගිහින් නැතුවා වගේ. (නි)

:       0       0

අමල් Friday, 04 March 2016 08:21 AM

හොඳ තීරණයක්. (ර)

:       0       0

රවී Friday, 04 March 2016 08:55 AM

දැන් කාලයේ ඔයවගේ උගතුන්ගේ ශීලාචාරකම ගැන අපි හොඳින් දන්නවා. මගේ ඥාති දුවගේ කණ්ඩායමේ සිසුවියකට එහෙම ආචාරියෙක් නිසා නිකම්ම පන්ති සාමාර්ථයක් හිමි වුණා. (නි)

:       0       0

ගුණසිංහ Friday, 04 March 2016 09:25 AM

ඔය දේම මගේ දුවටත් වුණේ කැලණිය සරසවියේ (බ)

:       0       0

ජයලත් Friday, 04 March 2016 04:04 PM

මන් 2008/2009 බැජ් එකේ... මම හිතන්නේ තීරණේ සාධාරණයි..(කෞ)

:       0       0

ප්‍රීති Friday, 04 March 2016 09:41 AM

සත්‍යා, ඒත් ඔයා දන්නවද විනයක් නැති පාලනය මේවට මුල්වූ වග? (නි)

:       0       0

නලීන් Friday, 04 March 2016 10:04 AM

වැඩ තහනමට ලක් වන්නේ නැද්ද?(හේ)

:       0       0

ඩීබී Friday, 04 March 2016 10:40 AM

මේ වගේ අය උගතුන් නොවෙයි ,කටපාඩම් කර විභාග සමත් වුවන්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site