අන්තර් පාසල් වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ මහනුවර ධර්මරාජ, කොළඹ ශාන්ත ජෝශප් සහ ඉසිපතන යන විදුහල් සහභාගි වන රග්බි තරග පේ‍්‍රක්‍ෂකයන්ගෙන් තොරව පවත්වන්නේ නම් විනිසුරුවන්ගේ සේවය ලබාදීමට ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයේ විධායක කමිටුව තීරණය කර තිබේ.
ධර්මරාජ විදුහල සහ ශාන්ත ජෝශප් විදුහල අතර පසුගිය සතියේ පැවැති තරගය අවසානයේ පේ‍්‍රක්‍ෂකයන් පිරිසක් විනිසුරුවන්ට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් විනිසුරුවෝ පාසල් රග්බි තරගවලින් ඉවත්වීම හේතුවෙන් පසුගිය සතියේ සෙසු තරග පැවැත්වීමට ද නොහැකි විය.
කී‍්‍රඩකයන්ගේ දෙමව්පියන්ද තරගයට නොපාමිණිය යුතුයැයි විනිසුරුවරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධනුක හරි (නි)
ප්‍රේක්ෂකයන් නොමැති තරගයකට වඩා විනිසුරුවන් නොමැති තරගයක් බොහෝ ආකර්ශනීය වනු ඇත. (නි)
හොද තිරණයක් එහෙම කෙලින් ඉන්න වෙනවා විනිසුරුවන්ට. මෙයාලා තාම පාසල් ළමයි කියලා දැන ගන්න ඕනේ.(නදී)
ඉසිපතන එක සෙල්ලම් කරනවා නම් කල් තියාම රෝහලක් සූදානම් කරගන්න... පැරදීගෙන එනකොට ඉසිපතනෙ කට්ටියගේ අතපය ටිකක් වැඩිපුර එහෙට මෙහෙට විසි වෙන්න ගන්නවා...(ස)
ඕක නවත්තලාම දැම්මා නම් හරිනේ.පේ‍්‍රක්‍ෂකයන්ගෙන් තොර තරග මොනවාට පවත්වනවාද ? ත්‍රස්තවාදය පරාජය කල රටකට ඔය වගේ සිද්දියක් පාලනය කරන්න බැරීද ? (ස)
නදී හරි. කරන්න තියන තව හොද දෙයක් තමයි, එකම පාසලේ ම කණ්ඩායම් දෙකක් හදාගෙන සෙල්ලම් කිරීම.(ස)
කවුද එතකොට බලන්නේ තරඟය (දී)
මේක ලොකු විහිළුවක්.විනිසුරුවරුන් අමු අමුවේ නීති උල්ලංගනය කරනවා. ඒවාට මොනවද මෙය සංගමය අරන් තියන තීරණ ? (ස)
රාජන්ස් කොල්ලෝ දිනන එක නවත්තන්න මේ පාර බැහැ. අපේ කොල්ලන්ට බුදු සරණයි! (නි)
මමනම් හිතන්නේ මේක ප්‍රශ්නයට විසදුමක් නොවෙයි (දී)